කොලෙස්ටරෝල් ඇතුළු භයානක රෝග රැසකට කුරුඳු කුඩු වලින් ප්‍රතිකාර

March 28, 2018
7,378
Solutions for many diseases with cinnamon
බෝ නොවන රෝග අද වෙද්දී බහුතරයක් දෙනාගේ ජීවිත වෙලාගෙන අවසන්. අපේම වැරදි නිසා මේ විදියට දා ගන්න ලෙඩ වලින් ආරක්ෂා වෙන්න පුළුවන් ක්‍රම ගැන විටින් විට අපි ඔබට ලිපි ගෙන එනවා. අද කියන්නෙත් ඒ වගේ රෝගී තත්ත්වයන් කිහිපයකටම ගුණ දෙන ස්වාභාවික වට්ටෝරුවක් ගැන. කියවලාම බලන්න මේ දේවල් ඔයාට කොහොම ප්‍රයෝජනවත් වෙයිද කියලා.

අනවශ්‍ය ලෙස මේදය තැම්පත් වීම නිසා උදරය ඉදිරියට නෙරා ඒම කාන්තා, පිරිමි දෙපාර්ශවයටම තියෙන ගැටළුවක්. ඒ වගේම එය සෞඛ්‍ය ගැටළු රැසක් ඇති කරන්නත් හේතුවක්. උදෑසනට උණු වතුර වීදුරුවකට,

කුරුඳු කුඩු මේස හැඳි 1/2
ඉඟුරු කුඩු මේස හැඳි 1/2
මී පැණි මේස හැන්දක්

මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින් තුනකින් බඩ අඩු කර ගන්න පුළුවන්.

මිට අමතරව දියවැඩියාව, කොලෙස්ටොරෝල්, හෘද රෝග, ආතරයිටිස් වැනි බෝ නොවන රෝග වලටත් උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැනි ලෙඩ රෝග රාශියකට සුවය ලබා ගන්න පුළුවන්.

ඔබ කොලෙස්ටොරෝල් රෝගයෙන් පෙලෙන්නෙක් නම් මී පැණි හා කුරුදු වලින් ප්‍රතිඵලදායි ඖෂධයක් පිළියෙළ කර ගන්න පුළුවන්. මී පැණි මේස හැදි දෙකක් හා කුරුඳු තේ හැදි තුනක් ජලය වීදුරුවකට මිශ්‍ර කර දිනපතා පානය කරන්න. අහිතකර කොලෙස්ටෙරෝල් මට්ටම අවම කර ගන්න නොවරදින පිලියමක්. එහෙමත් නැත්තන් සුදු ලූණු රැයක් පුරා මී පැණි සහිත බඳුනක බහා තබා උදෑසනට ආහාරයට ගන්න.

ආතරයිටිස් වලට සුවය ලබා දීමට ඉහත කුරුඳු කුඩු හා මී පැණි මිශ්‍ර පානයට පුළුවන්. දිනපතා උදේ සවස පානය කිරීමෙන් ආතරයිටිස් රෝගයට සුවය ලබාගන්න පුළුවන්.

උදැසන ආහාරයට ගන්න පාන් පෙත්තට මී පැණි හා කුරුඳු ස්වල්පයක් ඉස ආහාරයට ගැනීමෙන් රුධිර නාල වල තැම්පත් අහිතකර මේදය ඉවත් වෙන නිසා ඔබ හදවත් රෝග, ආඝාතය වැනි භයානක තත්ත්වයන්ගෙන් ආරක්ෂිතයි. ඔබ ආහාරයට ගන්නා යෝගට් කප් එකට වුනත් කුරුඳු කුඩු ස්වල්පයක් ඉස ආහාරයට ගැනීමත් ප්‍රමාණවත්.

ඒ වගේම මේ වට්ටෝරුවම ඔබට කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න, සුවය ලබා ගන්න භාවිතා කරන්න පුළුවන්. පිත්තාශයේ ආසාදන සුවකර ගැනීමට, ප්‍රතිශක්තීකරණ පද්ධතිය ක්‍රමානුකුල හා වේගවත් කර ගැනීමටත් මේ ප්‍රතිකාරය ඉතාමත් යෝග්‍යයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 728 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:11 AM
Script:/article/728/solutions-for-many-diseases-with-cinnamon.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:12:12 AM
Script:/article/728/solutions-for-many-diseases-with-cinnamon.html