අඩු අමතර කැලරි එක්ක ඔබේ ආහාර රස ගන්වන්න පුලුවන් ද්‍රව්‍ය 5ක්

September 6, 2020
5,026
5 ingredients that can enhance taste of food
ලුණු යහමින් යෙදූ ආහාර ලේසියෙන්ම වැඩිපුර කැවෙනවා. මේකෙන් වෙන්නේ ඔයාගේ ඩයට් ප්ලෑන් එක ඔක්කොම අවුල් වෙන එක. අනික වැඩිපුර ලුණු ඔබේ ශරීරයේ ජලය රඳාවා තැබීමට හේතු වෙනවා. ඒ කියන්නේ මේ හේතුවෙනුත් ඔබේ බර වැඩි වෙනවා. එපණක් නොවෙයි ලුණු යහමින් යෙදූ ආහාර, එනම් සෝස් වර්ග, ස්නැක් වර්ග ආසාවට කාගෙන කාගෙන ගියා වගේ නොවෙයි, එමගිනුත් අපේ ශරීරයට අනවශ්‍ය කැලරි එකතු වෙනවා. ඉතින් ඔබට වැඩි කැලරි එකතු නොවන ලෙස ආහාර රසගන්වන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කතා කරන්න හිතුවා. මෙන්න ඒ වගේ අමුද්‍රව්‍ය කිහිපයක්...

දෙහි යුෂ / ලෙමන් යුෂ
ලෙමන් යුෂ ඉසීමෙන් ඕනෑම කෑමක් පණ ගන්වන්න පුලුවන් ! ඒ අනුව සලාද, marinades, සෝස්, සුප් වලට ලෙමන් යුෂ කෙලින්ම එකතු කරන්න පුලුවන්. ඊට අමතරව පිරිසිඳු ජලය කෝප්පයකට ලෙමන් යුෂ මිරිකලා බොනවා නම් ඔබේ මුළු දවසටම ඒක සෞඛ්‍ය සම්පන්නයි වගේම විජලනයෙන් තොරව ඉන්නත් පුලුවන්. ඊට අමතරව කේක්, ටාට් සහ කුකීස් වලට ලෙමන් සහ දෙහි තැවරීම් එකතු කරන්න පුලුවන්.

විනාකිරි
Balsamic විනාකිරි කියන්නේ ලෝකයේ වඩාත් ජනප්‍රිය විනාකිරි වර්ගයක්. ඒක ආහාර වල අලංකාරයට හා ඩිප්ස් වර්ග මෙන්ම සෝස් සහ මැරිනේඩ් වලටද හොඳින් භාවිතා කරන්න පුලුවන්. මෙම විනාකිරි පැණිරස හා ඇඹුල් රස ආදී දෙවර්ගයෙන්ම තියන නිසා විවිධ ආහාර සමඟ හොඳින් ක්‍රියා කරයි. ඔබට ඇපල් සයිඩර් විනාකිරි වලටත් යොමු වෙන්න පුලුවන්. එහි පලතුරු සහ තිත්ත ඇඹුල් රසය ද තියන නිසා සලාද සහ මස් marinades සඳහා විශිෂ්ට එකතු කිරීමක්.

ඉඟුරු
ඉඟුරු වලින් සේවරි මෙන්ම පැණිරස ආහාර සඳහා ද හොඳ රසයක් එක් කරන්න පුලුවන්. ඔබේ පාන වර්ග වල සීනි අඩු කරන්න අවශ්‍ය නම් තේ, ස්මූතිස් සහ ජූස් වලට නැවුම් ඉඟුරු යුෂ එක් කරන්න පුලුවන්. නැවුම් ඉඟුරු යුෂ, පොඩි කරපු හෝ අඹරන ලද ඉඟුරු ද ජෑම්, කේක්, මෆින් සහ කුකීස් වලට එකතු කරන්න පුලුවන්. නැත්නම් එළවළු ස්ටර්ෆ්‍රයි වලට තෙම්පරාදු වලට ඉඟුරු සිහින් තීරු කපා එකතු කල විටත් අහාරයට අමුතු රසක් එකතු වෙනවා..

සුදුළූණු
සම්පූර්ණ සුදුලූණු ගෙඩියක්ම රෝස්ට් කරලා එනම් පුලුස්සලා මාගරින් වෙනුවට පාන් වල තවරා කන්න. ඔබ පාස්ටා තම්බන විට, ඇට වර්ග තම්බන විට එයට සුදුලූණු බික් එකක් දෙකක් එකතු කරන්න. ඒවායේ රසය වැඩි දියුණු කරන්න පුලුවන්.

ඖෂධ පැළෑටි
පාර්ස්ලි, රෝස්මරී, ඔරිගානෝ ආදී බොහෝ දේවල් වලින් කෑම රසගන්වන්න පුලුවන්. ඔබ හදන ෆ්‍රයිඩ් රයිස් එකට, නූඩ්ල්ස්, පාස්ටා, පීසා, පාන් වර්ග වගේ එකී මෙකී නොකී නොයෙකුත් අහාර වර්ග වලට හර්බ්ස් එනම් මේ කොල වර්ග යොදා ගන්න පුලුවන්. ඔබ ඔබේ බර ගැන අවධානය දක්වනවා නම්, පිටතින් තක්කාලි කෙචප් මිලදී ගැනීම මඟ හැරලා නිවසේදීම රසකාරකයක් සාදා ගන්න උත්සහ කරන්න! එකතු කළ ලුණු, සීනි භාවිතා නොකර ඖෂධ පැළෑටි සමඟ ගෙදර හැදූ සෝස් එකක් ආහාර වලට භාවිතා කරන්න. ලුණු දැමූ ඒවා වෙනුවට ලුණු නොයෙදූ බටර් එකක් මිලදී ගෙන කැමති ඖෂධ පැළෑටියක් හෝ පළා වර්ගයක් සමඟ ආහාර රස බලන්න පුලුවන්. මින්ට් වගේ ඖෂධ පැළෑටි රසකැවිලි හා පාන වර්ග වලට එකතු කරන්නත් ඔබට පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1816 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:50 AM
Script:/article/1816/5-ingredients-that-can-enhance-taste-of-food.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:45:50 AM
Script:/article/1816/5-ingredients-that-can-enhance-taste-of-food.html