බිරිදකට තමන්ගේ පවුල වෙනුවෙන් වෙලාව හදාගන්න පුලුවන් ක්‍රම කිහිපයක් මෙන්න

September 1, 2020
3,070
Ways to find productive time with family
වර්තමානයේදී ගොඩක් පවුල් වල අම්මයි තාත්තයි දෙදෙනාම රැකියාවක් කරනවා. ඒ නිසා නිවසේදී පොඩි පැටවුන් හුඟක් වෙලාවට උස් මහත් වෙන්නේ ආච්චිලා සීයලා ළගයි. එහෙමත් නැතිනම් ඩේ කෙයාර් එකකයි. නමුත් අතීතය මතක් කරලා බැලුවොත් අපි අම්මා තාත්තා ආච්චි සියා ළග කොයිතරම් නම් සුන්දරව කාලය ගත කළාද? ඉතිං ඔයාත් ඔයාගේ දරුවන්ට හොඳ අම්මෙක් වෙන්න නම් ඒ වගේ ආදරයක් ඔයාගේ දරුවන්ටත් ලැබෙන්න ඕනේ. බිරිඳක් තමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ගුණාත්මකව කාලය ගත කරන්න ඕනේ ඒ නිසයි. ඔයා කොතරම් කාර්යබහුල වුණත් පවුල වෙනුවෙන් කාලය ගත කරන්න පුලුවන් ප්‍රායෝගික ක්‍රම කිහිපයක් මෙන්න. 

සැමියාගෙන් උදව් ලබා ගන්න
ඔයා සහ ස්වාමිපුරුෂයා දෙදෙනාම රැකියාවට යනවා නම් නිවසේ වැඩ වලට ඔහුගේ උදව් ඉල්ලීම සාධාරණයි. ඔයා උයනවා නම්, ඔහුට ගේ පිරිසිදු කිරීමට ඉඩ දෙන්න. ඔයා රෙදි සෝදනවා නම්, ඔහුට ඒවා යන්ත්‍රයෙන් ඉවත් කරලා අව්වට දැමීමට ඉඩ දෙන්න. ඔහුගේ ඇඳුම් වලින් කොටසක් ඔහුටම අයන් කිරීමට ඉඩ දෙන්න. ඒ හරහා ඔයාට දරුවන් සමඟ නිදහසේ කාලය ගත කිරීමට ඉඩ ලැබෙනවා. දෙමව්පියන් දෙදෙනාම නිවසේදී එකිනෙකාට සහයෝගයෙන් සිටීම දරුවන් බලා ඉන්නවා වගේම ඒවා ආදර්ශයට ගනිමින් දරුවොත් සෞඛ්‍ය සම්පන්නව වැඩෙනවා.

උදේ වරුව
බොහෝ නිවෙස්වල උදේ වරුව කියන්නේ ඉතිං වැඩ වලින් ගොඩගැහුණු වෙලාවක්. බොහෝ වේලාවට බිරිඳ හැමෝටම කලින් අවදි වෙලා මුළු පවුලටම උදේ ආහාරය සකස් කරන්න ඕනේ. උදේට දරුවන්ව ඉක්මනින්ම අවදි කර ගන්න හොඳම ක්‍රමය තමයි එයාලව ඔයාගේ තුරුලට අරන් හුරතල් කරන එක. එමගින් දරුවන් වෙනදාටත් වඩා ප්‍රබෝදවත්ව අවදි වෙනවා. උදේ ආහාරය ගැනීම සඳහා ඔබත් දරුවන් සමග කෑම කාමරයට එක්වන්න.

දිවා ආහාර වේලාව
ඔයා රැකියාවට යන මවක් නම්, ඔයාට ආහාර පිසීම සඳහා උදේ පාන්දර නැගිටින්න වෙනවා.  සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සකසද්දී තෙල් භාවිතය අඩු කිරීමට වග බලා ගන්න. සති අන්තයේ හෝ රාත්‍රියේදී විශේෂ ආහාරයක් පිසීන්න. දිවා ආහාරය ගැන අඩු සැලකිල්ලක් දක්වන්න. එතකොට උදේ පාන්දර පවුලේ අය සමඟ කාලය ගත කිරීමට හෝ විවේක ගැනීමට වැඩි කාලයක් ඉතිරි වෙනවා.

රාත්‍රී ආහාරය වේලාව
පවුලේ සෑම සාමාජිකයෙකුම වැඩ වලට පිටත් වුණාට පස්සේ නැවත නිවසට පැමිණෙන්නේ එක එක වේලාවන් වලට වෙන්න පුලුවන්. නමුත් හැමෝම කෑම මේසය වටා එකම වෙලාවකට ඉඳගෙන රාත්‍රී ආහාරය එකට ගන්න.

ආගමික කාලය
පවුලේ අය එක්ක ඔයා අදහන ආගමක් සිහිපත් කරන්නට දිනකට මිනිත්තු පහක් වත් වෙන් කරන්න. ඔයාගේ නිවස තුළ සාමය හා සමගිය ගෙන ඒමට සහ  දරුවන් තුළ නිවැරදි සාරධර්ම ඇති කරන්නට මේ පුරුද්ද වැදගත්.

නිවාඩු කාලය
නිවාඩු දින කීපය හොඳින් සැලසුම් කරන්න. සති අන්තයේ ඔයා කරන්නේ මොකක්ද යන්න කල්තියාම තීරණය කරන්න. ඔයාට සැලසුමක් තිබෙනවා නම් ඔයාට සති අන්තය තෘප්තිමත්ව ගත කරන්න පුලුවන් වෙනවා . ඔයාට සැලසුමක් නැත්නම් සෑම කෙනෙක්ම තම තමාගේම වැඩ වලට කාලය වෙන් කර ගනියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1809 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:53:18 AM
Script:/article/1809/ways-to-find-productive-time-with-family.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:53:18 AM
Script:/article/1809/ways-to-find-productive-time-with-family.html