හතු සුප්

March 18, 2019
4,935
Mushroom Soup Recipe
පෝෂණ ගුණයන්ගෙන් යුත් සිරුරට ශක්තිය ගෙන දෙන සුප් එකක් තමයි මේ. හතු කියන්නේ අඩු කැලරි, තන්තු බහුල, දුසිම් ගනන් විටමින් සහ ඛනිජ ලවණ සපිරි ආහාරයක්. ඇඟ කෙට්ටු කරගන්න ක්‍රම හොයන ඔබටත්, පෝෂණය ගැන සැලකිලිමත් ඔබටත් හතු සුප් කියන්නේ හොඳම විසඳුමක්. රාත්‍රී ආහාරයට හතු සුප් එකක් බොන්න. හොඳින් බඩ පිරෙනවා වගේම ඔයාගේ ශරීරයට අවශ්‍ය පෝෂණයද නොඅඩුව ලැබෙනවා.

ඔයාට මේ ගමන්ම කාබෝහයිඩ්‍රේට් ටිකකුත් ඕනේ නම් අපේ මීලඟ රෙසිපි එකෙන් ගාලික් බ්‍රෙඩ් හදන හැටි කියලා දෙන්නම්.

අවශ්‍ය ද්‍රව්‍ය :

ඔයිස්ටර් හතු හෝ බට්න් හතු 200g
ළූණු ගෙඩි 1
සුදු ළූණු බික් 2
පාන් පිටි මේස හැඳි 1
බටර් මේස හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
ලුණු පදමට 
ගම්මිරිස් රස අනුව
කුකුල් මස් තම්බා ගත් වතුර 350ml
නැවුම් කිරි 50ml
සැරසීමට කැමැත්ත අනුව කොත්තමල්ලි කොල හෝ පාස්ලි කොල

සාදන ක්‍රමය :

01. ඔයිස්ටෙර් හතු නම් සිහින් තීරු ලෙසද, බට්න් හතු නම් පෙති ආකාරයෙන්ද කපා ගෙන පසෙකින් තබන්න.ලූණු සහ සුදු ලූණු ද සිහින්ව කපා ගන්න.

02. මුලින්ම භාජනයක් ගෙන ලිප මත තබා එයට බටර් දමා රත් වෙන විට කුඩාවට කපා ගත් ළූණු, සුදු ළූණු දමා තෙම්පරාදු කරගන්න. 

03. එයට හතු සහ පාන් පිටි එකතු කර කළවම් කර ගන්න. 

04. එයටම කහ කුඩුත් එකතු කර පසුව කුකුල් මස් තම්බාගත් වතුර එක්කර විනාඩි 5ක් පමන හොඳින් තැම්බෙන්නට ඉඩ හරින්න. 

05. හතු හොඳින් තැම්බු පසු ලිපන් ඉවතටගෙන නිවෙන්නට හරින්න. හතු කොටසක් අයින් කරන්න.

06. ඉතිරි කොටස නිවුණු පසු බ්ලෙන්ඩ් කරන්න. අයින් කල හතු ටිකත් බ්ලෙන්ඩ් කල හතු ටිකත් එකතු කර නැවත ලිපේ තබා මදක් තැම්බෙන විට නැවුම් කිරි එකතු කරන්න. බුබුලු දමන විට ලිපෙන් ඉවතට ගෙන රස පදමට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න.

07. පිළිගැන්වීමට කැමැත්ත අනුව කොත්තමල්ලි කොල හෝ පාස්ලි කොල සිහින්ව කපා උඩින් ඉසින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1283 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:05:45 AM
Script:/article/1283/mushroom-soup-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:05:46 AM
Script:/article/1283/mushroom-soup-recipe.html