මේ දේවල් නැතුව නම් කවදාවත් ආදර කතාවක් ශක්තිමත් එකක් වෙන්නේ නැහැ

January 15, 2018
8,770
You should have these qualities to have a strong relationship
බැඳීම් හරිම සංකීර්ණයි. බැඳීම් පටන් ගන්නවා වගේ ලේසි නැහැ පවත්වා ගෙන යන එක. ඒ වෙනුවෙන් විවිධ කැප කිරීම් කරන්න වෙනවා වගේම ඉවසීම්, පරිත්‍යාග කරන්නත් වෙනවා. ආදර කතාවලට නම් මේ දේවල් අනිවාර්යයි. බැඳීමක් ගෙනියන්නම් වාලේ ගෙනියන්නේ නැතුව කවද හරි විවාහයකින් කෙලවර වන ශක්තිමත් බැඳීමක් ඇති කර ගන්න නම් මෙන්න මේ කියන දේවල් නැතුවම බැහැ.

1. එකිනෙකාට හොඳ මිතුරන් වෙන්න

ඔයාගේ සම්බන්ධතාවය වැඩි දියුණු කර ගන්න හොදම ඉඟියක් තමයි සහකරු හෝ සහකාරිය සමග හොද මිත්‍රත්වයක් පවත්වා ගෙන යාම. එකිනෙකාගේ අදහස් වලට ඉඩ දීම, ගරු කිරීම, අවශ්‍යතා ගැන සංවේදී වීම, අනෙකාට ඇහුන්කන් දීම වගේ දේවල් වලින් අපිට අපේ සම්බන්ධතා වර්ධනය කර ගන්න පුළුවන් වගේම තවත් ආදරෙන් ළං වෙන්න පුළුවන්.

2. සම්බන්ධතාව අලුත් කර ගන්න

ශක්තිමත් බැඳීමක් ඇති වෙන්න නම් අපි අනිවාර්යෙන්ම එකට කාලය ගත කල යුතුයි. හොඳ සන්නිවේදනයක් තිබිය යුතුයි. කාර්යබහුල ජිවිතයක් ගත කරන කෙනෙක්ට නම් මේ විදියට සහකරු හෝ සහකාරිය සමග ගත කරන්නට කාලය සොයා ගැනීම අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔයාගේ කාර්යබහුල බව ආදර හෝ විවාහ සම්බන්ධතාවයට බාධාවක් වෙන්න දෙන්න එපා. තමන්ගේ ළඟින් ඉන්න අය වෙනුවෙනුත් දවසේ පැය 24න් පොඩි හරි වෙලාවක් වෙන් කරන්න පුළුවන් බැදීම් පවත්වාගෙන යන එක ගොඩක් අමාරු නැහැ. ඇය හෝ ඔහු වෙනුවෙන් දුරකථන ඇමතුමක්, කෙටි පණිවුඩයක් ලබා දෙන්න ඔබට ලොකු කාලයක් වැය වෙන්නේ නැහැනේ.

3. අවශ්‍ය ආදරය සෑම අවස්ථාවකම ලබා දෙන්න

සැබෑ ආදරයකදී එයා හැම වෙලාවකදීම ඔයාගෙන් බලාපොරොත්තු වෙන ආදරය, සෙනෙහස රැකවරණය නොඅඩුව ලබා දෙන්න උත්සහ කරන්න. හැම වෙලාවේම සහකරුගේ, සහකාරියගේ සතුටට මුල් තැන දෙන්න. එකිනෙකාගේ වැඩ කටයුතු ගැන හොයල බලන්න, සෑම විටම ඔබට ඇති ආදරය පෙන්වීමට උත්සාහ කරන අතර අඩුපාඩුවක් සිදු උනොත් ඒ ගැනත් සැලකිළිමත් වෙනවා. ඒක අවංක ආදරයක තවත් එක ලක්ෂණයක්.

