දවසේ ඕනෙම වෙලාවක ඕනෙම ප්‍රමාණයකින් කන්න පුළුවන් කෑම ජාති ගැන ඔබ දන්නවද?

June 30, 2017
6,603
Foods You Can Eat at Any Time and in Any Quantity
අපි මුලින්ම ලියලා තියෙන දේ ගැන දැක්කහම සතුටු හිතුනා නේද? ඇත්තම කිව්වොත් අපි හැමෝටම හැම වෙලාවකදීම බඩගිනි එනවා. ගෙදර ඉන්න වෙලාවට ෆ්‍රිජ් එක අරින හැම වෙලාවකදීම මොකක්ම හරි දෙයක් කටේ දාගන්න තමයි අපි බලන්නේ. හැබැයි, ඒ හරහා අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් අපේ ශරීර ගත වෙලා, අපිව තරබාරු කරනවා. කිසිම බයක් සැකයක් නැතිව ඕනෑ තරම් කන්න පුළුවන් කෑම ජාතිත් තියෙනවා කියලා කිව්වොත්, ඔබට සතුටුයිද?

සතුටු වෙන්න පුළුවන් ඒ මොනවද කියලා දැනගත්තහම නේද?

1. සැල්දිරි (Celery) 6kcal

සැල්දිරි වල 95%කම තියෙන්නේ ජලය. ඒ වගේම දිනකට අවශ්‍ය විටමින් k වලින් 30%ක්ම සපයන්න පුළුවන්. ඒක නිසා, ඕනෙම තරමක් සැල්දිරි කෑවා කියලා කිසිම බයක් වෙන්න ඕනේ නෑ.

2. බිත්තර සුදු මද (Egg whites) 17kcal

ඕනෙම තරමක් බිත්තර සුදු මද කෑවා කියලා කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. තක්කාලි එක්ක මිශ්‍ර කරලා, ඔම්ලට් එකක් වගේ හදාගෙන කන්න පුළුවන් නම් තවත් ගුණයි.

3. සලාද කොළ (Salad) 10-20 kcal

විටමින් A සහ C බහුල මෙයත් කැමති තරමක් කන්න පුළුවන්.

4. පිපිඤ්ඤා (Cucumbers) 16 kcal

සැල්දිරි වගේම වතුර ප්‍රමානයක් බහුලව අඩංගු වෙන ආහාරයක් තමයි පිපිඤ්ඤා. ඇස් පෙනීමට අදාළ වෙන විටමින් බහුලව අඩංගු වෙනවා පිපිඤ්ඤා පොත්තේ. ඉතින් පොත්ත සුද්ද කරන්නේ නැතිවම පිපිඥඥා ආහාරයට ගන්න පුළුවන් නම් තවත් හොඳයි.

5. ගෝවා මල් (Cauliflower) 25 kcal

ගෝවා මල් විටමින් C සහ K ගොඩක් අඩංගු වෙනවා. ඒ වගේම ලුණු ගම්මිරිස් ටිකක් දාලා ලාවට ස්ටීම් කරලා ගත්තහම රසට කන්න පුළුවන්. ඔබත් බලන්න ඒ විදිහට ට්‍රයි කරලා.

6. තක්කාලි (Tomatoes) 25 kcal

පළතුරක් වුනාට එළවළුවක් විදිහට අපි භාවිතා කරන තක්කාලි, විටමින් ගොඩක එකතුවක්. විටමින් A , C, B2, ෆෝලික් අම්ලය වගේම තන්තු බහුල මෙයත්, ඕනෙම ප්‍රමාණයකින් කන්න පුළුවන්.

7. පොප් කෝන් (Popcorn) 31 kcal

ෆිල්ම්ස් බලන්න යද්දී අපි කව්රුත් කන දෙයක් වුනාට කැමති වෙලාවක ඕනෙම ප්‍රමාණයකින් කිසිම අවුලක් නැතිව කන්න පුළුවන්.

8. කොමඩු (watermelon) 55 kcal

පුංචි පැණි රසකුත් එකතු වෙලා, විටමින් A සහ C බහුලව තියෙන කොමඩු ඕනෙම වෙලාවක ඕනෙම ප්‍රමානයකින් කන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 333 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:14 AM
Script:/article/333/foods-you-can-eat-at-any-time-and-in-any-quantity.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:14 AM
Script:/article/333/foods-you-can-eat-at-any-time-and-in-any-quantity.html