කහ බත් (I)

June 12, 2020
10,761
Yellow Rice (I)
හැමදාම නිකන්ම නිකන් බත් කනවට වඩා ඉඳලා හිටලා වෙනසක් කරලා රසට කහ බතක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :

කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1
ලොකු පොල් ගෙඩි 1/2ක පොල් කිරි
කරඳමුංගු කරල් 1
කහ කුඩු තේ හැඳි 1
කරාඹුනැටි 2
සිහින්ව කපාගත් රතු ලූණු ගෙඩි 6
උම්බලකඩ තේ හැඳි 2
රම්පෙ කෑල්ලක්
කරපිංචා ඉති 1
කුරුඳු පොතු කෑල්ලක්
මාගරින් මේස හැඳි 5
තලාගත් අමු ඉඟුරු පෙති 1
තලාගත් සුදුලූණු බික් 3
ලුණු කුඩු මේස හැඳි 1

සාදන ආකාරය :

01. හාල් ටික සෝදා දිය බේරෙන්න පසෙකින් තබන්න.

02. බඳුනකට මාගරින් දමා පිල තබා කරපිංචා, රතු ලූණු, සුදුලූණු, අමු ඉඳුරු හා රම්පේ දමා තැම්බීගෙන එන විට උම්බලකඩ, කුරුඳුපොතු, කරඳමුංගු, කරාඹුනැටිත් එකතු කර ලූණු දුඹුරු පැහැය වන තෙක් බැදගන්න.

03. පොල් කිරි ටිකට කහ සහ ලුණු මිශ්‍ර කර, එයට එකතු කර කලවම් කර හැඳි ගාන්න.

04. කිරි රත් වන විට එයට හාල් දමන්න.

05. හාල් තැම්බෙන ප්‍රමාණයට කිරි මදි බව පෙනේ නම් නට වතුර ටිකක් එකතු කර අඩිය අල්ලන්න නොදී දෙතුන් වතාවක් හැඳි ගාන්න.

06. කිරි සිඳුනු පසු ලිප නිවා පිලිගන්වන තෙක් බත ලිප මතම තබා වසා තබන්න.

07. පිස ගත් කහ බත් සමඟ සීනි සම්බෝල, වම්බටු මෝජු, මාළු මස් ව්‍යෑංජන, අච්චාරු ආදිය සමඟ උණුවෙන් පිළිගන්වන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1645 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:41 AM
Script:/article/1645/yellow-rice-i.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:10:42 AM
Script:/article/1645/yellow-rice-i.html