ජීවිතේ දිනන්න මේ අයට පුළුවන් උනානම් ඇයි ඔබට බැරි

February 14, 2019
6,986
If they could win the life why can’t you
ඔබේ ජීවිතය වෙනස් කරගන්න. කාන්තාවක් විදිහට ඔබ තුල තියෙන ශක්තිය ඔබම දකින්න හැම අතින්ම ඔබව දිරිමත් කරන මේ ලෝකයේ ජීවත් වුන තවමත් ජිවත්වෙන අපූරු කාන්තා චරිත කිහිපයක් ගැන  තමයි අද අපි ඔබට කියන්නේ. සමහර විට මේ ඔබේ කතාව වෙන්නත් වෙන්න පුළුවන්.

01.  අහිමිවීම් සියල්ල මැද ජීවිතය ජයගත් ඇය

වයස අවුරුදු 17 දී මේ තරුණියව පාසලෙන් ඉවත් කරනවා. අවුරුදු 25 දී ඇයගේ මව මියයනවා. අවුරුදු 26 වෙනකොට ඇයට ගබ්සා වීමකට මුහුණ දෙන්න වෙනවා. ඇය අවුරුදු 27 වෙන විට විවාහ වෙනවා. ගෙවෙන හැම මොහොතකම ඇයට සැමියාගේ හිංසනයට ලක්වෙන්න සිදු වෙනවා මේ අතරතුර ඇයගේ දියණියත් ඉපදෙනවා. අවුරුදු 28 දී ඇය සැමියාගෙන් දික්කසාද වෙනවා. වයස අවුරුදු 29 වන විට ඇය දරුවත් සමග තනි වෙනවා. ජිවත් වෙන එක එන්න එන්නම දුෂ්කර වෙනකොට ඇයට වයස අවුරුදු 30 දී හිතෙනවා දිවිනසා ගන්න. මේ වෙලාවේ ඇය තේරුම් ගන්නවා ජීවිතය නැතිකර ගන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නොවෙන බව. ඇය සතුව තිබුණු විශ්මිත ලිවීමේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඇය පොතක් රචනා කරනවා හැබැයි මේ පොත පොත් ප්‍රකාශක වරුන් ගණනාවක් අතින් ප්‍රතික්ෂේප වෙනවා, නමුත් ඇය උත්සාහය අත්හරින්නේ නැහැ. ඇගේ උත්සාහය නිසාම ඇය වයස අවුරුදු 31 වනවිට තමන්ගේ පළවෙනි පොත ප්‍රකාශයට පත් කරනවා. ඇය වයස අවුරුදු 35 වෙනවිට පොත් හතරක්ම ප්‍රකාශයට පත් කරමින් වසරේ හොඳම රචකයා බවට පත් වෙනවා මේ තමයි ලෝ ප්‍රකට harry potter කතාමාලාව රචනා කල J. K. Rowling ගේ ජීවිත කතාව.

02. අසාධාරණය වෙනුවෙන් නැගීසිටි ඇය

තමන්ගේ මුළු ළමා කාලයම කැප කරන්නේ තමන්ගේ පවුලට ජිවත් වීමට අවශ්‍ය ආහාර සහ ජලය සොයා ගන්න. මේ කතා නායිකාවට සිදු වෙනවා වයස අවුරුදු 5 වන විට තමන්ගේ ජනයා අතර සම්ප්‍රධායක් ලෙස කාන්තාවන්ට සිදු කරන ස්ත්‍රී චර්මච්චේදනයකට ලක් වෙන්න.මේක කොච්චර භයානක දෙයක්ද කියනවා නම් මේ කටයුත්ත නිසා බොහෝ  ගැහැණු දරුවන් මිය යනවා. ජිවත් වීමට වාසනාව ලබන ගැහැණු දරුවන් අඩු වයසින්ම වයසින් වැඩි පිරිමින්ට විවහා කර දෙනවා. අපේ කතා නයිකාවටත් වයස අවුරුදු 13 දී වයසින් වැඩි පුද්ගලයෙක් විවාහ කර දීමට සුදානම් වූ අවස්ථාවේ ඇය නිවසින් පලා යනවා. එදා සිට ඇය ලන්ඩන් නුවරට පැමිණ ලොව ප්‍රසිද්ධ මෝස්‌තර නිරුපිකාවක් වීම දක්වා ගමන් මගේදී ඇය ජිවිතයේ මුහුණ දෙන කරදර ප්‍රමාණය අපිට හිත ගන්නවත් බැරි තරම්. නමුත් මේ කරදර හමුවේ ජිවිතයෙන් පලා නොයන ඇය තමන්ගේ නුගත් ජන සමාජය විසින් තමන්ට අහිමි කල ස්ත්‍රීත්වය නැවත ලබා ගන්නවා. ගැහැණු දරුවන් ස්ත්‍රී චර්මච්චේදනය කිරීම වැලක්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා සම්බන්ධ වී කටයුතු කරනවා. ඇය ඇයට අහිමිවූ ලෝකය නැවත ලබා ගත්තා පමණක් නොවේ ඇය වැනිම කාන්තාවන් දැරියන් වෙනුවෙන් ලොවක් ඉදිරියේ පෙනී සිටියා. ඇය තමයි ලෝ ප්‍රකට ( Desert Flower ) "කාන්තාරයේ කුසුම" කෘතියේ කතා නායිකාව. 

