අර්තාපල් වලින් ඇස් අවට අඳුරු කව වලට මේ තරම් දෙයක් කරන්න පුළුවන්

December 9, 2019
10,509
How to get rid go dark circles with potato
බොහෝ කාන්තාවන්ට ඇස් යට අඳුරු කව ඇති වීම ලොකු හිසරදයක්. එහෙම වෙන්නේ ඔබේ ඇස් යට සම ඉතා සුමුදු නිසා ඉක්මණින් දුර්වර්ණ වීම නිසයි. අඳුරු කවවලට එරෙහිව ඇති පොදු උපදෙසක් තමයි “වැඩිපුර ජලය පානය කර වැඩි නින්දක් ලබා ගන්න” කියන එක. කෙසේ වෙතත්, සෞඛ්‍ය සම්පන්නව ජීවත්වන සහ ඕනෑ තරම් නින්ද ලබා ගන්නා පුද්ගලයින්ටත් මේ තත්ත්වය ඇති වනවා. එයට හේතුව එය ජානමය වශයෙන් ද තීරණය වන බැවිනුයි. ඒ සඳහා කළ හැකි යමක් ඇති අතර ඔබට ඔබේ මුළුතැන්ගෙයින්ම ඒ සඳහා විසඳුම් ලබා ගන්න පුළුවන්.

අඳුරු කව

බොහෝ දෙනෙකුට ඔවුන්ගේ ඇස් යට අඳුරු කව තිබෙනවා. මෙය අර්ධ වශයෙන් තෙහෙට්ටුව නිසා විය හැකි නමුත් එය ඔබගේ ජාන සැකැස්ම සමඟ ද සම්බන්ධයි. අවාසනාවට, සමහර අය කොච්චර අවශ්‍ය තරම් ජලය පානය කර නිදා ගත්තත් එම කවයන් අතුරුදහන් වෙන්නේ නෑ. එම අඳුරු කවයන් අඩු කිරීමට පොරොන්දු වන මිල අධික ක්‍රීම් සහ ආලේපන වර්ග රාශියක් වෙළඳ පොළේ තිබෙනවා. නමුත් ඔබේ මුළුතැන්ගෙයි හොඳම අමුද්‍රව්‍යය දැනටමත් ඔබ සතුව ඇති.

අල

අර්තාපල් කියන්නේ ඔබේ ඇස් යට අඳුරු කව වලට එරෙහිව පරිපූර්ණ පිළියමක්. අර්තාපල් ඔබේ ඇස් යට රවුම් වලට එරෙහිව භාවිතා කරනුයේ ඒවායේ ඇති ස්වභාවික සිසිල් ගුණය සම මත සුවදායීබවක් ඇති කරන නිසයි. ඊට අමතරව එහි විටමින් සී සහ සම පෝෂණය කරන ප්‍රතිඔක්සිකාරක අඩංගු බැවින් ඒවා ඔබේ ඇස් යට නිල් හෝ තද පැහැයට එරෙහිව භාවිතා කිරීමට වඩාත් සුදුසුයි. අර්තාපල් වල සිසිල්බව නිසා ඇස් වල ඉදිමීම පහව යවන අතර එමඟින් ඔබේ ඇස් වඩාත් ප්‍රබෝධමත් කරයි.

කැටෙකෝල්

ඉතින්, අර්තාපල් අඳුරු කව සමඟ සටන් කරන්නේ කොහොමද කියලා ඔබ හිතනවා ඇති. අර්තාපල් වල කාබනික සංයෝගයක් වන කැටෙකෝල් අඩංගුයි. එය ස්වභාවික ද්‍රව්‍යයක් වන අතර එය සමේ අඳුරු පැහැය අඩු කිරීම සඳහා වන සම ආශ්‍රිත නිෂ්පාදන වලද භාවිතා වෙනවා. ආසියානු ජාතිකයින් බොහෝ දෙනෙක් සම මත ඇතිවෙන අඳුරු ලප ඉවත් කිරීම සඳහා බ්ලීචින් කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම ද්‍රව්‍යය අර්තාපල් වල දක්නට ලැබෙන්නේ සුළු ප්‍රමාණයකට පමණක් බැවින් බ්ලීචින් වගේ සමට හානි නොකර ඇස් වටා සමේ අඳුරු බව අඩු කර අඳුරු කව වලින් ඔබව නිදහස් කරනු ඇති.

පිරිසිදුයි

මේ සඳහා සාමාන්‍ය අර්තාපල් තෝරන්න. භාවිතා කිරීමට පෙර අර්තාපල් නිසි ලෙස සෝදන්න. හොඳින් සේදීමෙන් ඔබේ සම මත සහ ඇස් වලට අපහසුවක් ඇති කරන කුණු ඉවත් වී යනව.

අඳුරු කවයන්ට එරෙහි සටනේදී ඔබට අර්තාපල් විවිධ ආකාරවලින් භාවිතා කළ හැකියි. අපි ඒවා සියල්ලම ඔබට පැහැදිලි කරන්නම් .

ක්‍රමය 1:
පහසුම ක්‍රමය වන්නේ අර්තාපල් තුනී පෙති වලට කපා මෙම පෙති ඔබේ ඇස් යට තැබීමයි. අර්තාපල් වලින් එන යුෂ ඔබේ ඇස් ඇතුළට නොවැටෙන්න මෙය කරන්න වග බලා ගන්න.

ක්‍රමය 2:
පළමුව අර්තාපල් ග්‍රේට් කරගන්න. එලෙස ගාන ලද අර්තාපල් තුනී අත් ලේන්සුවකට දමා ඔබේ ඇස්වලට උඩින් තබන්න.

ක්‍රමය 3:
ගාන ලද අර්තාපල් තෙතමනය පිටින් කපු රෙදි වලින් සාදා ගත් පෑඩ් දෙකකට දමා සකස් කරගන්න. පසුව මෙම කපු පෑඩ් ඔබේ ඇස් යට තබන්න.

ඔබ කුමන ක්‍රමයක් තෝරා ගත්තද, අර්තාපල් (හෝ කපු පෑඩ්) විනාඩි 15 ක් ඔබේ ඇස් මත තබන්න. හොඳම ප්‍රතිඵල සඳහා සෑම උදෑසනකම මෙම ක්‍රමය නැවත කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1480 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:54:51 AM
Script:/article/1480/how-to-get-rid-go-dark-circles-with-potato.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:54:51 AM
Script:/article/1480/how-to-get-rid-go-dark-circles-with-potato.html