අලුත් අම්මලාගේ ආතතිය වළක්වා ගැනීමට සරල ක්‍රම 6 ක්

October 28, 2020
7,288
Tip to avoid new moms stress
දෙමාපියන් බවට පත් වීම කියන්නේ සැමියන්ට වගේම බිරින්ඳෑවරුන්ටත් අත්විඳින්න පුලුවන් ලෝකයේ ලොකුම ප්‍රීතිමත් අවස්ථාවක්. ඒක විශාල ප්‍රීතියක් වුණත් ප්‍රායෝගික ජීවිතයේදී සමහර වෙලාවට ගැටලු ඇති කරවන තත්ත්වයක් ද වෙනවා. මොකද දරුවෙන් බිහි කළාට පස්සේ නිදි නැති රාත්‍රීන් සහ වෙහෙසකර දිනයන් ඇති වෙන නිසා ඕනෑම අම්මා කෙනෙක්ට මානසික ආතතියක් ඇති වෙන්න පුලුවන්. බොහෝ දෙමව්පියන් තමන්ගේ ජීවිත කාලය තුළදි අවම වශයෙන් එක් වරකදී වත් මානසික ආතතියෙන් පෙළෙනවා. දෙමාපියභාවය එක රැයකින් පුද්ගලයෙකුගේ වගකීම දෙගුණ තෙගුණ කරනවා. ඒ වගෙම දෙමව්පියන් දෙදෙනාම දිනකට පැය 8 ක් වැඩ කරනවා නම්, රැකියාව ඔවුන්ව තව තවත් ආතතියට පත් කරනවා. නමුත් සෑම විටම හොඳ මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සහ මානසික ආතතිය ජීවිතයෙන් දුරු කිරීමට ඔයාට උපකාරී වන ක්‍රම කිහිපයක් ගැන අපි අද කියන්නම්.

වගකීම් බෙදා ගන්න:
ඔබ දෙදෙනා අතර වැඩ බෙදා ගන්න. ආතතිය අඩකින් අඩු කිරීමට එය හොඳ ක්‍රමයක් වෙනවා. වගකීම් බෙදා ගැනිමෙන් නියමිත වේලාවට වැඩ ටික සිදු කෙරෙන අතර ආතතියට වඩා සතුටක් ඔයාට දැනෙන්න පටන් ගන්නවා.

මිතුරන් අමතන්න:
මිතුරන් සමඟ කතා කරන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ මනසේ ආතතිය වෙනතකට යොමු කිරීමට හොඳ ක්‍රමයක් වෙනවා. ඒ වගේම මිතුරන් සමඟ කතා කිරීමෙන් ඔයාට ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා. ඔයාට ඔයාගේ දැන් පවතින තත්වයන් ඔවුන් සමඟ බෙදා ගන්න පුළුවන් වගේම දරුවන්ගේ අත්දැකිම් ඔවුන් සමඟ බෙදා ගැනිමෙන් ඔයාට මානසික ආතතියෙන් තොර ප්‍රශස්ත දෙමාපියභාවයක් පවත්වාගන්න බෙහෙවින් උපකාරී වෙනවා.

දෙමාපියන් සමඟ සාකච්ඡා කරන්න:
දෙමව්පියන් කියන්නේ දරුවන් ගැන වඩාත්ම අත්දැකීම් ඇති පුද්ගලයින්. ඇත්තෙන්ම ඔයාගේ දෙමව්පියන් කියන්නේ ඔයාව අවුරුදු ගණනාවක් තිස්සේ හදා වඩා ගත් අයයි! දෙමව්පියන් ද මානසික ආතතිය සමඟ කටයුතු කරලා ඇති. ඒ නිසා, ඔවුන් සමග සුහද සාකච්ඡාවක් පැවැත්වීම ඔයාට ඉතා ප්‍රයෝජනවත් වෙයි. ඔවුන් ඔයා ළඟ නැති නම්, දුරකථන ඇමතුමක් දීලා කතා කරන්න. ඔවුන්ගේ සැනසිලිදායක වචනවලින් ඔයාගේ සිතට සැහැල්ලුවක් ඇති කරයි. ඔයාගේ හදවත ඔවුන්ට විවෘත කිරීමෙන් මානසික ආතතියට ඔයාගේ මනසට ඇතුළු වීමට තිබෙන දොර වසන්න පුලුවන් .

ආදරය කරන දේ කරන්න:
ඔයාට පොත් කියවීම, සංගීතයට සවන් දීම, නැටුම් හැදෑරීම, චිත්‍රපට නැරඹීම වගේ විවිධ මාර්ග ඔස්සේ මානසික ආතතියට එරෙහිව සටන් කරන්න පුලුවන්. දරුවාගේ වැඩ කරන අතරතුර ලැබෙන විවේකයේදී ඔයා වැඩිපුරම ආදරය කරන ක්‍රියාකරකම් කිරිමටත් යම් කාලයක් වෙන් කර ගන්න. ඒ හරහා මනස සන්සුන් කර ගනිමින් සහනයක් ලබා ගන්න ඔයාටම පුලුවන් . කැමති විනෝදාංශ වල යෙදීමෙන් කාර්යබහුල හා ආතති සහගත දවසකින් පස්සේ ඔයාට ප්‍රබෝධයක් දැනෙයි.

එකිනෙකා සඳහා කාලය ගන්න:
දෙමව්පියන් වීම කියන්නේ ඔබ දෙදෙනාට එකිනෙකා කෙරෙහි අවධානය යොමු කිරීමට තවත් හේතුවක්. දෙමාපියභාවය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට ඔබට පුලුවන් පමණින් එකිනෙකා සමඟ කාලය ගත කරන්න. එකිනෙකාට අලුතින් එකතු වු වගකීම් ගැන කතා කරන්න සහ එකිනෙකාට ගෞරවය ලබා දෙන්න. එකට කාලය ගත කිරීම හරහා ඔබ දෙදෙනාගේ සම්බන්ධතාවයට අලුත් ජිවයක් ඇති කරවයි.

රැකියාවෙන් ඉවත් වන්න:
අලුත් දෙමාපියභාවය සමග රැකියාවෙ වැඩ කටයුතු ද කරන එක සමහර අම්මලාට ලොකු තෙහෙට්ටුවක්. ඒ වගේම ඔයාගේ වෘත්තීය වැඩ කටයුතු නිවසේ ගත කරන කාලයෙන් බැහැරව තබා ගැනීම ද බෙහෙවින් වැදගත්. දෙමව්පියන් වීම කියන්නේන පූර්ණ කාලීන රැකියාවක් වන නිසා ඔබට පුළුවන් නම් කෙටි කාලයකට හෝ රැකියාවෙන් ඉවත් වෙලා දරුවන් වෙනුවෙන් අවධානය යොමු කරන්න. ඒ හරහා රැකියාවේ කාර්‍යබහුලකම නිසා ඔබේ මනසට ඇති වෙන මානසික ආතතියට ද අගුළු දමන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-14 00:00:00' and A.id <> 1891 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:08:18 PM
Script:/article/1891/tip-to-avoid-new-moms-stress.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Monday, September 15, 2025 at 10:08:19 PM
Script:/article/1891/tip-to-avoid-new-moms-stress.html