බිරින්දෑ තමුන්ගේ ස්වාමියාට නිගරු කරන බව හැඟෙන අවස්ථා කිහිපයක්

April 4, 2019
11,304
Ways wives disrespect husbands
විවාහක කාන්තාවකගේ මූලිකම අදහස තිබිය යුත්තේ තමුන් සහ සැමියා එක්ව තනන පවුලේ සාර්ථකත්වයයි. සාර්ථක සැමියෙකු පසුපසින් සිටිනවා යැයි කියනා සාර්ථක ගැහැනියක යනු පිරිමියා රූකඩයක් සේ පාලනය කරන කාන්තාවක් නොව ඔහුට සහයෝගයක් දෙන කාන්තාවක් යන්නයි. විවාහයක මූලික හරය ලෙසින් ගත් කළ එය කිසිසේත්ම පුරුෂයාට දෙවැනි වීමක් වෙන්නේ නැහැ. එය එකිනෙකා විසින් තමන්ගේ ආදර්වන්තයා හෝ ආදරවන්තියගේ සාර්ථකත්වය වෙනුවෙන් සිදුකරන්නා වූ ක්‍රියාවක් පමණක්මයි. නමුත් ඇතැම් බිරින්දෑවන් තම සැමියා හට එලෙසින් ලැබිය යුතු ගෞරවය හිමි කර දෙන්නේ නැහැ. මේ සටහන ඒ සම්බන්ධවයි.

කතාවක් කියන්නෙ කොහොමද?

සාමාන්‍යයෙන් ඉතිං බිරින්දෑවො වැඩිපුර කතා කරල තියෙනවානෙ. මේ අය කතා කියනවානෙ නිතරම. හැබැයි ඉතිං ඕනම බිරින්දෑවක් පිළිගන්න කතාවක් තමයි තමුන්ගෙ සැමියා ඒ කතා අහන්නෙ ඕනවට එපාවට කියලා. මෙන්න මෙතනදි සමහර බිරින්දෑවො මේවා කරන විදි තියෙනවා. ඒ එකක් තමයි සැමියා කලින් කරපු වැරද්දක් අල්ලගෙන කතාව පටන්ගන්න එක. නැත්තං කතාවෙ ජෝක් එකට ලක් වෙන කැරැක්ටර් එක විදියට හබියව පත් කිරීම. එහෙමත් නැත්තං හිබයට නරක නාමයක් ගෑවෙන විදියට ඒ කතාව කීම. මෙන්න මේවා අන්න අර අපි කියපු විදියෙ නිගරු කරන්න බලං ඉන්න වයිෆ් කෙනෙකුගෙ ලක්ෂණයක්.

හබියාවත් ගෑවීම

සාමාන්‍යයෙන් කාන්තාවො දෙන්නෙක් අතරෙ කෙනෙකුගේ මෝඩකම් ගැන කතාවෙන සාමාන්‍ය ඕපදූප තියෙන්නෙ. ඒ ඕපාදූපය යන අතරෙ සැමියාට නිගරු කරන වයිෆ් කෙනෙකුත් ඉන්නවානම්, එයා මේ කතාවෙ වැරදිකාර චරිතයට සැමියාව ගාවන්නට උත්සාහ කරනවා. ඒ වගේම මේ ප්‍රශ්නවල සැමියා ඒ හා සමානව කරපු වැරදි වැඩ සහ ඒ ආශ්‍රිත සියළු දේ එකතු කරලා තමුන්ගේ සැමියාව පහළ හෙලන්නත් බිරින්දෑ පසුබට වෙන්නේ නෑ.

නුගුණ සිහිපත් කිරීම

මේ අදහසට කිට්ටු අදහසක් කලිනුත් කියවෙන්න ඇති. ඒ තමයි තමුන්ගේ සැමියා ගැන හිතේ තියෙන කේන්තිය සහ ඒ කේන්තිය පැන නගින්න මූලික වෙච්ච සැමියාගේ නුගුණ තැන තැන කියන එක. මේකත් නිගරු කරන බිරින්දෑවකගෙන් දකින්න පුළුවන් පොදු ලක්ෂණයක් විදියට දක්වන්නට පුළුවන්.

පොදු සමාජයේදි

සාමාන්‍යයෙන් පොදු සමාජයේදි සැමියා සමග සිදු වෙන කතාබහෙනුත් මේ නිගරු කිරීම දකින්න පුළුවන්. සැමියාව මගහරිනවා නම්, සැමියාව ගනන් නොගන්නවානම්, ප්‍රසිද්ධියේ පවා සැමියාට ඔරවමින් ඔහු හා රණ්ඩු කරනවානම්, ඇයගේ කතා බහ සිදුකරන අතරේ
ඔහුට රිද්දන සුළු ප්‍රකාශ නිකුත් කරනවානම් ඇය කිසිසේත්ම ඔහුට ගරු කරන්නේ නැති බව සහතිකයි.

දරුවන් ඉදිරියේ

දරුවන් ඉදිරියේ ස්වාමිපුරුෂයාට පැන වදිනවානම්, පරුෂ වචන කියනවානම් සහ නොයෙක් වූ අසැබි වචනවලින් හඳුන්වනවානම්, දරුවන්ගේ තීරණ සැමියා සමග සාකච්ඡා කර නොගන්නවානම්, දරුවන්ට තාත්තාගෙ වැරදි කතා උගන්වනවානම් ඇය ඔහුට නිගරු කරන කාන්තාවක් වන අතර දරුවන්ගේ සිතේද තම පියා පිළිබඳ වැරදි සහ නරක ප්‍රතිරූපයක් ගොඩනගන්නට එය හේතු වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,254
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,002
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,987
   21

කජු දෝසි - Recipe

Video
How to get vitamin E for healthy skin and hair
   71,421
   20

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව

Latest Articles

Most Viwed