කාන්තා රෝග රැසකට සුවය දෙන වටිනාම ධාන්‍යය

May 8, 2018
17,879
One grain that improve women health
ධාන්‍ය වර්ග අතරින් ඉතාමත් පෝෂ්‍යදායී වගේම වවිධ රෝග රැසකටත් සුවය දෙන දෙයක් තමයි බාර්ලි කියන්නේ. ලොකු කුඩා හැමෝටම පෝෂණයෙන් අනූන මේ බාර්ලි කාන්තා රෝග රැසකට සුවය දෙනවා. එහෙමයි කියලා කාන්තාවන්ට විතරක් ගුණ දෙන දෙයකුත් නෙවෙයි. 

ඉතා වටිනා පෝෂ්‍ය පදාර්ථ රැසක් ඔබට බාර්ලි මගින් ලබා ගන්න පුළුවන්. කෙඳී, සිලේනියම්, පොස්පරස්, තඹ, මැංගනීස් ඒ අතරින් ප්‍රධානයි. ආහාරයට සුදුසු ලෙස පිළියෙළ කර ගත් බාර්ලි කෝප්පයක මොන තරම් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වෙනවාද කියලා බලන්නකෝ.

කැලරි 217 ක්
මේදය 1 g ක් 
තන්තු 10 g ක් 
ප්‍රෝටීන් 7g ක් 
කාබෝහයිඩ්රේට 45g 
මැග්නීසියම් 1 mg 
සෙලේනියම් 23 mg
කොපර් 3 mg
 විටමින් B1 4 mg
 ෆොස්ෆරස් 162 mg
 මැග්නීසියම් 80 mg
 විටමින් B3 8 mg

කාන්තාවන්ට වැළඳෙන භයානකම රෝගී තත්ත්වයක් වන පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාව බාර්ලි වලට තියෙනවා. බාර්ලි ඇතුළු යහමින් කෙඳි අඩංගු ධාන්‍ය ගැනීමෙන් 52 % න් පියයුරු පිළිකා ඇති වීමේ අවදානමින් මිදෙන්න පුළුවන්.

ආර්තවහරණය සිදු වු මැදි වයසේ කාන්තාවන් බාර්ලි ඉතාමත් වටිනා ඖෂධයක්. සතියකට අවම වශයෙන් දින තුන හතරක් වත් වත් බාර්ලි ආහාරයට එක් කර ගැනීමෙන් අධික රුධිර පීඩනය, අධික කොලොස්ටරෝල් මට්ටම වැඩිවීමේ අවදානමින් මිදෙන්න පුළුවන්. 

බාර්ලිවල අඩංගු තන්තු අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. බාර්ලි ආහාරයට ගැනීමෙන් අධි කොලෙස්ටරෝල් මට්ටම අඩු කර හෘදයාබාධ අඩු ඇති වීම අවම කරනවා. බාර්ලි වලින් ලැබෙන වටිනාම සෞඛ්‍ය ප්‍රතිලාභය වෙන්නේ ඔබේ හදවත ආරක්ෂා කරන එක. 

ඒ වගේම බඩවැල් අශ්‍රිතව ඇති වන පිළිකා අවම කරනවා. ඒ වගේම බඩවැල් ආශ්‍රිතව ඇති වන විවිධ රෝගී තත්ත්වයන් අවම කරනවා. මහබඩ වැලෙහි ජීවත් වන හිතකර බැක්ටීරියාවලට බාර්ලිවල අඩංගු කෙඳී හොඳ ආහාරයක්. හිතකර බැක්ටීරියා නිපදවන මේද අම්ල මහ බඩවැලේ සෛලවලට ඉතාමත් වැදගත් වෙනවා. මෙමගින් මහ බඩවැලේ නීරෝගී බව වර්ධනය වෙනවා.

ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු තියෙන අයට බාර්ලි හොඳ විසඳුමක්. ආහාර ජීර්ණය පහසු කරමින් මලබද්ධය ඇති වීම වළක්වනවා. ඒ මඟින් ඔබට වැළඳිය හැකි අර්ශස් වැනි රෝග තත්ත්ව අවම කර ගැනීමටත් පුළුවන්කම තියෙනවා.

අනෙකුත් ධාන්‍ය හා බාර්ලි සතුව දියවැඩියා අවදානම අඩු කිරීමේ ගුණයක් ද පවතිනවා. බාර්ලි වල අඩංගු පෝෂණයට රුධිරයේ සීනි මට්ටම පාලනය කළ හැකි අතර, එය දියවැඩියාවට හෝ දියවැඩියාවෙන් පෙළෙන අය සඳහා අත්‍යාවශ්‍ය ධාන්‍යක් විදියට හඳුන්වන්න පුළුවන්.

බාර්ලි පිත්තාශයේ ගල්වලට විසඳුමක්. බාර්ලි වැනි අධික ලෙස කෙඳී අඩංගු ආහාරවලින් කාන්තාවන්ගේ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වනවා. මෙහි අඩංගු තඹ නම් ක්ෂුද්‍ර පෝෂකය රුමැටොයිඩ් ආතරයිටීස් රෝගීන්ට සහනයක් ගෙන දෙනවා. සිරුරේ අලුත් වැඩියාවන් සඳහා අවශ්‍ය පොස්පරස් බාර්ලිවල යහමින් අඩංගු වෙනවා. අපේ සිරුරේ සෑම සෛලයක්ම ගොඩ නැගීමට, අස්ථි සෑදීමට පොස්පරස් අත්‍යාවශ්‍යයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 802 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:57:49 AM
Script:/article/802/one-grain-that-improve-women-health.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:57:50 AM
Script:/article/802/one-grain-that-improve-women-health.html