බබා ඔයාගෙන් අහන අමුතු ප්‍රශ්න වලට මෙන්න උත්තර

October 29, 2018
4,277
Answers for wired questions your child ask you
පොඩි බබාලාට සමාජය ගැනවත් පරිසරයේ ජීවත් වෙන මිනිසුන් මොන වගේද කියලවත් හරියට තේරුමක් නැති පිරිසක්. හැමෝගේම ඉස්සරහා ඔයාගේ බබාත් එක එක අමුතු ප්‍රශ්න අහලා ඔයාව අමාරුවේ වට්ටලා තියෙනවද? පොඩි බබාලා හැම තිස්සෙම කතා කරන්න ප්‍රශ්න අහන්න හරිම කැමති. එයාලා හැම තිස්සෙම කතා කරලා ඒකෙන් සතුටු වෙනවා. ඒක නිසා තමා කියන්නේ එයාලා අම්මගේ බඩේ ඉන්නකොටත් අම්මාට කතා කරන්න කියලා. පොඩි දරුවෝ අහන ප්‍රශ්න නිසා ඔයා සමහර අවස්ථා වල හැංගෙන්න තැනුත් හොයලා ඇති. පොඩි ළමයින් අහන ප්‍රශ්න මග හරින්න එපා. එයාලා අහන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමා හොඳම දේ. ඔයා උත්තර දෙනවා කියලා බොරු උත්තර එහෙමත් දෙන්න එපා. ඒ නිසාම අද හැඩකාරී අපි ඔයාට කියන්න යන්නේ දරුවන් අහන ප්‍රශ්න වලට දෙන්න පුලුවන් උත්තර මොනවද කියලා.

01. අම්මා වැඩියෙන් ආදරේ මටද? අක්කාටද?

සාමාන්‍යයෙන් පොඩි දරුවෝ ආදරේ දැනෙනවට කැමති. ඉතින් ඔයාගේ බබාට කියන්න දෙනාටම එක වගේ ආදරෙයි කියලා. පුතායි අක්කායි කියන්නේ වෙනස්ම දෙන්නෙක්. එ නිසා අම්මා දෙන්නටම එකම ගානට ආදරෙයි. එ විතරක් නෙමෙයි. තාත්තාත් අම්මා වගේම දෙන්නාටම එක විදිහට ආදරෙයි.

02. මම කොහෙන්ද අම්මෙ අවේ?

පොඩි ළමයෙක්ට එක එක අමුතු ප්‍රශ්න හිතෙනවා. වැඩියෙන් ඒ හැම ප්‍රශ්නයක්ම අහන්නේ අම්මාගෙන් තමා. ඉතින් අහන හැම ප්‍රශ්නෙකටම ඔයාට උත්තර දෙන්නත් වෙනවා. මෙය වගේ ප්‍රශ්නයක් ඇහුවාම ඔයාට දෙන්න වෙන්නේ මෙන්න මේ වගේ උත්තරයක්. බබාගේ අම්මයි තාත්තයි බබාට හුඟක් ආදරෙයි අන්න ඒ නිසා අපි දෙන්නට අපේ බබාව ලැබුණේ. අම්මිගේ බඩේ පොඩි බබෙක් විදිහට ඉඳලා ටික ටික ලොකු වෙලා බබා ඉපදුණා කියන්න.

03.ඇඳ යට ඉඳලා යකෙක් ඇවිත් මාව අරගෙන යයිද?

පොඩි කාලයේදී ළමයි හැමදේකටම හරිම බයයි. පොඩි බබාට බොරු කියන්න එපා කියලා කලින් අපි කිව්වා. ඒත් මේවගේ වේලාවකදී පොඩි බොරුවක් කිව්වට කමක් නැහැ. මොකද ඔයා බබාට ඇත්ත කිවොත් ඇඳ යට ඒ යකෙක් නැහැ කියලා බබා හිතන්නේ නැහැ ඔයා ඇත්ත කිව්වේ කියලා. බබා හිතන්නේ අම්මා බොරු කියනවා කියලා. ඒ වෙලාවට පොඩි බොරුවක් කිව්වට කමක් නැහැ.
බබාට කියන්න යකෙක් ආවම සිංදුවක් කියන්න. යකා සිංදු වලට බයයි කියන්න. දරුවා ලොකු වෙද්දී ඉබේටම බය නැති වෙලා යයි.

04.ඇයි මාව දලා වැඩට යන්නේ?

අම්මා කැමති නැහැ බබාව දලා වැඩට යන්න. ඒත් වැඩට ගියේ නැත්තම් බබාට කෑම  කන්න, සෙල්ලම් බඩු ගන්න සල්ලි කොහෙන්ද? අම්මා හවස් වෙන්න කලින් බබාව බලන්න එනවා. හවසට අම්මාටයි තත්තිටයි බබාටයි හවසට කතා කරන්න පුළුවන්නේ. අම්මා එනකොට බබාට රස රස කෑම අරන් එන්නම්. බබාට තේරෙන විදිහට කියලා දෙන්න.

05.අම්මා ඇයි අර ගැහැණු කෙනා මහත?

බබාලා පොඩි නිසා අනිත් අයව ලොකුවට පේන්නෙ. එහෙම ගැහැණු කෙනෙක් මුහුණ ඉස්සරම ඒ වගේ දෙයක් ඔයාගේ පොඩ්ඩත් කියලා ඇති. ඒ වෙලාවට ඔයාව අමාරුවේ වැටෙන්නත් ඇති. ඒ වගේ වෙලාවකට ඔයාට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමා මිනිස්සු හැමෝම එකම විදිහ නෙමෙයි උස, කෙට්ටු, මිටි, මහත, සුදු, කළු අය ඉන්නවා. මිනිසුන්ගේ අඩු පාඩු ගැන හොයන්න එපා කියලා තේරුම් කරලා දෙන්න.

ඔයාගේ බබාත් මෙන්න මේ වගේ ප්‍රශ්න අහල ඔයාව අසරණ කරලා තියෙනවා ඇති. ඔයා ඔයාගේ බබාට ආදරෙන් හැමදේම තේරුම් කරලා දෙන්න. පොඩ්ඩෝ  අම්මා තාත්තා කියන දේවල් අහනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1145 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:40 AM
Script:/article/1145/answers-for-wired-questions-your-child-ask-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:41 AM
Script:/article/1145/answers-for-wired-questions-your-child-ask-you.html