යෝනියේ මාංශපේශි දැඩි කරන මිථ්‍යාව

May 28, 2019
9,802
Myth of tightening muscles in vagina
කාන්තාවක් විදිහට තමන්ගේ තරුණබව සදාකාලිකව රැක ගැනීමට අකමැති කිසිම කෙනෙක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලබන විවිධ ක්‍රමවේදයන් නිසා අසීරුතාවයට පත් වීමට තිබෙන අවදානමක් තිබෙන බවත් අමතක කළ යුතු නැහැ. හැම දෙයක්ම කරන්නන් වාලේ අනුගමනය කිරීම එතරම් බුද්ධිගෝචර නොවන බව අපි අමතක කළ යුතු නැහැ.

කාන්තා යෝනියේ මාංශපේශි ශක්තිමත් කරන බවට පළ වෙන ප්‍රචාරයන් නිසා කාන්තාවන් තමන්ගේ තිරිහන් බව වෙනුවෙන් මෙම චිකිත්සාවන් වෙත යොමු වීමේ ප්‍රවනතාවයක් ඇතත් එය පිලිගත හැකි වෛද්‍ය තාක්ෂණයක් නොවන බව එන්ගලන්ත නාරි සහ ප්‍රසව රාජකීය විද්‍යාලයේ වෛද්‍ය වැනේසා මැකෙයි විසින් සඳහන් කරනවා. ශල්‍ය උපකරණ නොවන උපකරණවලින් යෝනියේ මාංශපේශි දැඩි කරන හෝ නැවත සකසන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. කාන්තාවන් ඔවුන්ගේ යෝනි මාර්ගයේ හැඩය සහ සංවේදී බව ගැන සැලකිලිමත් වෙනවානම්, ඒ වෙනුවෙන් යොමු විය යුත්තේ සෞඛ්‍ය විහේෂඥයන් වෙතට බව ඇගේ අදහසයි.

ඒත් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල පෞද්ගලික සායන ඔස්සේ කෙරෙන මෙම “චිකිත්සා” මගින් පිළිස්සුම් තුවාල, කැළැල් පමණක් නොව කාලාන්තරයක් පවතින ශාරීරික වේදනා ද ඇති වීමට ඉඩ තිබෙනවා. වෛද්‍ය වැනේසා මැකේසි මේ පිලිබඳව කිසිම එකඟතාවයක් පෙන්වන්නේ නැහැ. ඇය තරයේ කියා සිටින්නේ යෝනියේ මාංශපේශි දැඩි කරන බව කියන ඔවුන් යෝනි මාර්ගය තුළට උපකරණයක් ඇතුළු කර යෝනියේ මාංශපේශි උණුසුම් කිරීමක් හෝ ලේසර් කිරීමක් සිදු කරනවා. ඒත් එයින් තරුණ බවක් ඇති වෙනවාද කියන දේ ගැන තවම පැහැදිලි කරුණු අපට දකින්න නැහැ.

“ශල්‍ය උපකරණ නොවන උපකරණවලින් යෝනියේ මාංශපේශි දැඩි කරන හෝ නැවත සකසන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. කාන්තාවන් ඔවුන්ගේ යෝනි මාර්ගයේ හැඩය සහ සංවේදී බව ගැන සැලකිලිමත් වෙනවානම්, ඊට අදාළ සෞඛ්‍ය විශේෂඥයෙකු හමුවිය යුතුයි. නමුත් එක දෙයක් මතක තබා ගැනීම වැදගත්. ඒ තමයි, කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිහිටීම එකිනෙකාට වෙනස්” යන්න එක්සත් රාජධානිය නාරි සහ ප්‍රසව රාජකීය විද්‍යාලයේ වෛද්‍ය වැනේසා මැකේයි පැවසීය.

වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කරන ඇය කියා සිටින්නේ ලේසර් කිරණ ලේසර් කිරණ ඇතුළු බලශක්තිය යොදා ගනිමින් ක්‍රියාත්මක වන කුඩා උපකරණ යොදා ගෙන යෝනි මාර්ගයේ තිබෙන පිලිකා කාරක සෛල හා ඉන්නන් ඉවත් කරන්න පුලුවන්. නමුත් මාංශ පේශි දැඩි කිරීම ගැන නම් සහතික වීම අමාරුයි. කාන්තාවන් නොමග යවන මෙම අනතුරුදායක තත්වය ගැන අදහස් ඉදිරිපත් කරන ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන දෙපාර්තමේන්තුව (FDA) සඳහන් කරන්නේ සාර්ථක ප්‍රතිඵල අත් වෙන බව ඔප්පු වී නැති මෙම අනතුරුදායක ක්‍රියාවලිය තව දුරටත් වෙළෙඳපොළේ ප්‍රචාරය කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව යි.

“මේ නිෂ්පාදන ඉතා අනතුරුදායකයි වගේම මෙකී ක්‍රියාවලියට ඒවා පාවිච්චි කිරීමට සුදුසු බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. කාන්තාවන්ට වෙන්න පුළුවන් හානිය ගැන අපි දැඩි අවධානයක් යොමු කර සිටිනවා” යැයි FDA නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ. තිරිහන් වීමට යැයි සිතා සෞඛ්‍යාරක්ෂිත නොවන කටයුතු වෙනුවෙන් යොමු වුනොත් පහත දැක්වෙන රෝග තත්වයන්ට පත් වීමට ඉහළ අවදානමක් ඇති බවත් මෙම ආයතනය විසින් සඳහන් කර තිබෙනවා.

- ආර්තවහරණය
- මව්කිරි ලබා දීමට බාධා,
- දරුවන් ලැබීමට බාධා
- ලිංගික එක්වීමකට ශරීරය සූදානම් නොකිරීම,
- ගැබ් ගැනීම වැළැක්වීම

මෙම උපකරණ නිෂ්පාදකයන්ගේ ගණන ඉහළ යමින් පවතින අතර, ඔවුහු මෙම ක්‍රියාවලිය තුළින් ආර්තවහරණයේ ලක්ෂණ, මුත්‍රා පිටවීමේදී සහ ලිංගාශ්‍රිතව ඇතිවන සංකූලතාවලට ද ප්‍රතිකාර කරන බව පවසති.

“කාන්තා සෞඛ්‍ය ගැන සහ ලිංගික සෞඛ්‍ය ගැන ඉතා දැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්න තිබෙනවා. මේ ගැන තවත් උනන්දු විය යුතු අතර, ඉතා සංවේදී ආකාරයෙන් එම ප්‍රතිකාර ක්‍රම ගැන නිසි අවබෝධයක් ලබා දිය යුතුයි. මේ දේවල් රැවටිලිසහගත, අතිශයෝක්තියෙන් යුතු අලෙවි කිරීමේ ක්‍රමවලින් තොර විය යුතුයි” යැයි FDA නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යය ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික, ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය පෝල් බැන්වෙල් පැවසුවේය.

“යෝනි මාර්ගයේ ඇතිවන වියළි බව ජීවිතයේ යම් කාලයකදී බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. ඒත් මේ විදිහට ජෛව විද්‍යාත්මක තත්වය වෙනස් කරන්න බැහැ. යෝනි මාර්ගයේ මාංශපේශි දැඩි කරගෙන, සංවේදී බව වැඩි කර ගන්න ශ්‍රෝණිය හා සම්බන්ධ යම් ව්‍යායාම තිබෙනවා” යැයි වෛද්‍ය
වැනේසා සඳහන් කර සිටී.

ශ්‍රි ලංකාවේ මේ අදහස සමාජගත වීමට තිබෙන අවස්ථාවන්ට BBC හි පළ වුන මෙම ලිපිය වඩාත් පිටුවහලක් වීමට ඉඩ තිබෙනවා.

එන්. ඒ. පි. සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1338 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:14:59 AM
Script:/article/1338/myth-of-tightening-muscles-in-vagina.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:00 AM
Script:/article/1338/myth-of-tightening-muscles-in-vagina.html