දවස උණුසුම් වතුර වීදුරුවක් සහ කෙසෙල් ගෙඩියක් සමඟ ආරම්භ කිරීමේ ප්‍රතිලාභ

September 28, 2020
4,806
Benefits to have a banana and warm water in the morning
සමහර අයට උදේ ආහාරය නොමැතිව දවස ආරම්භ කළ නොහැකි අතර අනෙක් අයට උදේ පාන්දර කිසිවක් කන්න බැහැ. ඔයා දෙවන ගණයට අයත්ද? අදින් පසු සෑම උදෑසනකම උණුසුම් වතුර වීදුරුවක් සමග කෙසෙල් ගෙඩියක් ආහාරයට ගෙන දවස ආරම්භ කිරීමට උත්සාහ කරන්න. එයට හේතුව එමගින් ඔයාගේ ශරීරයට මෙන්න මේ වගේ ධනාත්මක බලපෑමක් ඇති කරන නිසයි..

උදෑසන ආහාරයේ වැදගත්කම
බොහෝ දෙනෙක් උදේ ආහාරය ගැනීම මග හරිනවා. හුඟාක් වෙලාවට උදේ ආහාරය කෝපි හෝ තේ කෝප්පයකට සිමා වෙනවද? උදේ ආහාරය ගැනීම වැදගත් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. දවස පටන් ගන්න උදැසන ආහාරය ඉතා වැදගත්. උදැසන ඔයාගේ බඩට කිසිදු ආහාරයක් ලැබුණේ නැති නම් මුළු දවස පුරාම ප්‍රබෝදවත්ව සිටින්න බැහැ.  දිවා කාලයේදී වඩා හොඳින් ක්‍රියාකාරී වීමට අවශ්‍ය නම්, උදේට ඔයාගේ ශරීරයට ඉන්ධන සැපයීම වැදගත්ය.

වැදගත් පෝෂ්‍ය පදාර්ථ
උදේ ආහාරය තුළින් ඔයාට වැදගත් පෝෂ්‍ය පදාර්ථ සිරුරට ලැබෙනවා. උදේ ආහාරය මගින් ආහාර ජීර්ණය උදෑසන ආරම්භ කරන අතර ඔයාගේ ශරීරය දිවා කාලයේදී ඔයාට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වඩාත් පහසුවෙන් අවශෝෂණය කර ගන්නවා. උදේ ආහාරය රස විදින අය උදේ ආහාරය නොගන්නා අයට වඩා විටමින් හා ඛනිජ ලවණ අවශෝෂණය කර ගන්නා බව සොයා ගෙන තියෙනවා.
 
උණුසුම් ජලය සහ කෙසෙල් ගෙඩියක්
සෑම උදෑසනකම උණුසුම් ජලය වීදුරුවක් සමඟ කෙසෙල් ගෙඩියකින් දවස ආරම්භ කිරීමේදී බර අඩු කර ගැනීම පහසු කරනවා. එයට හේතුව කෙසෙල් ආහාර දිරවීම උත්තේජනය කරන අතර පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කිරීමට උපකාරී වෙනවා.  කෙසෙල් වල ඇති තන්තු ජීර්ණය ක්‍රියාවලියට උපකාරී කරනවා. උණුසුම් ජලය වීදුරුවක් සීතල වතුර වීදුරුවකට වඩා හොඳයි, මන්ද උදෑසනට ඔබේ උදරය ශරීර උෂ්ණත්වයේ පවතින බැවින් හිස් බඩට එය පානය කරන විට අභ්‍යන්තර ශරීරයට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ.

බර අඩු කර ගැනීමට උපකාරී වෙනවා
මෙම උදෑසන ආහාරය ඔබේ සෞඛ්‍ය සම්පන්න උදේ ආහාර වේල සමඟ දවසේ ඉතිරි කාලය සමඟ සම්බන්ද කරන්න, ප්‍රමාණවත් ලෙස ව්‍යායාම කරන්න, මත්පැන් පානය අඩු කරන්න. ඒ පුරුකු හරහා ඔබේ ශරීරයේ  බර අඩු කර ගැනීමේ අවශ්‍යතාවය  උත්තේජනය කරන බව ඔබට පෙනෙයි . උදේට කෙසෙල් ගෙඩියක් කෑවමත් විශාල වාසියක් ලැබෙනවා. ඊට අමතරව, එය කාබෝහයිඩ්‍රේට් අවශෝෂණයද අර්ධ වශයෙන් අවහිර කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1848 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:31:52 PM
Script:/article/1848/benefits-to-have-a-banana-and-warm-water-in-the-morning.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:31:52 PM
Script:/article/1848/benefits-to-have-a-banana-and-warm-water-in-the-morning.html