හැඩකාරියන්ට හැඩ වෙන්න දෙහි

October 31, 2019
11,975
Lime for beauty
සුදු වෙන්න කැමැති හැඩකාරියන්ට ඔන්න දෙහිවලින් හැඩවෙන්න පුලුවනි. ඒ වෙනුවෙන් ලොකු මහන්සියක් වෙන්න අවශ්‍යය නැහැ

අවශ්‍ය වෙන්නේ…

කඩලපිටි ග්‍රෑම් 100 ක්
සුදු හඳුන් ග්‍රෑම් 100 ක්
යෝගට් දෙකක්
කිරිපිටි තේ හැන්දක්
වෙනිවැල් ගැට කුඩු ග්‍රෑම් 100 ක්
මී පැණි මිලිලීටර් 25 ක්
දෙහි ගෙඩියක යුෂ

කඩලපිටි, වෙනිවැල්ගැට,සුදු හඳුන්, කිරිපිටි සහ යෝගට් මිශ්‍ර කරලා එයටම දෙහි යුෂ එකතු කරගෙන පේස්ට් එක සාදා එය සමේ අදුරු වුන තැන්වල ආලේප කරන්න. මුහනටත් ගැලපෙනවා. පැය බාගයක් මේ ආලේපය තබා ගන්න. තෙතමනය ඉවත්ව ඉරි තැලෙන විට නැවත ජලය එකතු කරන්න. ඇඟිලි තුඩු ආධාරයෙන් රවුමට මසාජ් කරන්න.

හිසකෙස්වලට සත්කාරයක්

පොත්ත සහිත කෝමාරිකා
පොල් තෙල්
දෙහි ලෙලි

පොල්තෙල්, දෙහි ලෙලි සහ කෝමාරිකා මද ගින්නේ රත් කරන්න. පාප්පයක පදමට පැමිණි විට මිශ්‍රණයෙන් පෙරා ගත් තෙල් නිවෙන්න තබන්න.

හිසකෙස් හොඳින් පිරිසිදු කර ගෙන මුලින් සාදා ගත් මි‍ශ්‍රණය හිසේ ගල්වන්න. එය සාමාන්‍ය වේලාවක් තබා හිස සෝදන්න. හිසකෙස් වියලි බව, දුර්වර්ණ වීම, හිස්හොරි, හිස් කබලේ තුවාල අකලට කෙස් වැටීම වැනි රෝග තත්වයන්ට වගේම හිසකෙස් දිගු වීමටත් මේ සත්කාරය ඉතා ගුණයි.

රුව වඩන දෙහි සත්කාර

ෆේස් ස්ක්රබ් එකට පෙරාතුව, මුහුණ සෝදන දියරයක් යොදා ගෙන හොඳින් පිරිසිදු කර ගන්න. එයින් පසුව ඔබට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයකින් පිරිසිදු කරගෙන, එයින් පසුව ස්ක්රබ් එක පටන් ගන්න. එහෙමනම් වැඩේ පටන් ගනිමු නේද...ඔන්න ස්ක්රබ් එක සාදා ගන්නේ මෙහෙමයි.

දෙහි ස්ක්රබ් එකක්

සීනි ස්වල්පයක්, දෙහි යුෂ බින්දු කීපයක් සහ මීපැණි බින්දු කීපයක් හොඳින් මිශ්‍ර කර ගෙන සාදා ගත් ස්ක්රබ් එක බෙල්ල, මුහුණ ප්‍රදේශයේ ආලේප කිරීමෙන් පසුව විනාඩි දෙක තුනක් ඇඟිලි තුඩු ආධාරයෙන් කවාකාරව උඩු අතට ස්ක්රබ් කරන්න.

දැන් මසාජ් එකට අවශ්‍ය දෙහි මිශ්‍රණයක් සාදා ගැනීම…

කෝමාරිකා මද ස්වල්පයක්, දෙහි බින්දු කීපයක් සහ මීපැණි බින්දු කීපයක් හොඳින් මිශ්‍ර කරන්න. දැන් මෙය බෙල්ල, මුහුණ, ඇස් වටා ආලේප කරන්න. විනාඩි පහලොවක් පමණ වේලා අතේ ඇඟිලි තුඩු ආධාරයෙන් කවාකාරව උඩු අතට සම්බාහනය කර සෝදන්න.

අවසානයේදී…

වියලා කුඩු කර ගත් දෙහි ලෙලි වලට රෝස වතුර සහ දෙහි බින්දු ස්වල්පයක් එකතු කරලා සාදා ගත් පැක් එක මුහුනේ ගල්වලා විනාඩි විස්සකින් පමණ සෝදා හරින්න.

එන්.ඒ.පි.සි

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1433 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:57 AM
Script:/article/1433/lime-for-beauty.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:57 AM
Script:/article/1433/lime-for-beauty.html