කිරි දෙන මවක් අනිවාර්යෙන්ම මේ ආහාර තම ආහාර වේලට එක් කර ගත යුතුයි

June 8, 2018
22,533
Food that a feeding mom should eat
සාමාන්‍ය පුද්ගලයෙකුගේ පෝෂණ අවශ්‍යතාවයන්ට වඩා වැඩි වශයෙන් කිරි දෙන මවක් සඳහා පෝෂණය කියන දේ අවශ්‍ය වෙනවා. මොකද ඒ ආහාර මවට විතරක් නෙවෙයි දරුවාගේ වර්ධනයටත් අත්‍යාවශ්‍යයි. විශේෂයෙන් දරු ප්‍රසුතියෙන් මුල් මාස 6-7 තුල මවටත් දරුවටත් අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා සුදුසු ආහාර වැඩි වශයෙන් ලබා ගත යුතුයි. ඒ වගේම මව් කිරි වර්ධනය වන ආහාර වැඩිපුර ආහාරයට එක් කර ගත යුතුයි.

කිරි දෙන මවක් ආහාරයට නොගත යුතු ආහාර මොනවද කියලා කලින් ලිපියකින් ඔයාට කිව්වා. ඒ දේවල් වලින් ඈත් වෙන ගමන් මේ කියන ආහාර වර්ග වැඩිපුර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න. ඔබ ලබා ගන්නා හැම ආහාරයක්ම ඔබට වගේම දරුවාටත් යහපත් හෝ අයහපත් ලෙස බලපෑම් කරන බව මතක තබා ගන්න.

1. හාල්මැස්සන් සහ කුඩා මාළු

මව්කිරි දෙන මව්වරුන් සඳහා අවශ්‍ය ප්‍රෝටීන් ලබා ගැනීමට ඇති හොඳම විසඳුමක් තමයි මාළු කියන්නේ. කටු සහිත කුඩා මාළු, හාල්මැස්සන් ආහාර වේලට එකතු කර ගැනීමෙන් ප්‍රෝටීන්, කැල්සියම් වගේම ඔමේගා 3 වගේ අත්‍යාවශ්‍ය විටමින් වර්ග ඔයත් දරුවාත් පෝෂණය කරනවා. විශේෂයෙන් ඔමේගා 3 දරුවාගේ මොළයේ වර්ධනය සඳහා ඉවහල් වෙනවා. මිට අමතරව තලපත්, තොර මාළු වැනි ආහාරත් මේ කාලයේදී ලබා ගැනීම වැදගත්.

2. කැරට්

උදෑසන ආහාරය හෝ දිවා ආහාරය සමඟ කැරට් යුෂ වීදුරුවක් පානය කිරීම මව් කිරි වර්ධනය කර ගැනීම සඳහා ඉතාමත් යෝග්‍යයි. නිවිති මෙන්ම කැරට් මව් කිරි වර්ධනය සඳහා ඉවහල් වන lactation වර්ධනය කරනවා. එමෙන්ම මෙහි අඩංගු විටමින් A මව්කිරි වල ගුණාත්මකභාවය වැඩි දියුණු කරනවා.

3. බිත්තර

බිත්තර කියන්නෙත් ප්‍රෝටීන් වලින් මෙන්ම, විටමින් A, විටමින් බී 12, යකඩ හා සින්ක්වලින් වලින් සපිරි ආහාරයක්. දිනපතා අහාර වේලට බිත්තරයක්, දෙකක් එකතු කර ගැනීමෙන් ඔබටත් දරුවාටත් අවශ්‍ය පෝෂණ අවශ්‍යතාවයන් නොඅඩුව සපයා ගන්න පුළුවන්.

4 යෝගට්

යෝගට් වල කැල්සියම් සහ ප්‍රෝටීන් යන පෝෂණ අවශ්‍යතා දෙකම අඩංගු වනවා. ප්‍රධාන ආහාර වෙලාවට අමතරව දිනපතා යෝගට් ආහාරයට ගැනීමෙන් අමතර පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඇතැම් අහිතකර බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමේ හැකියාව යෝගට් වලට තියෙනවා. ඒ නිසා ඔයා වගේම දරුවාත් සෞඛ්‍ය සම්පන්නව තබන්න යෝගට් උදවු වෙනවා.

5. පොලොස්

කොස්, පොලොස් කියන්නේ කොහොමත් සිරුරට ශක්තිය ලබා දෙන ආහාර. ගමේ නම් අනිවාර්යෙන් දරුවෙක් ලැබුණු ගමන් කියන්නේ පොලොස් එහෙම ටිකක් වැඩිපුර කන්න, ලේ හැදෙනවනේ කියලා. ශක්තිය වගේම මව් කිරි වර්ධනයටත් පොලොස් කොයි කවුරුත් අමතක නොකරන ආහාරයක්.

6. අලිගැටපේර

ෆෝලික් අම්ලය කියන්නේ ගැබ් ගන්න කලින් ඉඳන්ම ශරීරයට ලබා දිය යුතු පෝෂණයක්. ඒ වගේම ගර්භනී කාලය අතරතුරත් ෆෝලික් අම්ලය ලබා දෙන්නේ එය දරුවාගේ මොලයේ වර්ධනයට නැතුවම බැරි නිසා. ෆෝලික් අම්ලය මේ කාලයන් දෙකේදීම වගේම ඉන් පසුවත් මවකට අතිශය වැදගත් පෝෂකයක්. එය මධ්‍යම ස්නායු පද්ධතියේ නිසි දියුණුවට දායක වෙනවා. ඒ වගේම මෙය දරුවාගේ වර්ධනය නිසියාකාරව සිදු වීමට බලපානු ලබනවා. අලිගැටපේර ෆෝලික් අම්ලය මෙන්ම විටමින් C, විටමින් E සහ පොටෑසියම් වලින් පොහොසත්.

ඔබෙත් දරුවාගේත් පෝෂණය නිසිලෙස සමබර කර ගන්නත්, මව් කිරි වර්ධනය ඉහළනංවා ගන්නත් ඉහල පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි මේ ආහාර නොවරදවාම ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 863 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:33 AM
Script:/article/863/food-that-a-feeding-mom-should-eat.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:34 AM
Script:/article/863/food-that-a-feeding-mom-should-eat.html