සමාජ දුරස්ථ කාලය තුළ තරුණියක් විදිහට තනිකම ජය ගන්නේ කොහොමද දන්නවා ද? - 2 කොටස - පිළියම්

May 18, 2020
9,925
How to win loneliness as a woman - Solutions
කොවිඩ් 19 වෛරසයට අපි මුහුණ දෙන මේ විශේෂිත කාලය ඇතුළේ අපේ මානසික සෞඛ්‍ය තත්ත්වයට අවධානය යොමු කරද්දී ඇති වෙන තනිකම පිළිබඳ හැඟීම් අවබෝධ කරගන්නේ කොහොමද කියලා මීට පෙර පළ කරපු පළමු ලිපියෙන් අපි ඔබව දැනුම්වත් කළා. මෙම දෙවෙනි කොටසින් අපි ඔබට කියන්නම් කොහොමද ඒ දේවල් කළමනාකරණය කරගන්නේ කියලා. ඉතින් විශේෂඥයන් පවසන්නේ බාහිර සමාජය දුරස්ථව පවතින මේ ලොක් ඩවුන් දිනවලදී ඔබ, ඉගෙන ගන්න. කාලයක් පුරා බලන් හිටපු දේවල්, විශේෂ කුසලතා ඉගෙන ගන්න කියලයි. තනි වෙලා ඉන්න එක සැපපහසුවක් ලෙස සලකන්න. ඔබ සමඟ සම්බන්ධ වන්න. අභියෝග ඔබට ලැබෙන අවස්ථාවන් බවට පරිවර්තනය කරගෙන වඩාත්ම වැදගත් ලෙස ඔබටම ආදරය කරන්න. ඇත්තටම අපිට පුළුවන් අපටම හොඳ සහකරුවෙක් වෙන්න. ඊට අමතරව මේ දේවල් ද කරන්න උත්සහ කරන්න.

ඔබගේ සමීපතමයන් හා ආදරණීයයන් සමඟ කතාබස් කරන්න: ඔවුන් ගැන සොයා බලන්න. අපි සියල්ලන්ම සුවිශේෂී කාලයන් පසුකරමින් සිටින නිසා අපි කොතැනක සිටියත් සියල්ලන්ට ම පාහේ කෙනෙක් එක්ක කතා කරන්න අවශ්‍ය වෙනවා. ඔබට හොඳින් සම්බන්ධ වෙන්න පුළුවන් පුද්ගලයින් සොයා ගැනීම සහ සෑම දිනකම එක් අලුත් පුද්ගලයෙක් ඇමතීමෙන් ඔබට හුදෙකලා හැඟීම්වලින් මිදීමට ද හැකි වෙනවා. 

එමනිසා ඔබත් මේ කාලයේදී තනිවම ජීවත් වන්නේ නම් සමාජ මාධ්‍ය නොසලකා හැරීම වෙනුවට අන්තර්ජාලය සමඟ ද කාලය ගත කිරීම හොඳයි. ඒ සඳහා මිතුරන් සහ පවුලේ සාමාජිකයන් කණ්ඩායමක් තෝරන්න. එසේම මිනිසුන් වරින් වර ඔබව පරීක්ෂා කරන බව ද අමතක කරන්න එපා.

නිවාඩු ගන්න: වසංගතය අතරතුර ඔබ නිවසේ ඉඳන් කාර්‍යාලීය වැඩ කරනවා ඇති. ඔබට විශාල වැඩ බරක් තිබුණත්, ඔබේ කාර්යබහුල කාලසටහනෙන් ටිකක් විවේක ගන්න. අප කරන කාර්යයන් වලින් විශ්ලේෂණාත්මක වෙන්වීමක් තිබිය යුතුයි. ඔබ ජීවිතයේ වෙනත් අංශයන් හඳුනාගන්න. ඔබට ජීවිතයේ ඔබේ විනෝදාංශ, පවුල, සුරතල් සතුන් සහ මිතුරන් වගේ වෙනත් අනන්‍යතා ද තියනවා. ඒ දේවල් එක්කත් ජීවිතයට වඩාත් පරිපූර්ණ ප්‍රවේශයක් ලබාගෙන කාලය ගන්න.

නව ක්‍රියාකාරකමක් උත්සාහ කරන්න: ඔබ කැමති භාෂාවක් හෝ නර්තනයක් වගේ අලුත් දෙයක් ඉගෙන ගැනීමට සිතනවා නම් ඒක පටන් ගන්න ඕනේ කාලය මේකයි. මේ සඳහා ඔබට උදව් ගන්න පුළුවන් ඔන්ලයින් පන්ති හරහා ලියාපදිංචි වන්න. අළුත් දෙයක් ඉගෙන ගැනීමෙන් ඔබට ඔබේම විශ්වාසනීය මට්ටමක් ඉහළ නංවා ගන්න පුළුවන් වෙන අතර එමඟින් තනිකම පිළිබඳ හැඟීම අඩු වෙනවා. එසේම මෙම සමහර ක්‍රියාකාරකම් සමඟ ඔබට නව පුද්ගලයින් හමුවීමට හා ඔවුන් සමඟ අන්තර් සම්බන්ධතා පැවැත්වීමට ද අවස්ථාව ලැබෙනවා.

