කාන්තාවක් විදියට ආත්ම විශ්වාසෙකින් කටයුතු කරන්න මේ දේවල් නැතුවම බැහැ

February 18, 2018
9,132
Have self confidence as a woman
 
කාන්තාව කියන්නේ ජිවිතේ ආරම්භයේ ඉඳලා එහි අවසානය දකින තුරුම විවිධ දුක් කම්කටොළු, වේදනාවන්, අභියෝග රාශියකට මුහුණ දෙන චරිතයක්. මේ දේවල් අපේ ජිවිතයට එන්නේ හරියට සැඩ කුණාටුවක් වගේ. හැබයි ඉතින් මොන තරම් දරුණු සුළි කුණාටු හැමුවත් ඒවාට සැලෙන එක නම් කවදාවත් නොවිය යුත්තක්. ඒවාට ඔබේ ජීවිතය විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මොකද ඔය ජීවිතය ඔබේ. ඔබට ඒ කිසිම දේකින් පලා යන්න කිසිම අයිතියක් නැහැ. ඒ හැම දෙකටම අපි මුහුණ දෙන්න අවශ්‍යයි. එත් ඒ කොහොමද?

මේ හැම දෙකටම ඔබට මුහුණ දෙන්න පුළුවන් ඔබ එකම එක දෙයක් ගැන විශ්වාසය තිබුනොත් විතරයි. දැන් ඔයා හිතනවා ඇති ඒ මොකක්ද කියලා. අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒ ප්‍රශ්නයට පිළිතුරත් ඔබම තමයි. ඔබට ඔබ ගැන විශ්වාසයක් තිබිය යුතුයි. අපි එකට කියනවා ආත්ම විශ්වාසය කියලා. ආත්ම විශ්වාසය තියෙනවා නම් ඔබේ ජීවිතේට එන හැම අභියෝගයක්ම කිසිම ගැටලුවකින් තොරව ජය ගන්න ඔබට පුළුවන්.

ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න, ඕනෑම දුකක්, වේදනාවක් දරා ගන්න, ඕනෑම පරාජයක්, පසුබෑමක් ජයග්‍රහණයට හේතුවක් කර ගන්න ඕනෑම තැනක ගිහින් ශක්තිමත් කාන්තාවක් විදියට හිට ගන්න ඔබට හොඳ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. ආත්ම විශ්වාසය ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි ඔබ තුළ ඇති කර ගත යුත්තක්. ඔබට ඔබ ගැන විශ්වාසයක් ඇති කර ගන්න උදව් වෙන මෙන්න මේ සුවිශේෂිතා ඔබ තුළත් වර්ධනය කර ගන්න.

ආත්ම විශ්වාසය වර්ධනය කර ගන්න නම් අනිවාර්යෙන් සතුට කියන දේ වැදගත් වෙනවා. ඔබට ආත්ම විශ්වාසය ඇති කර ගන්න ඕන වෙන වේලාවකදී ඔබේ සිතේ සතුටක් ඇති කරවන දේවල් කීපයක් මතකයට නගා ගන්න. ඔබ සතුටින්ම සිටි දවසක්, ඔබ ලද ජයග්‍රහනයක මතකයක්, ඔබගේ සාර්ථක වීමක්, ඔබව තව තවත් ශක්තිමත් කරනවා.

පිළිවෙලකට අඳින්න, පළඳින්න. ඒ වගේම ඔබගේ වයසට හා පෙනුමට ගැලපෙන විදිහට විලාසිතා කරන්න. පිරිසක් ඉදිරියට යද්දී සංවර හා ප්‍රියමනාප ඇති වෙන විදිහට කටයුතු කරන්න. මොකද පළමු දැකීම හරිම වැදගත්. ඒ විතරක් නෙවෙයි එය අන් අයගේ ප්‍රසාදයට වඩා ඔබේ ආත්ම විශ්වාසය ජනිත කරවන්නට හේතුවක් වේවි.

තවත් වැදගත් දෙයක් තමයි ඔබේ ආකල්ප. හැම දේම සිද්ධ වෙන්නේ ඔබේ සිතුවිලි වලට අනුව. මොන තරම් හැල හැප්පීම් ආවත් ඔබේ ආකල්ප සුභවාදී විය යුතුයි. හැම වෙලාවකම "ඔව්, මට පුළුවන්" කියන හැඟීම ඔබ තුළ වර්ධනය කර ගත යුතුයි. ලෝකයේ විශිෂ්ටත්වයට පත් හැම කාන්තාවක්ම නොයෙක් කරදර බාධක වලට මුහුණ දෙමින් ඉතා අපහසු ගමනක් ආපු අය. ඔවුන් බාධක නිසා තමන් සාර්ථකත්වයට යන ගමන අතෑරියා නම් ඔවුන් අද ඒ තැන් වල නැහැ. ඒ නිසා ඍණාත්මක සිතුවිලි අයින් කරලා නිතරම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න.

විවේචන, තර්ජන, ගර්ජන, අපහාස, කාන්තාවට උරුම වෙන දේවල්. එල්ල වෙන දේවල්. ඒවටත් මුහුණ දෙන්න පුලුවන් විදියේ ශක්තිමත් මනසක් ඇති කර ගන්න. මොකද තව කෙනෙක් සාර්ථක වෙද්දී බලන් ඉන්න බැරි ගතියක් අපේ සමාජයේ ගොඩක් අයට තියෙනවනේ. ඒ නිසා ඔයාගේ ගමන නවත්තන්න ගොඩාක් අය උත්සාහ කරවී. ඒත් කිසිවෙක්ගේ බලපෑම් වලට කිසිම වෙලාවක ඔබේ ගමන අතර මඟ නවත්තන්න එපා. එහෙම කඩා වැටුනා කියන්නේ ඔයා ළඟ ආත්ම ශක්තියක් නෑ කියන එකයි. ඔයාට ඔයා ගැන විශ්වාසයක් නෑ කියන එකයි. ඒත් ඔබ ඒ වගේ දුර්වලයෙක් නෙවෙයි කියන්න අපි දන්නවා.

NDB Bank

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 663 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:34 AM
Script:/article/663/have-self-confidence-as-a-woman.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:56:35 AM
Script:/article/663/have-self-confidence-as-a-woman.html