චොක්ලට් මග් කේක්

January 30, 2019
364
Chocolate Mug Cake Recipe
මයික්‍රෝවේව් එකේ හදන මේ මග් කේක් එක හදන්න යන්නේ විනාඩි 15යි. ලේසි රසවත් බිත්තර රහිත මේ චොක්ලට් කේක් එක හදලා රස බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය :

පාන්පිටි කෝප්ප 1/4
සීනි කෝප්ප 1/4
කොකෝවා පවුඩර් මේස හැඳි 3
ලුණු තේ හැඳි 1/4
කිරි කෝප්ප 1/4
ලුණු රහිත දිය කර ගත් බටර් කෝප්ප 1/4
වැනිලා තේ හැඳි 1/2
කුඩාවට කපා ගත් සෙමි ස්වීට් චොක්ලට් කෝප්ප 1/4

සාදන ක්‍රමය :

01. බෝල් එකක පිටි, සීනි, කොකෝවා පවුඩර් සහ ලුණු මිශ්‍ර කරන්න.

02. එයට කිරි, බටර් සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න.

03. චොක්ලට් කැබලි ටික එකතු කර කලවම් කරන්න.

04. දැන් මිශ්‍රනය මයික්‍රෝවේව් එකට ඔරොත්තු දෙන කෝප්ප 2කට සමානව දමන්න. එය මතට කුඩා කොටුවට කපාගත් චොක්ලට් කැබලි ටිකක් ඉස ගන්න.

05. කෝප්ප දෙක මයික්‍රෝවේ එකේ ඉහල උෂ්ණත්වයේ විනාඩි 2ක් පිස ගන්න. කෝප්ප දෙක එළියට ගෙන විනාඩි 10ක් නිවෙන්නට හැර රසවිඳින්න.

Related Articles

Featured Articles

Trending Articles


අපේ ජනප්‍රියම ලිපි

What happens to your body when you stay fasting too long
   1,398
   520

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ සිදු වන වෙනස් වීම්

ඕනෑකමින් නිරාහාරව සිටීමෙන් ඔයාගේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීම් කිහිපයක්
Children calling out and getting out of bed
   580
   422

දරුවන්ව තනියම නිදාගන්න පුරුදු කරන එක ලොකු ප්‍රශ්නයක් ද?

දෙමාපියන්ට ඇතිවෙන ලොකුම ප්‍රශ්නේ තමයි දරුවන් නින්දෙන් ඇහැරිලා නිතර නිතර දෙමාපියන්ට කතා කරන එක
Ala Bonda Recipe
   284
   67

අල බොන්ඩා

ගෙදරදීම ලේසින් පිරිසිදුව අල බොන්ඩා හදමු
Symptoms to say you are pregnant
   10,995
   53

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
It is very important to recognise these changes
   1,313
   29

දෙමාපියන් දරුවන්ගේ මේ වෙනස නම් අඳුරගන්න එක බොහොම වැදගත්

දරුවට වෙහෙසක් දැනුන අවස්ථාවට එයා හැසිරෙන විදිහ ගැන වගේම අපිට ඒක පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් විදි ගැන

Latest Articles

Most Viwed