ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ වැඩිම අවදානම ගර්භනී මව්වරුන්ට

May 23, 2018
11,345
Pregnant women have the highest risk in influenza
ඉන්ෆ්ලුවෙන්සා කියන්නේ වරින් වර අපි අතරේ පැතිරී යන වෛරස් රෝගයක්. ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් විදියට තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය හඳුන්වන්නේ. ගර්භනී කාන්තාවන්, ළදරුවන් හා වයස්ගත වූ අය මෙම රෝගයට ගොදුරු වුණොත් අනිත් අයට සාපේක්ෂව තරමක් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන බව තමයි වෛද්‍යවරුන්ගේ අදහස වෙන්නේ. ඒ නිසා කෝකටත් හොඳයිනේ වැළඳෙන කලින් පරිස්සම් වෙලා ඉන්න එක. විශේෂයෙන් ගර්භනී මවක් වුනු ඔබ මේ වෙනුවෙන් කරන්න ඕන මොනවද කියලා කියවලම බලන්නකෝ.

ඉන්ෆ්ලුවෙන්සා රෝගය රෝග ලක්ෂණ ගැන හඳුනාගෙන ඉන්න එක කෝකටත් හොඳයි නේ. මෙන්න මේ ලක්ෂණ ඉන්ෆ්ලුවෙන්සා රෝගය තුල දකින්න පුළුවන් .

උණ
හිසරදය
කැස්ස
නාසයෙන් සොටු දියර ගැලීම
ඇඟපත වේදනාව
මස්පිඬු වේදනාව
ශරීරයේ අප්‍රාණිකත්වය
උගුරේ කැක්කුම
වමනය
පාචනය

මෙවැනි රෝග ලක්ෂණ එකක් දෙකක් හෝ කිහිපයක් ඇති වුනොත් අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි. ගර්භනී සමය පහු කරන කාන්තාවක් නම් අනිවාර්යයෙන් මේ රෝග ලක්ෂණ ගැන වැඩි අවධානයක් දෙන එක ඔබට ඉතාමත් වැදගත්.

ඒ වගේම තමයි අන් දිනවලට වඩා සිරුරේ ප්‍රතිශක්තිකරණ අඩුවන නිසා හෝමෝන ප්‍රතිශතය වෙනස් වෙනවා. ඒ නිසා ගර්භණී මව්වරුන් බොහොම පහසුවෙන් මෙම රෝගයට ගොදුරු වෙන්න පුළුවන්. කුස තුල වැඩෙන දරුවා තනිවම හුස්ම ගන්නේ නැහැ. දරුවාට හුස්ම ගන්න අවශ්‍ය ඔක්සිජන් සැපයෙන්නේ මවගේ ස්වසන පද්ධතියෙන් නිසා මේ රෝගයට ගොදුරු නොවී සිටීමට මව හැකිතාක් උත්සාහ කළ යුතුයි.

ගර්භණී මවකට හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා ගොඩක් වෙලාවට ඒක රෝගී තත්ත්වයක් විදියට සලකන්නේ නැතිවෙන්න පුළුවන්. නමුත් තව දුරටත් එවැනි තත්ත්වයන් සුළුවෙන් හිතන එක සුදුසු නැහැ. ඒවගේම ගර්භණී මව්වරුන් රෝගයට ගොදුරු නොවී සිටීමට උත්සාහ ගත යුතුයි.

ඉන්ෆුවෙන්සා රෝගයට ගොදුරු නොවුණත් හැම ගර්භණණී මවක්ම මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් භාවයක් තබාගන්න එක වැදගත්.

ඒ වගේම අනවශ්‍ය ගමන් බිමන් යන එක වගේම අධික ලෙස සෙනඟ ගැවසෙන ස්ථානවලින් ඈත් වී ඉන්න වග බලා ගන්න ඕන. විශේෂයෙන් නිතර නිතර රෝහල්වලට යන එක අවම කරන්න. පොදු ප්‍රවාහන සේවා වලින් ගමන් බිමන් යන එක පුළුවන් තරම් සීමා කරන්න කටයුතු කළොත් වඩාත් ආරක්ෂිත වෙයි. යම් ආකාරයකින් රෝගයට ගොදුරු වුනොත් නිවසට වී කාලය ගත කරන එක තමයි සුදුසුම දේ. ඒ වගේම වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණ ගැසී අවශ්‍ය ප්‍රතිකාර හා උපදෙස් ලබා ගන්න ප්‍රමාද වෙන්න එපා.

ඒ වගේම නිවස තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගයට ගොදුරු වූ කෙනෙක් ඉන්නව නම් ඔහුට උවටැන් කිරීමට කිසිම වෙලාවක ගර්භණී මවක් ඉදිරිපත් නොවිය යුතුයි. මොකද ඔබට ඉතා ඉක්මනින් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමට ඉඩ තියෙනවා. ඒ වගේම ඔබට තවත් කුඩා දරුවෙකු ඉන්න අවස්ථාවක ඒ දරුවාට ඉන්ෆ්ලුවෙන්සා වැළඳුනොත් හිත හදාගෙන දරුවා ගැන බලන්න වෙන කෙනෙක්ට පවරන්න. ඒක තමයි ගොඩක්ම ආරක්‍ෂිත. හැකි තරම් ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු බෝ වන රෝගී තත්ත්වයනට ගොදුරු වීමට ඇති ඉඩ ප්‍රස්ථාවන් මඟහරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-30 00:00:00' and A.id <> 829 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 12:00:42 PM
Script:/article/829/pregnant-women-have-the-highest-risk-in-influenza.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Friday, October 31, 2025 at 12:00:42 PM
Script:/article/829/pregnant-women-have-the-highest-risk-in-influenza.html