ආහාර පාන ගනිද්දී කුසේ ඉන්න දරුවා ගැනත් හිතන්න කියන්නේ මෙන්න මේ නිසයි

June 19, 2018
12,343
think twice about what you eat while pregnant
දරු සම්පත ලබන්න ඉන්න හැම මවක්ම කුසේ වැඩෙන දරු පැටියාගේ පෝෂණය, ආරක්ෂාව ගැන ගොඩක් හිතනවා. ඒ නිසාම මේ කාලේදී හැම දේකින්ම මවක් ගොඩාක් පරිස්සම් වෙන්න උත්සාහ කරනවා. කෑම බීම, අඳින පළදින විදිය, ගමන් බිමන් යද්දී වගේම බෙහෙත් හේත් ගනිද්දී වුනත් ඒ ගැන ගොඩාක් හිතන්නේ ඒ හැම දෙකින්ම දරුවාට බලපෑමක් සිද්ධ වෙන නිසා. විශේෂයෙන් ආහාර පාන ගනිද්දී. නූපන් ළදරු මරණ සඳහා මවක් විසින් ගනු ලබන ආහාර වලින්ද බලපෑමක් සිදු වෙන බව ඔයා දැන හිටියද?

ගර්භනී සමයේ ඔයා ආහාර පාන ලබා ගනිද්දී මුලින්ම අවදානය දෙන්න ඕන ඒ ආහාර වල සුරක්ෂිත බාවය ගැන. මොකද ඉස්සර වගේ නෙවෙයි අද කාන්තාව ගොඩාක් කාර්යබහුලයි. ඒ නිසා නිවසේ රැඳෙන්නේ හරිම අඩුවෙන්. එහෙම වුණාම අහුවෙන දෙයක් කන්න සිද්ධ වෙනවා, විශේෂයෙන් දිනපතා රැකියාවට යන කෙනෙක් නම් මේ කියන දේ අනිවාර්යෙන් සිද්ධ වෙනවා.

කෘතීම ආහාර සහ සුරක්ෂිත ලෙස පිස නොගත් ආහාර ලබා ගැනීමෙන් කුස තුල වැඩෙන කලලයට දැඩි බලපෑම් ඇති කරනවා. මොකද ඒවගේ ඇති අහිතකර රසායනික වලට ඔරොත්තු දීමේ හැකියාවක් කුඩා කලලයකට නැහැ.

වෙළඳ පොලෙන් මිලදී ගන්න ආහාර වල නිෂ්පාදිත දිනය හා කල් ඉකුත් වීමේ දිනය අවධානයෙන් බැලිය යුත්තක්. කල් ඉකුත් වූ ආහාර සහ නියමිත උෂ්ණත්වය යටතේ ගබඩා නොකර ආහාර වර්ග වල අහිතකර විෂ රසායනිකයන් ඒවායේ වර්ධනය වූ බැක්ටීරියාවන් මවගේ ශරීර ගත වුනොත් වමනය, පාචනය වගේ තත්ත්වයන් ඇති වෙන්නත් දරුවාට අහිතකර බලපෑම් ඇති කරන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේ කාලේදී සකස් කළ මස් වර්ග ආහාරයට ගැනීමෙන් සම්පුර්ණයෙන් වැළකෙනවා නම් ඒක තමයි හොඳම දේ. ඒ කියන්නේ සොසේජස්, මීට් බෝල්, හැම්, බේකන් වගේ ආහාර.

ඒ වගේම ටින් කල ආහාර තෝරා ගැනීමේදීත් ඔයා ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. මේ කාලේදී ඒවගේ ආහාර නොගන්න තරමට හොඳයි. එහෙම නැත්තන් කලින් කිව්වා වගේ කල් ඉකුත් වීමේ දිනය ගැන වගේම ඇසුරුම් වල පළුදු තියෙනවාද කියලා හොඳින් පරික්ෂා කරන්න. ඒ වගේම ආපන ශාලා, හෝටල් වැනි ස්ථාන වලින් ආහාර ගැනීම හැකි තරම් අවම කරන්න. මොකද ඒවායේ සුරක්ෂිත බව හා පෝෂණ ගුණය ගැන විශ්වාසයක් තැබිය නොහැකියි.

ඒ වගේම හොඳින් ඉදුණු ඕනෑම පලතුරු වර්ගයක් ආහාරයට ගැනීම සුදුසුයි. එළවලු පිස ගනිද්දී අනවශ්‍ය විදියට තම්බන්න එපා. ඒ එහෙම වුනොත් ඒවායේ ඇති පෝෂණ ගුණයන් විනාස වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම එළවලු වලින් සලාද වැනි දේ සකස් කර ගනිද්දී ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. කෘමි නාශක, වල් නාශක වගේ අහිතකර රසායනිකයන් වලින් වන බලපෑම් කුස තුළ වැඩෙන කලලයට දරා ගන්න බැහැ.

තක්කාලි, සැමන්, අන්නාසි වගේ ආහාර සමහර අයට විවිධ අසාත්මිකතා ඇති කරනවා. ඒ වගේ ඔයාට අසාත්මිකතා ඇති වෙන ආහාර වර්ග තියෙනවා නම් ඒවායින් වලකින්න. දරු ගැබ කුස දරා ගෙන ඉන්න කාල සීමාවේදී මේ දේවල් වලට අමතරව අනිත් හැම දෙයකදීම ඔයා ඉතා විමසිල්ලෙන් හා ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕන කියන එක හොඳින් මතක තියා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 895 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:44:37 PM
Script:/article/895/think-twice-about-what-you-eat-while-pregnant.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 9:44:37 PM
Script:/article/895/think-twice-about-what-you-eat-while-pregnant.html