රසවත් පොලොස් ඇඹුලක් හදාගමු

January 24, 2017
14,487
Polos Curry (Sri Lankan Baby Jackfruit Curry) recipe
කපා ගත් පොලොස් 500g
තක්කාලී ගෙඩි 1
රතු ළූණු ගෙඩි 10ක්
ගොරකා කැබලි 3/4ක්
කහ කුඩු ස්වල්පයක්
අමු තුනපහ මේස හැදි 2ක්
මිරිස් කුඩු මේස හැදි 1ක්
බැදපු තුනපහ මේස හැදි 2ක්
ඉගුරු මේස හැදි 1ක්
සුදු ලූණූ මේස හැදි 1ක්
ලුණු කුඩු අවශයය පදමට
අමු මිරිස් කරල් 2ක්
රම්පෙ, කරපින්චා
කරදමුංගු ඇට 5ක්
කරාබු නැටි 2ක්
උම්බලකඩ මේස හැදි 1ක්
පොල් කිරි අඬු කෝප්ප 1
මිටි කිරි හෝ වතුර 500ml
තෙල් මේස හැදි 4ක්
උළු හාල් හා අබ ඇට තේ හැදී 1ක්
සේර කැබැල්ලක්
ගම්මිරිස් තේ හැදි 1ක්
(කුළු බඩු වල ප්‍රමාණය ඔබගේ රසයට අනුව අඩු වැඩි කර ගත හැක)

මුලින්ම මැටි හට්ටියක් ලිප තබා මදක් රත් වූ පසු තෙල් දමාගන්න. තෙල් රත් වු පසු එයට අබ ඇට දමා පුපුරන විට උළු හාල්, ඉගුරු, සුදු ළූණු, රම්පෙ, කරපිංචා, රතුළූණු, අමු මිරිස්, උම්බලකඩ දමා රන්වන් පැහැ වන තුරු පිසගන්න. අනතුරුව කරදමුංගු,කරාබු නැටි, තුනපහ, මිරිස්, කහ කුඩු, සේර, ගොරකා, ලුණු කුඩු එක්කර එය බැදීගෙන එන විට පොලොස් දමා හොදින් කවලම් කර ගන්න. ඉන් පසු ජලය හෝ දිය කිරි දමා මද ගින්නේ පැයක් පමන තම්බා ගන්න. මද ගින්නේ තැම්බීමෙන් රසය වැඩි වේ. එයට තක්කාලී එකතු කර ගන්න. පසුව දිය කිරි හිදීගෙන එන විට එයට පොල් කිරි එක් කර ගන්න. පොල් කිරි හොදින් රත් වෙන විට බැදපු තුනපහ කුඩු (කලු කුඩු) දමා ලිපෙන් බාගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 13 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:52 AM
Script:/article/13/polos-curry-sri-lankan-baby-jackfruit-curry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:50:52 AM
Script:/article/13/polos-curry-sri-lankan-baby-jackfruit-curry-recipe.html