පිරිමියෙක්ව මෙන්න මේ විදිහට තේරුම් ගන්න

March 19, 2017
9,434
How to interact with men
ගැහැණු පිරිමි සම්බන්දතා ගැන ගැහැණු අපි දකින විදිහක් තියෙනවා. පිරිමි දකින තව විදිහක් තියෙනවා. මේ දෙජාතියේම අදහස් කවදාවත් සමාන වෙන්නේ නෑ. එහෙම අදහස් සමාන උනානම් ජීවිතේ කිසි fun එකකකුත් නෑ නේ. හැම දේකම මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ. පිරිමි සම්බන්දතා දිහා බලන්නේ අපේ කෝණයෙන් නෙමෙයි. මේක කියවලා ඒ ගැන තේරුම් ගන්නකෝ.

01. අපි අවබෝධ කරගන්න ඕනේ ප්‍රධානම දේ තමයි පිරිමි කියන්නේ අපේ හිතේ තියෙන හැඟීම් කියවන්න පුළුවන් විශේෂ ජීවින් කොට්ටාසයක් නෙමෙයි කියන එක.

02. ප්‍රශ්නයක් ඇති වුනු වෙලාවට ඔහු ඉස්සරහ අඬනවා කියන්නේ හරියට ඔහුව blackmail කරනවා වගේ වැඩක්.

03. ඔහුගෙන් ඔබ මොනවාහරි බලාපොරොත්තු වෙනව නම්, කෙලින්ම කියලා ඒ දේ ඉල්ලගන්න. අපේ වහෙන් ඔරෝ භාෂාව පිරිමින්ට තේරෙන්නේ නෑ.

04. ඔහු ඔබෙන් අහන ප්‍රශ්න වලට කෙලින්ම "ඔව්" හරි "නෑ" හරි කියලා කෙලින් උත්තර දෙන්න හැම වෙලාවකදීම. අපේ උත්තර ගොඩාක් දිග වුනහම ඔහු ඇහුව ප්‍රශ්නයත් ඇත්තටම ඔහුට අමතක වෙලා යනවා.

05. අපේ ප්‍රශ්න ගැන ඔහුත් එක්ක කතා කරන්න ඕනේ ඒ වෙනුවෙන් විසඳුමක් ඔහුගෙන් අවශ්ය නම් විතරයි. අපේ ප්‍රශ්නේ නිකන් කියනවට අහගෙන ඉන්න කෙනෙක් ඕනෑවට නම් ඔහුට කියන්නේ, ඒක සුදුසු දෙයක් නෙමෙයි. එකට හොඳම අපේ ගැහැණු යාළුවො.

06. පිරිමි අපිට කියන කතා වල වලංගුභාවය තියෙන්නේ උපරිම මාස 6ක කාලයකට. එකෙනුත් ගොඩාක් කතා දවස් 7කට පස්සේ බොරු වෙනවා. ඒක දැනගෙන ජිවත් වෙන්න.

07. ඕනෙම පිරිමියෙක් කියන කතාවක අදහස් 2ක් තියෙනවා. ඒක නිසා හැමතිස්සෙම මතක තියාගන්න ඔහු කියන දෙයක් නිසා ඔබට තරහා ගියොත් හරි, දුක හිතුනොත් හරි ඔහු එයින් අදහස් කලේ ඔබව දුකට පත් කල අදහස නෙමෙයි, අනිත් එක කියලා.

08. මෙනවාම හරි දෙයක් ඔබට ඔහුගෙන් කර ගන්න අවශ්ය නම්, කෙලින්ම ඒක කියල කරවා ගන්න. ඒ දේ කරන විදිහ ගැන ඔහුට උපදෙස් දෙන්න යන්න එපා. ඊට වඩා හොඳයි, ඒ වැඩේ ඔබම තනිවම කර ගන්න එක.

09. ඔබ දුකෙන් ඉන්න වෙලාවක ඒ ගැන ඔහු ඔබෙන් අහනවා. ඔබ කියනවා, "නෑ මුකුත් නෑ මම හොඳින්" කියලා. ඊට පස්සේ ඔහු හිතන්නේ ඔබ ඇත්තටම හොඳින් කියලා. ඒකෙන් අප්සෙට් වෙන්නේ ඔබමනේ. ඒක නිසා ඔහුත් එක්ක ඉන්න හැම වෙලාවකදීම ඔබේ හැඟීම් කෙලින් ප්‍රකාශ කරන්න. එහෙම නැතුව, මේ මිනිහා නම් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි කෙනෙක්ය කියලා ඔහුට දොස් පවරන්න එපා.

10. ඔබට ඔහුත් එක්ක කොහේ හරි ගමනක් යන්න ඕනේ වුනු වෙලාවක මම මොකක්ද අඳින්නේ කියලා ඔහුගෙන් අහන්න එපා. මොකද ඔබ මොකක් ඇන්දත් ඔහුට shape.

11. හැම වෙලාවකදීම ඔහු හිතන්නේ ඔබට ගොඩාක් ඇඳුම් තියෙනවා. උවමනාවටත් වඩා සපත්තු ජාති ගොඩක් තියෙනවා කියලා. අපිට කවදාවත්ම එහෙම හිතෙන්නේ නෑ නේ.

12. ඔබ ඔහු ගැන මොන විදිහේ හැඟීමෙන් හිටියත් ඔහු හිතන්නේ ඔහු පට්ටම හැන්ඩියෙක් කියලයි.

මේ කරනා ගැන හොඳින් තෙරුම් ගන්න. එතකොට ඔබ දෙදෙනාටම ලස්සන ජිවිතයක් ගත කරන්න පුළුවන් මොකද මොන දේ වුනත් නැතත් පිරිමි, පිරිමිම තමයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 133 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/133/how-to-interact-with-men.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:41 AM
Script:/article/133/how-to-interact-with-men.html