03. නැවතත් ශක්තිමත් වූ ඇය

 කුඩා කාලයේ සිටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන ඇය තරුණියක් වෙන විට ලොවක් හඳුනන තරුවක් බවට පත් වෙනවා. ඇයගේ පෙම්වතා බවට පත් වෙන්නෙත් කුඩා කාලයේ සිටම ගායකයෙක් ලෙස ලොව පූරා ප්‍රසිද්ධියක් ලබාගත් අයෙක්. මේ තරුණිය ඒ තරුණයට තදින් ආදරය කරනවා නමුත් ටික කාලයක් යන විට සියල්ල වෙනස් වෙමින් මොවුන් දෙදෙනාගේ සබඳතාවය බිඳ වැටෙනවා. තරුණියට  ඔහුගේ වෙන්ව යාම දරාගන්න පුළුවන් දෙයක් බවට පත් වෙන්නේ නැහැ. මේ අතර ඇයට ජීවිතය ගැන තිබුන බලාපොරොත්තු සියල්ලම නැති කරමින් දරුණු වකුගඩු අබාධයකට මුහුණ දෙන්න සිදු වෙනවා. බලාපොරොත්තු රහිතව ජීවිතය අත් හරින්න බලා සිටින විට ඇයගේ හොදම යෙහෙළිය ඇය වෙනුවෙන් වකුගඩුවක් ලබාදෙන්න ඉදිරිපත් වෙනවා. මේ සිදුවීම ඇයට නැවතත් ජීවිතය ගැන අලුත් විදිහකට බලන්න මඟ පෙන්වනවා. සැත්කමට මුහුණ දීමෙන් පසු ඇය නැවත්ත තමන්ගේ ඉලක්ක කරා ගමන් කරන්න පටන් ගන්නවා. තමන්ගේ මිතුරිය නිසා ඇය හඳුනා ගන්නවා කාන්තාවක් සතු ශක්තිය. තමන්ගේ මිතුරියට එතරම් විශාල කැප කිරිමක් කරන්න හැකි වුනානම් ඇයට ජීවිතය වැටුන තැනින් ගොඩ ගන්න එක අමාරු දෙයක් නොවන බව ඇය වටහා ගන්නවා අද ඇය නැවතත් ජනප්‍රියයි. පෙරටත් වඩා ජනප්‍රියයි. මේ තමයි ප්‍රසිද්ධ රංගන සහ ගායන ශිල්පී සෙලීනා ගෝමස්ගේ ( Selena Gomez ) ජීවිත කතාව. 

මේ කතා සියල්ල කියවන විට ඔබට ඔබේ ජිවිතයට සමාන සිදුවීම් හමුවෙන්න ඇති. කොහොම වුනත් මේ ඔවුගේ ජීවිත කතාව. ඔබේ ජීවිත කතාව ලියන්නේ ඔබ. අපි හැමෝටම පුළුවන් අවසානයේ අපේ කතාව සුන්දර සාර්ථක එකක් බවට පත්කර ගන්න. ඔබේ ඒ ජීවිත කතාව පුරාවටම ඔබට උර දෙන්න හැම මොහොතකම අරලිය ඔබ ලඟින්ම ඉන්නවා. ඔයා ඔයාගේ කතාවට ලස්සන අවසානයක් ලියන ගමනේදී  මූල්‍ය සහ මූල්‍ය නොවන සේවාවන් රැසක් සමඟින් ඔබට උර දෙන්න අරලිය ඔබ ළඟින්ම ඉන්නවා.  ලෝකය වෙනස් විදිහට දකින්න ඔබට උරදෙන අරලිය ගැන දැනගන්න අවශ්‍ය නම් පහතින් තියෙන ලින්ක් එක click කරන්න. ඔබට අරලිය ගැන හැම දෙයක්ම දැන ගන්න පුළුවන්.

Click Here

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1265 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:01:56 AM
Script:/article/1265/if-they-could-win-the-life-why-can-t-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:01:57 AM
Script:/article/1265/if-they-could-win-the-life-why-can-t-you.html