තනිකඩ ඔබට තවම හරි ආදරයක් ලැබිලා නැද්ද?

July 14, 2017
16,553
6 Reasons You Might Still Be Single
අද කාලේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේක. මේ ඔබගේ කතාවම වෙන්නත් පුළුවන්. තනිකඩ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, හරි ආදරයක් හොයා ගන්න ලොකු කාලයක් යන එක. ඒ ඇයිද කියලා ඔබට කියන්න පුලුවන්ද? තනිකඩ කට්ටියට හරි ආදරයක් හොයා ගන්න ලොකු කාලයක් යන්නේ මෙන්න මේ හේතු නිසාලු.

1. හදවතට වඩා බුද්ධියට ඉඩ දීම

ඔබ ඔහේ කරන්නන් වාලේ ආදරය කරන්න කැමති කෙනෙක් නෙමෙයි. එහෙම ඉක්මනටම තීරණ වලට එළබෙන්නේ නෑ. තමන්ගේ ජිවිතයේ ගමන් කරන්න ඕනේ මාර්ගය අරමුණු හැම එකක්කටම ගැලපෙන විදිහේ ආදරයක් හොයා හොයා ඔබ ඇවිදිනවා. ඒ වගේම තමයි ඒ ලැබෙන ආදරය කිසම අඩුවක් පාඩුවක් නැති සුරංගනා කතාවක වගේම රොමැන්ටික් වෙනවටයි ඔබ කැමති. ඉතින් තනිකඩ වෙලා ඉන්න එක අහන්නත් දෙයක්ද?

2. හැමවෙලේම ඇත්තට විතරක් තැන දෙන එක

හිතට හරියනම ආදරයක් ලැබුනොත් විනා පුංචි පුංචි ආදර කතා ළඟ හිත නතර කර ගන්න කිසිම අදහසක් ඔබට නෑ. අවංකවම/ක්‍රියාවෙන්ම ඔප්පු වෙන ආදරයක් ලැබුනොත් විතරයි ඔබ ඒ වෙනුවෙන් යොමු වෙන්නේ.

3. හිත රිද්දගන්න අකමැති වීම

ආදරයක් අහිමි වුනහම තියෙන වේදනාව වචනයෙන් විස්තර කරලා ඉවර කරන්න බෑ. ඒ තරමටම ඒ හැඟීම වේදනාකාරියි. ඉතින් ගොඩාක් දෙනා තනිකඩව ඉන්න හේතුව ආපහු සැරයක් හිත රිද්දගන්න වෙයි කියන බයෙන් මිදෙන්න බැරි කම. ඒ වේදනාව වෙනුවෙන් බය වෙන එක සාධාරණයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි, ජීවිතේ පරණ අත්දැකීම් නිසා එක තැන නවත්තගෙන ඉන්න එකත් වැරදියි.

4. වැඩි අපේක්ෂාවලින් යුක්ත වීම

ඕනෙම දෙයක් සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන් නම්, එක තමයි වඩාත්ම යහපත්. මොකද උවමනාවට වඩා අපේක්ෂාවන් බලාපොරොත්තු තියාගන්න එක ඕනෙම දෙයකට ප්‍රශ්නයකට හිටිනවා. ආදරය ගැන වුනත් මහා ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියහම, ලොකු ලොකු හීන මාලිගාවල තනිවෙනවා ඇරෙන්න, හරි ආදරයක් හොයාගන්න වෙලා යනවා තමයි.

5. ඔබ, ඔබේ තනිකඩ බවේ රසිකයෙක් වීම

කාලයක් තිස්සේ තනියම හිටිහයහම තමන්ගේ තනිකඩකම තමන්ම රස වින්දින තත්වයට පත් වෙන එකත් ගැටළුවක්. තනියම ඉන්න එකේ තියෙන නිදහස, සැනසීම දෙන්නෙක් වුනහම ලැබෙන්නේ නෑ කියන තැනට හිත පුරුදු කර ගත්තහම, ආදරයක් හොයාගන්න එක අමාරුයි තමයි. තනිකඩව ඉන්න එක සතුටක් නොවුනට, ආදරවන්තියක් නෙමෙයි කියන එක බය වෙන්න හේතුවක් නෙමෙයි කියලා හිතන කෙනෙක්ට ආදරයක් හොයා ගන්න අමාරු වෙනවා.

6. කැපකිරීම් සහ අවශ්‍යතා හඳුනාගන්නේ නැති එක

ආදරයකදී දෙන්නට දෙන්න කැප වෙන්න ඕනේ. ඒ වගේම, අවශ්‍යතා හඳුනාගන්න ඕනේ. මේ දෙකම දෙන්නගෙන්ම එක විදිහට වෙන්න ඕනේ කියන බලාපොරොත්තුවෙන් වැඩ කරන එක හැම වෙලේම ප්‍රයෝගික නැති වෙන්න පුළුවන්. මොකද කැපකිරීම් වලට පිරිමි පාර්ශවය නැඹුරු වෙන්නේ ටිකක් අඩුවෙන්. ඉතින් ඒක අවබෝධ කරගෙන වැඩ කරන එක වැදගත්. හැම දේ ගැනම උවමනාවට වඩා හිත හිත ඉන්නේ නැතිව, තමන් කැපකිරීම් කරන්න ඕනේ තැනත්, තමන්ගේ අවශ්‍යතවයන් කොහොමද සපුරාගන්නේ කියලත් හරි අවබෝධයකින් ඉන්නවානම්, ආදරය හොයා ගන්න ලතවෙවී ඉන්න දෙයක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

How to get vitamin E for healthy skin and hair
   31,666
   18

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Symptoms to say you are pregnant
   43,603
   18

මේ ලක්ෂණ වලින් කියන්නේ ඔයා අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා

ගැබ් ගැනීමක් සිදු වූ මුල් කාලසීමාවේදී ඒ පිළිබඳව නිවැරදිව තහවුරු කර ගන්න එක ඉතාමත් වැදගත්. මොකද කුස තුල වැඩෙන කළලයේ ආරක්ෂාව හා වර්ධනය ගැන අවධානය දෙන එක ඔබ කළ යුතුම දෙයක්. මෙන්න මේ කියන ලක්ෂණ වලින් පෙන්නුම් කරන්නේ ඔබ මවක් වෙන්න යනවා කියන එක
10 symptoms shows you are pregnant
   45,203
   18

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
How to reduce under arm sweating
   6,436
   17

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Must have frocks for woman (part 02)
   44,663
   14

ගවුම් අඳින්න කැමති යුවතියකට තිබිය යුතුම ගවුම් වර්ග - (02 කොටස)

ඔයාට තවත් ලස්සනට අඳින්න පුළුවන් ගවුම් වර්ග මොනවාද කියලා

Latest Articles

Most Viwed