වොෆල් කියන්නේ උදේ ආහාරයට වගේම පොඩි අයගෙ කෑම පෙට්ටියට දාන්න පුළුවන් ආහාරයක් නේ. මේ විදිහට වොෆල් හදලා බලන්නකෝ, පිටතින් ක්‍රිස්පි මැද හරිම මෘදු සැහැල්ලු රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් උදේ ආහාරයක් වෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය :
බිත්තර 3 (සුදු සහ කහ මද වෙන් කර)
සම්පූර්ණ යොදය සහිත කිරි 450ml
වැනිලා මේස හැඳි 1
එළවළු තෙල් 125ml
පාන් පිටි 225g
සිහින්ව කුඩුකරගත් සීනි මේස හැඳි 3 (45g)
බේකින් පව්ඩර් තේ හැඳි 2
ලුණු තේ හැඳි 1/4ක් පමණ
සාදන ආකාරය :
01. බිත්තර කහමද ටිකට බොල් එකකට දමා එයට කිරි, වැනිලා, එළවළු තෙල් එකතු කර හෑන්ඩ් විස්ක් එකකින් මිශ්‍ර කර පසෙකින් තියන්න.
02. දැන් වෙනම බෝල් එකක පිටි, සීනි, බේකින් පව්ඩර්, සහ ලුණු ගෑරොප්පුවකින් එකට මිශ්‍ර කරගන්න.
03. පිටි මිශ්‍රණයට කිරි මිශ්‍රණය ටික ටික දමමින් කැට නැති වෙන සේ මික්ස් කරගන්න.
04. බිත්තර සුදු මද ටික පුළුන් සේ වන තෙක් බීට් කර ලොකු හැන්දකින් ටික ටික සාදා ගත් බැටර් එකට එකතු කරන්න. හෙමින් හැන්දෙන් පෙරලමින් සුදු මද ටික කැට නොසිටින සේ මිශ්‍ර කරගන්න.
05. වොෆල් ටෝස්ටරයට දමා වොෆල් ටික පිළියෙල කරගන්න.