කොස් ඇට කළුපොල් මාළුව හදමු

September 29, 2018
10,621
Jack Seeds Kalu Pol Maluwa Recipe
ගොඩක් දෙනෙක් කළුපොල් මාළුව ගැන අහලා තිබුණට අතළොස්සක් විතරයි කළුපොල් මාළුවේ රසය ගැන දන්නේ. අන්න ඒ නිසාම අද හැඩකාරී අපි ඔයාට ඔයාගේ ගෙදර කළුපොල් මාළුවක් පහසුවෙන් සකස් කර ගන්න හැටි කියලා දෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය :

ලොකු කොස් ඇට 25 ක් පමණ
සිහින්ව කපාගත් රතු ළුණු මේස තේ හැඳි 04 ක්
සිහින්ව කපාගත අමු මිරිස් කරල් 04 ක්
කරපිංචා දළු ස්වල්පයක්
උම්බලකඩ මේස තේ හැඳි 04 ක්
ලුණු ස්වල්පයක්
තුනපහ සහ බදපු මිරිස් කුඩු
පොල් කිරි කෝප්ප 01 ක්
බැද අඹරා ගත් පොල් මේස තේ හැඳි 02 ක්
බද අඹරා ගත් හාල් මේස තේ හැඳි 02 ක්

සාදන ආකාරය :

01. මුලින්ම කොස් ඇට පිරිසිදු කර, පොතු පිටින් කුඩා කැබලිවලට වෙන් නොවන සේ තලා ගන්න.

02. මැටි වලඳකට තලාගත් කොස් ඇට දමා තැම්බෙන්න අවශ්‍ය පරිදි වතුර එකතු කරන්න. බැදපු හාල්, පොල් හා පොල් කිරි හැර අනෙක් ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරන්න.

03. කොස් ඇට හොඳින් තැම්බෙන්න දෙන්න.

04. කොස් ඇට තැම්බුණාට පස්සේ බැදපු හාල්, පොල් සහ පොල් කිරි එකතු කරන්න.

05. විනාඩි 10 ක් පමණ තැම්බෙන්නට හැර ලිපෙන් ඉවතට ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1096 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:57:26 AM
Script:/article/1096/jack-seeds-kalu-pol-maluwa-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 7:57:27 AM
Script:/article/1096/jack-seeds-kalu-pol-maluwa-recipe.html