සිරියානු රුලං පුඩුම

July 29, 2020
2,383
Syrian Semolina Pudding
රුලං වලින් රසකැවිලි හැදුවට පුඩින් හදන එක ශ්‍රී ලාංකික අපිට ටිකක් අලුත් දෙයක්. ඉතින් මේ සිරියානු රුලං පුඩිම හදලා ගෙදර අයත් එක්ක රස බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය :

රුලං කෝප්ප 1
ගිතෙල් හෝ බටර් තේ හැඳි 4
සීනි කෝප්ප 1 1/4
වතුර කෝප්ප 4
සැරසීමට කුරුඳු කුඩු සහ නට් වර්ගයක්

සාදන ආකාරය :

01. පෑන් එකක වතුර සහ සීනි රත් කරන්න. සීනි දිය වී යන්තම් බුබුලු දමන විට ලිපෙන් ඉවතට ගෙන පසෙකින් තබන්න.

02. දැන් වෙනත් පෑන් එකක් අඩු ගින්දරේ ලිප තබා ගිතෙල් හෝ බටර් ටික එකතු කරගන්න. බටර් ටික යන්තම් දියවීගෙන එන විට රුලං ටික එකතු කර හොඳින් කලවම් කරන්න.

03. මෙය අඩු ගින්දරේ විනාඩි දහයක් පමණ කැරමල් පාට වෙන තෙක් පිසින්න.

04. දැන් පසෙකින් තබාගත් සීනි දියරය නැවත් සාමාන්‍ය ගින්දරේ ලිප තබා නටන තෙක් රත් කර එය රුලං මුශ්‍රණයට එකතු කරන්න.

05. උපරිමය විනාඩි 2ක් පමණ රුලං ටික හැඳි ගාමින් සීනි ටික කලවම් කර, ලිපෙන් ඉවතට ගන්න. මෙය ඝන ක්‍රීම් මිශ්‍රණයක් ගානට තිබිය යුතුයි.

06. ලිපෙන් ඉවතට ගත් විගස පුඩින් එක පිළිගැන්වීමට සකස් කරගත් දීසියට හෝ බෝල් එකට දමා ගන්න. උඩින් කුරුඳු කුඩු සහ නට් ඉස සරසා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1735 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:06:40 AM
Script:/article/1735/syrian-semolina-pudding.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 6:06:40 AM
Script:/article/1735/syrian-semolina-pudding.html