උදේ ආහාරය රජෙක් වගේ ගන්න

May 13, 2019
9,423
Take breakfast like a king
උදේ ආහාරය රජෙක් වගේ ගන්න කිව්වත් හරියට උයා පිහා ගන්නවත් වේලාවක් කෝ… මේ ප්‍රශ්නය ඔබටත් පොදු වෙන්න පුලුවනි. ඒත් කලබල වෙන්න එපා. උදේ ආහාරය පෝෂණයෙන් යුක්ත විදිහට සපුරා ගත හැකි පුංචි ඉඟි කීපයක් මෙතැන තිබෙනවා. ඔබටත් මේ ආහාර රටාවට අනුගත වුනොත් ශරීරයට අවශ්‍ය පෝෂණය කිසිම ගැටළුවක් නැතුව පහසුවෙන් උපයා ගන්න පුලුවන්.

ඕට්ස්

උදේ ආහාරය වෙනුවෙන් ඕට්ස් ඉතාම ගුණදායකයි. 2018 වසරේ සිදු කරන ලද “American Journal of Lifestyle Medicine අධ්‍යන වාර්තාවේ දැක්වෙන අන්දමට ඕට්ස්වල අඩංගු “බීටා ග්ලුකන්” ජලයේ දියවෙන තන්තු විශේෂයක්. මේවා බඩවැලේදී ජෙලි වැනි තත්වයට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට අහිතකර කොලස්ටරෝල් මට්ටම අඩු කිරීම නිසා කිරීටක ධමණීන් ආශ්‍රිත රෝග තත්වයන්ගෙන් ඔබ නිදහස් කරනවා. සිරුරට හිතකර බැක්ටීරියා වර්ධනයට වගේම රුධිරගත සීනි මට්ටම පාලය කිරීමටත් ඕට්ස් ඉතා ගුණදායකයි. මෙහි අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ශක්තිය නිසා ආසාත්මිකතාවයන් සහ ආසාදනයන්ගෙන් ආරක්ෂාව සලසා දෙනවා. ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන අතර පිළිකාවන් පාලනයට ස්වභාවික ආරක්ෂාවක් සලසා දීමටත් මේ ආහාරය සමත්. කුඩා දරුවන්ටත් ඕට්ස් ඉතාම ගුණදායකයි. බාල වයසේදී ඇති වෙන ඇදුම රෝග තත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා අම්මලාගේ වැඩි අවධානයක්
ඕට්ස් වෙනුවෙන් යොමු වෙනවා නම් අගෙයි...

ඇට වර්ග

පෝෂණ විද්‍යාඥයින් දකින සුපිරි ආහාර කාණ්ඩයට අයත් වෙන්නේ සාමාන්‍ය අපිට වගේ දිව පිනවන ආහාර නොවෙයි. ඔවුන් අනුමත කරන්නේ පෝෂණ ප්‍රභවයන් සපයන සමතුලිත වර්ගයේ ආහාර කාණ්ඩයන්. ඒ අනුව ඇට වර්ග සඳහා ඉහළ පිලිගැනීමක් ලැබී තිබෙනවා. අද ලෝකය පුරාම පිළිකාවට ගොදුරු වෙන ජනගහණය උස් පහත් වෙනසක් නැතුව වර්ධනය වෙමින් පවතිනවා. මේ තත්වයට එරෙහිව වැට බඳින්න අවශ්‍ය නම් ඇට වර්ග ආහාරයට ගැනීම වඩාත් ගුණදායක බැව් දැන් හදුනාගෙන තිබෙනවා.ඇට වර්ගවල
අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක (antioxidants ) ශක්තිය මගින් අපිට පිළිකාවන්ගෙන් ආරක්ෂාව ලබා ගත හැකි බැව් දැන් පෝෂණ විද්‍යාඥයින්ගේ අදහසයි.මිනිස් සිරුර නිර්මානය වී තිබෙන්නේ කුඩා සෛලයන්ගෙනුයි. මෙම සෛල වර්ධනය කරන DNA (dexoyribouncleic acid)ව්‍යුහයක් පවතිනවා. කිසියම් රටාවකට අනුව සිදු වෙන සෛල බෙදීම වෙනුවට නීරෝගී පටකයන්හි පෝෂණය ලබමින් වර්ධනය වෙන අසාමාන්‍ය සෛල අනෙකුත් පටක වෙත ආක්‍රමණය කිරීම පිලිකාව විදිහට හැඳින්වෙනවානමුත් ඇට වර්ගවල අන්තර්ගත විටමින් E සහ B වගේම ඔමේගා 3 මේද අම්ලය විසින් වෙහෙසකර හෝර්මෝනය නිසා ඇති වෙන “ඇඩ්රලින්” උත්තේජනය අවහිර කරනවා.

යෝගට් සමග පළතුරු

උදේ ආහාරය වෙනුවෙන් පළතුරු සහ යෝගට් සුදුසු බැව් පෝෂණ විද්‍යාඥයින්ගේ අදහසයි. මේ වෙනුවෙන් “බ්ලූ බෙරි” ඉතා යෝග්‍ය බැව් දැන් පිලිගෙන තිබෙනවා. බ්ලුබෙරිවල ප්‍රතිඔක්සිකාරක සහ anthocyanins ප්‍රතිශතය ඉහළ මට්ටමක තිබෙනවා.

උදෑසන ධාන්‍ය

මෙනේරි (තණහාල්), ස්ටීල් කට් ඕට්ස් උදේ ආහාර වෙනුවෙන් ගැලපෙන ධාන්‍ය වර්ගයි.

ඔලිව් තෙල් යොදා ගෙන සකස් කරන ලද පූර්ණ ධාන්‍ය Muffins

ඔලිව් තෙල් යොදා ගෙන පූර්ණ ධාන්‍ය වලින් සකස් කරන Muffins වර්ග උදේටහොඳින් ගැලපෙන ආහාරයක්. ඔලිව් තෙල් පමණට වඩා රත් කිරීමෙන් එහි ඇති ගුණය පිරිහෙනවා. ඒ නිසා ආහාර පිලියෙල කර ගෙන ඒ මතට ඔලිව් තෙල් දමා ගෙන ආහාරයට ගැනීමෙන් නියම ගුණය ලබා ගන්න පුලුවනි.

දැන් ඔබට මොකද හිතෙන්නේ....?
උදේට පෝෂණීය ආහාරයක් වෙනුවෙන් බත් පිළියෙල කිරීම අපහසු නම්...ඔබට අවශ්‍ය පෝෂණය උක්ත ආහාර කාණ්ඩ මගින් පහසුවෙන් උපයා ගන්න පුලුවනි.

එන්. ඒ. පි. සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,000
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,985
   21

කජු දෝසි - Recipe

Video

Latest Articles

Most Viwed