අලුත උපන් දරුවෙකුට බේබි පවුඩර් හොඳයිද?

November 6, 2019
9,983
Does baby powder good for a new born baby?
සාමාන්‍යයෙන් ගෙදරක අලුතෙන් දරුවෙක් ඉපදුනාම හිත්වතුන් සිඟිත්තාව බලන්න යනවා. කෙසේ වෙතත් දරුවෙක් බලන්න යනකොට අනිවාර්යෙන්ම ඔයා ගෙනියන හුඟාක් දේවල් තියෙනවා. ඒ අතරින් බේබි පවුඩර් ප්‍රධාන තැනක් ගන්නවා. කෙසේ වෙතත් අප බේබි පවුඩර් නිෂ්පාදන මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. අද හැඩකාරී අපි කතා කරන්න යන්නේ අලුත උපන් දරුවෙකුට බේබි පවුඩර් හොඳයිද නැද්ද යන්න පිළිබදවයි. අලුත උපන් ඔයාගේ දරුවාව සෞඛ්‍යය සම්පන්නව තියාගන්න උපකාරී වෙන කරුණුක් ගැන. ඒ මොනවද කියලා හරියටම දැන ගන්න ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ.

ඉස්සෙල්ලාම දැනගමු මොනවාද මේ ඇස්බැස්ටෝස් කියන්නේ කියලා?

ඇස්බැස්ටෝස් යනු තන්තුමය ඛනිජයකි. ඇස්බැස්ටෝස් ඉදිකිරීම් ද්‍රව්‍ය හා මෝටර් රථ කොටස් සෑදීම සඳහා භාවිතා කරනු ලබනවා. ඒ වගේම මේවා පෙනහළු වලට දැඩි ලෙස හානි සිදු කරන පිළිකා ඇති කරනවා. ඇස්බැස්ටෝස් කුඩු  ඔයාගේ හෝ ඔයාගේ දරුවාගේ ශරීරගත වූ විට හෝ ආශ්වාස කල විට, ඛනිජ තන්තු සිරුර තුල සිර වෙනවා. එවිට ශරීරයේ  දැවිල්ල සහ සෛල වල ජානමය හානි ඇති කරනවා.

රෝග ලක්ෂණ :
වියළි කැස්ස
හුස්ම හිරවීම
ආහාර රුචිය නැතිවීම
අත් හා පා වල ඇඟිලි තුඩු  වෙනදාට වඩා රවුම් හැඩයක් ගැනීම
පපුව තද වීම

කුඩා දරුවන් ගේ පෙනහළු හා ස්වසන පද්ධතිය සම්පුර්ණයෙන්ම වැඩී අවසන් නැහැ . ඒ නිසා ඔවුන්ට ඇස්බැස්ටෝස් ආසාදනය වීමේ වැඩි අවදානමක් තියෙනවා. ඇස්බැස්ටෝස් වලින් ඔයාගේ පවුල ආරක්ෂා කර ගැනීම සඳහා, ඕනෑම නිෂ්පාදනයක් මිලදී ගැනීමට ප්‍රථම එහි අඩංගු  අමුද්‍රව්‍ය ගැන හොඳින් සොයා බලන්න. බේබි පවුඩර් වලට අමතරව, පාටකූරු හා රූපලාවන්‍ය නිෂ්පාදන වල ඇස්බැස්ටෝස් ඇති බව සොයා ගෙන තියෙනවා.

ඔයා හොඳින්ම දන්නා කරුණක් තමයි කුඩා බිළිඳුන්ගේ සම ඉතාමත් මෘදුයි. ඒ නිසා සමට හානී ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. කෙසේ වෙතත්, දරුවා ඇස්බැස්ටෝස් වලට නිරන්තරයෙන් නිරාවරණය වීමෙන් ඇතිවෙන මෙම රෝග හඳුනාගැනීමට වසර ගානක් ගතවෙනවා. ඒ නිසා පොඩ්ඩා වෙනුවෙන් නිෂ්පාදනයක් තෝරා ගැනීමේදී වඩාත් සැළකිලිමත් වීම වැදගත් කාරණයක් වෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1437 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:53:42 AM
Script:/article/1437/does-baby-powder-good-for-a-new-born-baby.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:53:43 AM
Script:/article/1437/does-baby-powder-good-for-a-new-born-baby.html