ඔයාගේ දෙතොලේ සුන්දරත්වය හැමදාටම තියා ගන්න

October 14, 2018
6,412
Keep your lips beautiful everyday
තරුණියන් කැමති ඔයාගේ ලස්සන තවත් ලස්සනට පේනවට ඒක නිසා තමා ඔයා make-up පාවිච්චි කරන්නේ. අද හැම තරුණියක්ම ගෙදරින් එලියට යනකොට තොල් ආලේපන ගානවා. තොල් කාන්තාවකගේ අලංකාරය වැඩි කරන නිසා ඔයා තොල් ගැනද සැලකිලිමත් වෙන්න වෙනවා. ඔයා කොච්චර ලස්සන උනත් හරියට ඔයා තොල් ආලේපනය පාවිච්චි කරන්න දන්නේ නැතිව ඇති. තොල් ආලේපනය නිසා ඔයාගේ ලස්සන වැඩි කරලා පේනවා. ඔයාගේ තොල් අවපැහැ ගැන්විලා, ඉරි තැලීලා වියලිලා නම් ඔයාගේ මුහුණට අවලස්සනක් තමයි ගෙනත් දෙන්නේ. ඔයාගේ තොල් වල මි පැණි තවරන්න එතකොට ඔයාගේ තොල් වල නිරෝගිව බව තියාගන්න පුළුවන්. අද හැඩකාරී ඔයාට ඔයාගේ ලස්සන මුහුණට තවත් ලස්සන වැඩි කර ගන්න තොල් ආලේපන පාවිච්චි කරන්නේ කොහොමද කියලා දෙනවා.

තොලේ පැහැය සහ සමේ පැහැය අනුව



ඔයා තොල් අලේපනයක් තෝරා ගන්නකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ ඔයාගේ සමේ පැහැය සහ තොලේ පැහැයයි. ඔයා තොල් අලේපනයක් ගන්නකොට ඔයා ඉස්සෙල්ලම ඔයාගේ අතේ උඩ පැත්තේ ගලා බලලා තමා ගන්නේ. ඔයා මේ විදිහට ඔයාගේ තොල් ආලේපනය තෝරා ගන්නවා නම් ඒ විදිහ වැරදියි. අදම නවත්තන්න. ඔයා තොල් අලේපනය ගන්නකොට ඔයාගේ තොලේ ගලා බලලා ගන්න.

Lip liner pencil



අද හැමෝම වගේ lip liner pencil එකක් පාවිච්චි කරනවා. Lip liner pencil එකෙන් ඔයාගේ තොලේ ස්වභාවික පෙනුම වැඩි කරලා දෙනවා. ඒකෙන් ඔයාගේ තොල ලොකු නැත්තම් පොඩි කරලා පෙන්නන්නේ නම් නැහැ. ඔයාගේ ස්වභාවික තොලේ පෙනුමේ අඩු පාඩු හදලා දෙනවා.

lip liner



lip liner එකෙන් ඉරක් විදිහට ඔයාගේ තොලේ මත අඳින්න. lip liner අඳිනකොට පෙනෙන නොපෙනෙන විදිහට අඳින්න. තොල් අලේපනයට ගැළපෙන පාටක් වෙන්නත් ඕන. ඔයා පාවිච්චි කරන තොල් ආලේපනය පාටට වඩා තද පාටක් වෙන්න ඕනේ. lip liner එකින් ඔයාගේ තොලේ හැඩයට ඇඳ ගන්න. Lip liner එකෙන් ඔයාගේ දෙතොලට මනා නිමාවක් ගෙනල්ලා දෙනවා.

තොල් ආලේපන වර්ණය තැවරීම



ඔයාගේ තොල් ආලේපන වර්ණය බුරුසුවක් ආධාරයෙන් තොල මත ආලේපනය කරන්න. පළමුව පහළ තොලේ මැද හරියෙන් පටන් අරන් දෙවනුව උඩු තොලේ තොල් ආලේපනය තවරන්න. තොලේ කොන් වල අලේප කරන කොට බුරුසුවේ පැත්තක කෙලවර උදව්වට ගන්න. දිගු වෙලාවක් තියා ගැනීමට නම් ටිෂූ කඩදාසියක් තොල් දෙක මත තියලා තද කරන්න. පසුව නැවතත් පෙර ලෙසට බුරුසුවක් උදව් වෙන් තොල් ආලේපනය අලේප කරන්න.

Lip gloss අලේප කිරීම



Lip gloss අලේප කිරීම මගින් ඔයා බලාපොරොත්තු වෙන්නේ තොල් මත ඇති වෙන තෙතමන පෙණුමක් ලබා දීමයි.


ඔයාගේ තොල් දෙක ලස්සනට තියා ගන්න නම් මේ විදිහට තොල් ආලේපන භාවිත කරන්න. ඔයාගේ තොලට මනා ලස්සනක් ගෙනත් දෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

10 symptoms shows you are pregnant
   57,782
   35

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Are you sleepy always? It can be a sign if a problem in your body!
   16,115
   18

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
Changes in your body if you consume cod-liver oil daily
   98,706
   16

ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි
How to reduce under arm sweating
   27,959
   15

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
Are you aware of dry cracked feet?
   18,873
   14

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි

Latest Articles

Most Viwed