ඔබ තනිවම නොවේ: තනිකම ඔබව අඩපණ කරන්න පුළුවන්. නමුත් මේ කාලයේ ලොව පුරා මිලියන සංඛ්‍යාත පිරිසකට තනිකමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියනවා කියලා මතක තබා ගන්න. ඔබ අන්තර්ජාලයේ සැරිසරනවා නම් මිනිසුන් ඔවුන්ගේ දුක් වේදනා බෙදාගන්නා වෙබ් අඩවි කිහිපයක් ඔබට හමු වෙයි. නිදසුනක් වශයෙන්, තනිකමේ විවිධ පැතිකඩයන් පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය ව්‍යාපාරයක් වන Web Of Loneliness (WOL) Unselfie Project පිටත සිටින බොහෝ අය සමඟ සහයෝගීතාවක් ඔබට ලබා දෙයි.

ප්‍රතික්ෂේප වීමට ඇති ඔබේ බිය සමඟ කටයුතු කරන්න: මේක අතීතයේ ඇති අනවශ්‍ය සම්බන්ධතා, අත්දැකීම් වලින් පැන නගින දෙයක්. මනෝචිකිත්සක‍යන් පවසන්නේ යමෙකුට ඒ වගේ අත්දැකීම් නිසා ආත්ම අභිමානය අඩු වෙන්න පුළුවන් කියලයි. ඔබේ ආත්ම අභිමානය වෙනුවෙන් ශක්තිමත්ව වැඩ කටයුතු කරන්න. අවශ්‍ය නම් වෘත්තිකයෙකුගෙන් උපකාර ලබා ගන්න.

 කියවීමේ පුරුද්දක් ඇති කර ගන්න: තනිකම මැඩපැවැත්වීම සඳහා කියවීමේ පුරුද්ද කියන්නේ ඵලදායී උපාය මාර්ගයක් කියලා විශේෂඥයෝ පවසනවා. ඔබ කැමති ඕනෑම දෙයක් කියවීමට පටන් ගන්න. විශේෂඥයන් පවසන්නේ කියවීමෙන් ඔබේ මනස සන්සුන් කරගන්න පුළුවන් වෙන අතර තනිකමේ ඕනෑම හැඟීමක් සමනය කරන්නත් පුළුවන් වෙනවා කියලයි. අධ්‍යයනවලින් හෙළි වෙලා තියෙන්නේ කියවන අයට දීර්ඝ ආයුෂ පවා ලැබෙන බවයි.

ව්‍යායාම කර හොඳින් ආහාර ගන්න: සෞඛ්‍ය සම්පන්න, ක්‍රියාශීලී ජීවිතයක වැදගත්කම අවතක්සේරු කරන්න බැහැ. යූ ටියුබ් එකේ තියන ව්‍යායාම වැඩසටහන් නරඹලා ඒවා අනුගමනය කරන්න. ඒ විදිහට වැඩ කිරීමෙන් ඔබට සැහැල්ලුවෙන් හා විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්න පුළුවන් මට්ටමේ හොඳ, ප්‍රීතිමත් හෝමෝන ශරීරයෙන් නිකුත් වෙනවා.

උපකාරය පතන්න: තනිකම ඔබේ දවසේ ප්‍රධාන කොටස් වලට බලපාමින් දුකක් සමඟ සම්බන්ධ වෙලා තිබෙනවා නම් සහ එය ඔබගේ එදිනෙදා ජීවිතයේ සෑම අංශයකට ම පැතිරීලා ඇත්නම් ඒකෙන් ඔබේ ශක්තිය අඩු වෙන්න පුළුවන්. මේ සඳහා සායනික මානසික උපකාරයක් ලබා ගන්න එක හොඳයි. වෙනත් වචන වලින් කියනවා නම් ඔබට ඍණාත්මක හැඟීම් ජය ගැනීමට නොහැකි බව ඔබට හැඟෙනවා නම් වෘත්තීය උපදේශකයෙකුගේ උපකාර පැතීමට පසුබට වන්න එපා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Milk Toffee Recipe
   175,252
   24

කිරි ටොෆී - Recipe

කිරි ටොෆී ගෙදරදීම හදමු
chore lists for kids
   71,002
   22

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
Kaju Dosi Recipe
   178,986
   21

කජු දෝසි - Recipe

Video
5 skin care tips for your neck
   67,506
   20

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්

Latest Articles

Most Viwed