මහන්සි වෙලා ගෙදර ආවම සැහැල්ලු, ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක් ගැනයි අද කියන්න යන්නේ.
පාන් පෙති 4
සුදු ළූණු බීක් 2-3
පාන් පෙති වල ගෑමට අවශ්‍ය පමණට බටර්
ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් හෝ චෙඩර් චීස් කෝප්ප 1/2
ලුණු (අවශ්‍ය නම් පමණක්)
ගම්මිරිස් (අවශ්‍ය නම් පමණක්)
පාස්ලි (අවශ්‍ය නම් පමණක්)
සාදන ආකාරය :
01. සුදුළූණු ,පාස්ලි ,ලුණු ,ගම්මිරිස් එකට බ්ලෙන්ඩ් කරන්න. එයට මෘදු බටර් එකතු කර යන්තම් ගසා පේස්ට් එක ඉවතට ගෙන හැන්දක් ආධාරයෙන් හොඳින් කවලම් කරන්න.
02. මේ පෙස්ට් එක පාන් පෙත්තෙ තවරලා ග්‍රේට් කරගත් චීස් ඒ මත ඉස ගන්න.
03. සෙන්ටිග්‍රේඩ් 150 - 200 උෂ්ණත්වයේ ප්‍රීහීට් කරගත් අවන් එකේ විනාඩි 5-10ක් චීස් රන් වන් පැහැ වන තුරු බේක් කරගන්න.
අවන් එකක් නැති නම් නොන් ස්ටික් පෑන් එකක සාමාන්‍ය ගින්දරේ පියන වසා, චීස් ටික මෙල්ට් වෙන තෙක් පාන් පෙති ටික පුළුස්සා ගන්න.
04. අවන් එකෙන් ඉවතර ගෙන උණුසුම්ව රසවිඳින්න. සුප් එකක් සමග ගාලික් බ්‍රෙඩ් රාත්‍රී ආහාරයට හොඳ විසඳුමක්.