දඹල කියන්නේ ප්‍රෝටීන්, හිතකර මේද සහ තන්තු බහුල එළවළුවක්. උයන්නේ නැතිව අමුවෙන් මේ එළවළුව කන්න පුළුවන් නම් එහි ඇති පෝෂණ ගුණය එලෙසින්ම අපිට ලබා ගන්න පුළුවන්. අද හැඩකාරී අපි රුව ගුණ රැකදෙන, සෞඛ්‍ය සම්පන්න දිවියකට උදව් වෙන ළපටි දඹල සම්බෝලය හදන හැටි කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
ළපටි දඹල 50g
රතු ළූනු 50g
පොඩි තක්කාලි ගෙඩි 1
අමු මිරිස් කරල් 2
ගාගත් පොල් 25g
ගම්මිරිස් තේ හැඳි 1
දෙහි ස්වල්පයක්
ලුණු පදමට
සාදන ක්‍රමය :
01. දඹල සුද්ද කර ගෙන දෙපැත්ත කපා ඉවත් කර හීනියට කපා ගන්න.
02. රතු ළූනු, තක්කාලි සහ අමු මිරිස් හීනියට කපා ගන්න.
03. පසුව පොල් සමග දෙහි, ලුණු සහ ගම්මිරිස් හොඳින් අනා ගන්න.
04. ඉන් පසු කපා ගත් සියලුම දේ පොල් සමග මිශ්‍ර කරන්න.