උයන රහස් : පොඩි පොඩි දේවල් වලින් ලොකු වෙනසක් (01)

September 20, 2019
6,253
Small cooking tips for a big change
හැඩකාරියෝ වුනත් උයන පිහින කටයුතු වලදී පුංචි අත්වැරදීම් වෙන්න පුලුවනි. ඒ වගේම කාලය ඉතිරි කර ගන්න විවිධ ක්‍රම සහ විධි වුනත් දැනගෙන ඉන්නවා නම් ඒ කටයුතුවලට වඩාත් පහසුවක් වෙනවා. එහෙමනම් උයන පිහින කලාවට ආදේශ කර ගන්න පුලුවන් පුංචි රහස් ටිකක් මේ....

බිත්තර…
කේක් වැනි දේ පිලියෙල කරද්දී බිත්තර එක එක කඩමින් මිශ්‍ර කරන්න. එවිට නරක් වුන බිත්තරයක් තිබුනොත් එයින් මුලු මිශ්‍රණයටම ඇති වෙන බලපෑම නැති වේ. බිත්තරයක් කල් තබාම නරක් වී ඇත්දැයි දැනගැනීමට නම් මේ විදිහට බලන්න පුලුවනි.
• වතුර බදුනකට දැමූ විට උඩ පාවේ.
• කහමදය සහ සුදු මදය එකට එක් වී තිබීම
• දුර්ගන්ධයක් දැනේ.

පාන් කපනකොට….
පාන් සිහින්ව පෙති කපා ගැනීමට අවශ්‍ය නම් පිහිය උණුවතුරේ දමා රෙදි කැබැල්ලකින් පිසගන්න. පාන් නොකැඩී කපා ගත හැකියි.

අල, බිත්තර තම්බද්දී…
අල, බිත්තර වගේ දේවල් තම්බන විට ඒ වතුරට ලුනු ස්වල්පයක් එක් කර ගැනීමෙන් ඉතා පහසුවෙන් පොතු ගලවා ගත හැකියි.

කඩල තම්බන්න පෙර…
ඒ වගේම කඩල තම්බා ගන්න පෙරාතුව පෙගෙන්න දමන්න. එහම නැත්නම් පොල්තෙල් ටිකක් එක් කරන්න. ඉක්මනින් තම්බා ගත හැකියි.

පරිප්පු තැම්බීමට පෙරාතුව ලුණු එක්කරන්න එපා.

මේවා අධිශීතකරණයේ තියන්න…
කරවල සහ හාල්මැස්සන් වැනි දේ තෙතමනයේ තැබූ විට පුස් අල්ලන්න තිබෙන ප්‍රවනතාවය ඉතා ඉහලයි. ඒත් මේවා අධිශීතකරනයේ තබා ගැනීමෙන් පුස් ගතියෙන් බේරා ගත හැකියි. බත් වුනත් අධිශීතකරනයේ තබා ගැනීමෙන ඉතා හොඳ තත්වයෙන් තබා ගත හැකියි.

ලූණු කපන විට….
ලූණු කපන විට ඇති වෙන ඇස් දැවිල්ලෙන් සහනයක් ලබා ගැනීමට නම් එය කපන්න විනාඩි 15 කට පෙරාතුව ශිතකරනයේ තබන්න. එවිට ඇස් දැවිල්ලෙන් නිදහස් විය හැකියි

බත් පිසිනකොට….
බතක් බෙරි හෙවත් ඇට එකටෙක නොඇලන විදිහට පිස ගැනීමට නම් පිසින විට දෙහි යුෂ ස්වල්පයක් එක් කරන්න. ඒ වගේම ලුණු ස්වල්පයක් එක් කලොත් බතේ දිය රස ගතිය දැනේනේ නැහැ. බත රොස් වුනොත් පොල් බෑයක් මුනින් නවන්න. එහෙම නැත්නම් වියලි මිරිස් කරලක් බත් මුට්ටියේ ගසන්න. බත පිලුනු නොවී තබා ගැනීමට නම් බතට විනාකිරි බින්දුවක් පිසින විට එක් කරන්න. බත නිවෙන තෙක් ඔතන්න එපා.

කොල ජාති මෙහෙම තියාගන්න….
සලාද කොළ සහ වෙනත් පලා වර්ගත් සුදු කඩදාසියක ඔතා ශීතකරනයේ තබන්න. අලුත් ගතියෙන් තබා ගත හැකියි. කිසිම විටෙක මුද්‍රිත අකුරු සහිත කඩදාසියක පලා වර්ග දවටන්න එපා. එහි තිබෙන කාබන් සංයෝගයන් විෂ සහිත විය හැකියි.

මාළු උයනකොට….
මස් මාලු සහ සැමන් වැනි දේ අත ගෑමෙන් ඇති වෙන දුගඳට පිලියමක් ලෙසින් අතේ දෙහි ඇඹුල් ගා සෝදන්න. පිලි ගතිය නැති වේවි.

කේක් වල පිලි ගඳ…
කේක් මොනතරම් රස වුනත් එයින් නික්මෙන බිත්තර ගන්ධයට බොහෝ දෙනෙක් මනාප නොවන නිසා බිත්තරයේ කහමදයේ ඇති සුදු කොටස ඉවත් කරන්න.

පොලොස් වල කොහොල්ලෑ…..
බොහෝ දෙනෙක් කොස් පොළොස් වෙනුවෙන් කැමැත්තක් තිබුනත් කොහොල්ලෑ කරදරේ නිසා උයන්න ටිකක් අදි මදි කරනවා. ඉතින් ඒකට ඒවා කැපීමෙන් ඇති වෙන කොහොල්ලෑ ඉවත් කර ගැනීමට පිහිය රත් කොට රෙදි කැබැල්ලකින් කොහොල්ලෑ පිසගන්න.

කට්ලට් / කොකිස් නොකැඩී බැද ගන්න….
කට්ලට් බදින විට ඒවා පිපිරීම නිසා තෙල් නාස්ති නෙවා. කට්ලට් නොකැඩී බැද ගන්න නම් තෙලට ලුනු ටිකක් එක් කරන්න. කොකිස් බදින විට බිත්තරයක් එක් කර ගත් විට රසය වගේම නොකැඩී බැදගන්න පුළුවන්.

ආප්ප ඇලෙන්නේ නැතිව උයන්න….
ආප්ප නොකැඩී සකස් කර ගැනීමට නම් ආප්ප තාච්චියේ බිත්තරයක් පිස ගෙන එය පදම් කරගන්න

මැල්ලුමේ ලස්සන කොල පාට….
මැල්ලුමක කොළ පැහැය ඒ විදිහටම ආරක්ෂා වීමට නම් මැල්ලුම බිමට බා ගත් පසු දෙහි යුෂ එක් කරන්න.

උණු කරන සීනි වල පැහැය ගන්න…
සීනි පැණි උනු කරන විට දුඹුරු පැහැය සඳහා තේ කහට ටිකක් එක් කරන්න. ආස්මි පිලියෙල කරන විට කැරමල් කර ගත් සීනි වලින් ස්වභාවික වර්ණකයකින් ලැබෙන ආරක්ෂාව ලැබෙනවා.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1400 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/1400/small-cooking-tips-for-a-big-change.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:16:19 AM
Script:/article/1400/small-cooking-tips-for-a-big-change.html