මේ විදියට බටු උයන්න. කන්න බෑ කියන අයත් කනවා

March 23, 2017
134,422
Brinjal Fry Recipe
බටු ගෙඩි 10ක්
තුනපහ කුඩු තේ හැදි 4ක්
මිරිස් කුඩු තේ හැදි 3ක්
කහ කුඩු තේ හැදි 1/2ක්
තෙල් බෝතල් 1/4ක්
සිහින්ව කපාගත් සුදු ළූණූ බික් 4ක්
රතු ළූණූ ගෙඩි 20
සිහින්ව කපාගත් රතු ළූණූ ගෙඩි 10ක්
අඹරා ගත් තක්කාලි ගෙඩි 1ක්
සිහින්ව කපාගත් තක්කාලි ගෙඩි 1ක්
කරපිංචා ඉත්තක්
රම්පේ කෑල්ලක්
සියඹලා ඉස්ම මේස හැදි 1ක්
අබ ඇට තේ හැදි 1/2ක්
උළුහාල් තේ හැදි 1/4
වතුර

මුලින්ම තුනපහ තේ හැදි 2ක්, මිරිස් කුඩු තේ හැදි 1ක්, කහ, ලුණු, සියඹලා ඉස්ම වතුර ස්වල්පයක් දමා paste එකක් විදිහට හදා ගන්න. පසුව බටු ගෙඩි නැට්ට ඉතුරුවන විදියට හතරට පලාගන්න. ඒ පලාගත්ත, තැන්වලට කලින් හදාගත්ත paste ඇතුලට කාවද්දන්න. බටු ගෙඩි නැටි නැතුව උනත් ගන්න පුලුවන්. ඒත් ඉතිං බට්ටේ රස නැට්ටේ කියනවනෙ.

දැන් බටු ටික තෙල් රත්කරගෙන නොගැඹුරු තෙලේ බැදගන්න. ඉන්පසුව තෙලෙන් ඉවත් කරගෙන එම තෙල් වලටම අබ ඇට දමා පුපුරන විට උළුහාල්, කරපිංචා, රම්පේ, සුදු ළූණූ, ළූණූ ගෙඩි, කපාගත් ළූණූ දමා රන්වන් පැහැ වන විට, ඉතිරි වු තුනපහ සහ මිරිස් එකතු කරගන්න. විනාඩි 2කින් පමන පසු අඹරාගත් තක්කාලි, කපාගත් තක්කාලි, ලුණු දමා තෙම්පරාදු කරගන්න. මද වෙලාවකින් වතුර එකතුකර හොදින් කවලම් කරගන්න. ඒ සමගම බටු එකට දමා කවලම් කර පිස ගන්න. වතුර දැමීමේදි සැලකිලිමත් වන්න. මොකද උකුවට තමයි මේක හදාගන්න ඔනි. අවසානයේ ඔබ කැමති නම් සීනී තේ හැදි 1/4ක් පමන එකතු කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 143 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:34:56 AM
Script:/article/143/brinjal-fry-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:34:56 AM
Script:/article/143/brinjal-fry-recipe.html