කරපිංචා වල නිමක් නැති ගුණ

May 19, 2020
6,467
Important facts about curry leaves
විශාල ඉඩ වපසරියක් අයත් නොවන සේ වගා කළ හැකි කරපිංචා කුඩා ගෙවත්තක වුව වගා කර ගත හැකි පැලෑටියකි. කරපිංචා අපට ඉතා හොඳට හුරු පුරුදු රස කාරකයක් වන කුඩා පැලෑටියෙන් රසකාරකයක්ය යන සංකල්පයෙන් ඔබ්බට ගිය බොහෝ ගුණ ලබා ගත හැක.

කරපිංචාවල අන්තර්ගත විෂ නසනගුණය ඉතා අපුර්වයක් ලෙස සැලකේ. වස විස නොමැතිව හැදෙන වැඩෙන කරපිංචා බොහෝ රෝග වෙනුවෙන් අත්බේතක් ලෙසින් යොදා ගැනේ.

සර්ප දෂ්ටනය කළ අයට කරපිංචා කොළ යොදා ගෙන කැඳ පිලියෙල කර දෙන්නේ කරපිංචාවල ඇති ප්‍රතිවිෂකාරක ගුණය නිසාය.
Murray koennigii උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන කරපිංචා Rutaceae කුලයට අයත්ය. අළු පැහැති කඳක් සහිත මෙහි පත්‍ර දර්ශණීය කොළ පැහැයක් ගනී. වර්තමාන ආහාර රටාවේ පවතින අහිතකර තත්වය නිසා මේද ගබඩා විමේ තත්වයන්ට කරපිංචා ඉතා හොඳ විකල්පයක් සපයනු ඇත.

කරපිංචා සමග සුදුළුණු පල්පයක් ලෙස අඹරා ගෙන අතිරේකයක් ලෙස ආහාරයට ගැනීම මේදය දියවීමට ඖෂධවලින් තොර ස්වභාවික ආහාරයකි. කරපිංචාවල අන්තගර්ත රසායනයන් මගින් මේද සිරුරට උරා ගැනීම අවම කරන නිසා රුධිරනාලයන්හි අභ්‍යන්තර බිත්තිවල මේද තැන්පත්විමට ඇති අවස්ථාවට එරෙහිව ක්‍රියාත්මක විමේ හැකියාව ඇති නිසා කිරීටක ධමණීන්ගේ නිරෝගිතාවය ඇති වේ. මේ නිසා රුධිර ධමණීන් අවහිරවිම නිසා ඇති වෙන හෘදය වස්තුව ආශ්රිත රෝග සංකුලතාවයන්ට කරපිංචා මගින් ලැබෙන රැකවරණය විශිෂ්ටය.

කරපිංචා කොළ පොතු කොටා එළඟි තෙල් සමග කැඳ පිස දිම සර්ප විෂට ප්‍රතිකාර ලෙස යොදා අතිතයේදි යොදා ගන්නා ලදි. අද මෙන් ප්‍රතිවිෂ නික්ෂේපනයන් නොවුන යුගයකදි සර්ප දෂ්ටනයෙන් වූ විෂට එරෙහිව ස්වභාවික ප්‍රතිවිෂ වෙනුවෙන් කරපිංචා මහත් වූ මෙහෙවරක් අනාදිමත් කාලයක පටන් ඉටු කොට ඇත.

සර්පයන් දෂ්ට කළ විට විෂ නැසීම වෙනුවෙන් කරපිංචා කොළ කැඳ පානය කිරිම අතීතයේ පටන් පැවැතුන ක්‍රමයකි. අක්මාවේ විෂ නැසීම වෙනුවෙන්ද කරපිංචා ගුණදායකය. මඤ්ඤොක්කා පිසින විට කරපිංචා කොළ එකතු කිරිමෙන් එහි විෂ සංයෝගයන් දුරු වේ. ආහාර අරුචිය වෙනුවෙන්ද කරපිංචා සහ අමුමිරිස් සම්බෝලයට දෙහි සහ ලුණු යොදා ගෙන පිළියෙළ කරන කරපිංචා සම්බෝලය බෙහෙවින් ගුණදායක වේ.

දකුණු පලාත්වල පිළයෙල කරන මාළු ඇඹුල්-තියල් කිරිමේදි කරපිංචා මත මාළු කැබලි තබයි. මාළුවල ඇති විෂ කරපිංචා නිසා නැතිවිම මෙහි ඇති විද්‍යාත්මක තත්වයයි.

ජිරණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන සංකුලතාවයන් වෙනුවෙන කරපිංචා මගින් සාර්ථක පිලිතුරු ලබා දී ඇත. මෙම පත්‍රවලින් වහනය වෙන ආහාර උත්තේජක සුගන්ධය පවා ආහාර පිලිබඳව උනන්දුව ඇති කරයි. ජිරණ මාර්ගයේ ඇති ජිවාණු නසන අතර මල බුරුල් කරයි. ජිරණ රෝගවලදී කරපිංචා දළු මීපැණි සමග මිශ්‍ර කර දීම අතිතයේ ප්‍රකට අත්බේතක් ලෙස භාවිතා කර ඇත. අතිසාරය සහ පාචන රෝග සුවපත් කර ගැනිමට වෙනත් ඖෂධයක් අවශ්‍ය නොවුන තරමටම කරපිංචා ප්‍රබල ඖෂධයක් ලෙසින් ප්‍රකටව පැවැති බවට පැරැන්නන් සඳහන් කරති. ආහාර අජීර්ණය, ආහාර අරුචිය, බඩගින්න නැතිකම වැනි රෝග සඳහා කරපිංචා කොළ කබලේ බැද කුඩුකර කෝපි මෙන් පානය කිරිමෙන් ගුණ ලැබේ.

අක්මාව රෝගී වීම ජිවිතයටම ඇති කරන බලපෑම විශාලය. මේ නිසා අක්මාවේ නිරෝගිතාවය වෙනුවෙන් වූ අවධානය ඉතා වැදගත්ය. අක්මාවේ පටක ඉදිමිම අක්මාවේ නිරෝගිතාවයට එරෙහිව ගොඩ නැගෙන විශාල බලපෑමක් වේ. කරපිංචා කොළ සිහින්ව අඹරාගෙන ආහාරයට ගැනිමෙන් අක්මාපටක ආශ්‍රිත රෝග තත්වයන්ට ගුණදායක වෙනු ඇත. සෙංගමාලය සහ අක්මා පිලිකා රෝගින්ටද කරපිංචා ආහාරයට ගැනිමෙන් ගුණ ලබා ගත හැක.

දරු පිලිසිඳ ගැනිමේ නිමිති සමග ඇති වෙන උදෑසන වමනය ගැබිනි සමයේ ඇති වෙන අපහසුදායක තත්වයකි. වමන ඔක්කාරයේදි කරපිංචා කොළ යුෂ දෙහි යුෂ සමග මිශ්‍ර කොට සීනි යොදා පානය කිරිමෙන් මෙම අපහසුතාවයට පිලියම් ලබා ගත හැක. අධි රුධිර පිඩනයටත් කරපිංචා දළු සම්බෝලය මනා විසඳුමක් ලබා දෙන අතර තරබාරුව මට්ටු කිරිමේ ගුණයෙන් යුක්තය.

සිරුරේ රුධිරගත ග්ලුකෝස් මට්ටම පාලනය කර ගැනිමට දිනපතා උදෑසන කරපිංචා කොළ දහයක මාත්‍රාව මාස තුනක් පුරා ආහාරයට ගැනීමෙන් ගුණ ලබා ගත හැක.

කේශ කළ්‍යාණය පංච කළ්‍යාණ ලක්ෂණයක් ලෙසින් අතීතයේ සලකන ලදී. නමුත් ආහාර සහ පාරිසරික හේතුන් නිසා අද කේශ කළ්‍යාණයන් ගැන කතා කිරිමට නොහැකි තරම් කාන්තාවන්ගේ කේශ කළ්‍යාණය නොවැදගත් තැනකට පත්ව ඇත. මේ නිසා කරපිංචා කොළ පොල්තෙල් සමග කකාරවා ආලේප කිරිමෙන් ගූණ ලැබේ.

රූපලාවන්ය වෙනුවෙන් කරපිංචා….

දිනපතා කරපිංචා පරිභෝජනය කිරිම අකලට කෙස් පැසිම වලක්වන අතර කරපිංචා කොළ පොල්තෙල් සමග කකාරවා ආලේප කිරිමෙන් හිසකෙස් මූලයන් ශක්තිමත් කරනු ලබයි.

කරපිංචා කොළ අහුරු තුනක් ගෙන එයින් ලබා ගත් යුෂ හිස ගල්වා විනාඩි 15 කින් පමණ සෝදා හරින්න.

හිසකෙස් හැලෙනවා නම් ඉහත කරපිංචා යුෂවලට නැවුම් එළකිරි මිශ්‍ර කරලා එය හිස ගල්වා හොඳින් මසාජ් කරන්න. එයින් විනාඩි විස්සකට පමණ පසුව සෝදා හරින්න.

කරපිංචා කොළ අහුරු දෙකක් බිත්තරයක් සමග බ්ලෙන්ඞ් කරලා එය හිසේ ගල්වා මසාජ් කරන්න.

පොල්තෙල්වලටම කරපිංචා කොළ එකතු කරලා රත් කරන්න. මෙය සතියකට දෙතුන් වතාවක් හිස ගැල්වීමෙන් හැලෙන හිසකෙස් වෙනුවෙන් ආරක්ෂාව ලැබේ.

උකුණන් සිටිනවා නම් කරපිංචාවල තිබෙන ඇට අඹරලා දෙහි යුෂ සමග හිසේ ආලේප කරන්න. හිස සෝදන්න.

කරපිංචා කොළ සහ මුල් ජලය කෝප්ප තුනක් දමා එය එකට සිඳුවා ගත් ජලයෙන් හිස සෝදන්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1608 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:18 AM
Script:/article/1608/important-facts-about-curry-leaves.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/1608/important-facts-about-curry-leaves.html