4. තොරතුරු හුවමාරු කර ගන්න

බෙදා හදා ගැනීමට ශුභ ආරංචියක් ඇත්නම්, නැත්තම් මොකක් හරි පණිවුඩයක් තියෙනවා නම් මුලින්ම ඔයාගේ සහකරු හෝ සහකාරියට කියන්න. අපේ ජිවිත වල තියෙන කාර්යබහුල බව නිසා අපේ හවුල්කරුවන් එක්ක අනිවාර්යෙන්ම කල යුතු බෙදා හදා ගැනීම් පවා ගොඩක් වෙලාවට මගහැරී යනවා. නමුත් ඔයා තව දුරටත් ඒක වෙන්න දෙන්න එපා. ඔයාගේ සහකරු හෝ සහකාරිය සමඟ ඔබේ ජීවිතයේ හැම දේම හුවමාරු කර ගැනීම වැදගත්. ඒ නිසා ඔයා ඔයාගේ සම්බන්ධතා එක්ක පුළුවන් තරම් සමීපව ඉන්න උත්සහ කරන්න.

5. ඉදහිට හෝ නිවාඩුවක් ගත කරන්න යන්න

කාර්යබහුල ජීවිතයත් එක්ක නිවාඩු, විවේකය කියන දේ ඔයාට සම්පූර්ණයෙන්ම මග හැරිලා තියෙන්න පුළුවන්. බැදීම් ශක්තිමත් කර ගන්න තමන්ගේ ආදරණියයන්ට ලං වෙන්න හොද ක්‍රමයක් තමයි මේක. රැකියාවෙන් දවසකට දෙකකට නිවාඩු ගන්න. යන්න පොඩි විනෝද ගමනක්. අඩුම තරමේ සති අන්තයේදී වත්. එකිනෙකාට සමීප වෙන්න මේක හොද ක්‍රමයක්.

6. අරමුණු හා අභිලාශ

ආදරය කරන්න පටන් ගනිද්දිම අපි ගොඩක් බලාපොරොත්තු සිහින ගොඩ නගනවනේ. සැබෑ ආදරයකදී නම් දෙන්නා තුලම මේ අපේක්ෂාවන් තියෙන්න ඕන. එක්කෙනෙක් අනාගතේ ගැන හීන මාලිගා තනද්දී අනිත් කෙනාට ඒවා ගැන ගානක් වත් නැත්තන් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම ඔයාල දෙන්න අතරේ තියෙන්නේ සැබෑ ආදරයක් නම් දෙන්නම ඒ වෙනුවෙන් වෙහෙසෙනවා. ඒවා සාර්ථක කර ගන්න අනිත් කෙනාට සහයෝගය දෙනවා. එයාගේ ළඟින්ම ඉඳන් උනන්දු කරනවා, එකිනෙකාට ශක්තියක් වෙනවා.

7. ඍජුව කතා කරන්න

ඔයා ඔයාගේ සහකරු හෝ සහකාරියගෙන් මග හැරෙන බව දැනෙනවා නම්, එහෙමත් නැත්තන් ඔයාලගේ සම්බන්ධතාවය දවසින් දවස ඈතට යනවා නම් ඒ ගැන එයා එක්ක කතා කරන්න. එහෙම කතා කරන එකෙන් වෙන්න යන ගොඩක් අතපසු වීම් වලක්වා ගන්න පුළුවන්. ප්‍රශ්න වලට තනි තනිව විසදුම් හොයන්න යන්නේ නැතුව දෙදෙනාම සාකච්චා කරලා නිවැරදි තීරණ අර ගන්න. දෙදෙනාට සමීප වෙලා ඉන්න පුළුවන් නිදහස් වෙලාවක් අනිවාර්යෙන් වෙන් කර ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 625 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:25:05 PM
Script:/article/625/you-should-have-these-qualities-to-have-a-strong-relationship.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 11:25:06 PM
Script:/article/625/you-should-have-these-qualities-to-have-a-strong-relationship.html