හොඳම ස්වාභාවික මේක් අප් රිමූවර්ස් ලෙස භාවිතා කළ හැකි ඔබේ මුළුතැන්ගෙයි අමුද්‍රව්‍ය 7 ක්

January 29, 2021
15,240
Natural make-up removers
සාදයකින් පස්සේ කරන්න ඕනේ අමාරුම දේ මොකක්ද කියලා ගොඩක් තරුණියන් දන්නවා. ඔව්... මූණට දාපු ඝන මේක් අප් ඉවත් කරන එක. අවංකවම, micellar water සහ අනෙකුත් ඉහළ මට්ටමේ මේක් අප් රිමූවර්ස් වලින් ඔබේ සමට වියළි බවක් හා කැසීම් ඇති කරන නිසා ඒවා වචනාර්ථයෙන්ම ඒ තරම් හොඳ නෑ කියලා ඔබට තේරිලා ඇති. ඒ වගේම මේක් දාන එක අත්හැරීම ද ඇත්තෙන්ම විකල්පයක් නෙමෙයි. ඔබට ඒ සඳහා උදව් කරගන්න පුලුවන් ස්වාභාවික මේක් අප් රිමූවර්ස් ගොඩක් ඔබේ කුස්සියේම තියනවා. එහෙනම් මේක් අප් ඉවත් කර ගන්නට හොඳින් ගැළපෙන ඔබේ මුළුතැන්ගෙයි අමු ද්‍රව්‍ය කීපයක් ගැන දැන් අපි ඔබට කියන්නම්.

1. පොල්තෙල්
පොල්තෙල් අත්‍යවශ්‍ය මේද අම්ල තුනකින් සහ අඩු අණුක බරකින් යුක්ත වන නිසා එමඟින් සමට හොඳ විනිවිද යාමක් ලැබෙනවා. ඒ වගේම පොල්තෙල් ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ වලින් පිරිලා තියන අතර එය ඔබේ මුළු මුහුණටම හා ශරීරයටම විශිෂ්ට මොයිස්චරයිසර් එකක් බවට ද පත් වෙනවා. ඔබ සමේ ගැටළු වලට ගොදුරු වෙනවා නම්, කුරුලෑ ඇති විය හැකි ප්‍රදේශ සඳහා ද, අයි මේක් අප් ඉවත් කිරීම සඳහා ද පොල්තෙල් ප්‍රයෝජනයට ගන්න ඔබට පුලුවන්.

2. කිරි
කිරි අපගේ සෞඛ්‍යයට ඉතා හොඳයි, එය අපේ සමටත් පුදුම සහගත ප්‍රතිඵල ගෙනත් දෙනවා. කිරිවල ඇති මේදය හා ප්‍රෝටීන සමට තෙතමනය ගෙනදීමට සහ සමේ තෙතමනය රඳවා ගැනීමට උපකාරී වෙනවා. ඔබේ මේක් අප් ඉවත් කිරීම සඳහා කිරි හෝ ඔලිව් තෙල් ස්වල්පයක් භාවිතා කරන්න. එය ඔබේ මුහුණ පුරා ආලේප කරලා washcloth එකකින් හෝ කපු බෝලයකින් පිස දමන්න.

3. පිපිඤ්ඤා යුෂ
පිපිඤ්ඤා වල සමේ දැවිලි සමනය කරවන ගුණ ඇති නිසා ආසාදන වලට පත් වූණු ඔබේ සම හෝ කුරුලෑ ඇති සම සමනය කිරීමට ඒවා උපකාරී වෙනවා. මේක් අප් ඉවත් කරන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන වලට ද පිපිඤ්ඤා භාවිතා කරනවා. එක පිපිඤ්ඤා ගෙඩියක් අරගෙන එය පේස්ට් එකක් විදිහට බ්ලෙන්ඩ් කර ගන්න. මුළු මුහුණේම ආලේප කරන්න.

4. බේකිං සෝඩා සහ මී පැණි
මෙම සංයෝජනය ඕනෑම ආකාරයක මේක් අප් එකක් සඳහා අරුම පුදුම දේවල් කරනවා. පිරිසිදු රෙදි කැබැල්ලකට කාබනික මී පැණි ටිකක් දමා බේකිං සෝඩා ස්වල්පයක් ඉසින්න. ඔබේ මුහුණ පිරිසිදු කිරීමට එය භාවිතා කරන්න. බේකිං සෝඩා සහ මී පැණි සංයෝජනය විශිෂ්ට පවිත්‍රකාරකයක් මෙන්ම exfoliator එකක් ලෙස ද ක්‍රියා කරනවා.

5. ජොජෝබා තෙල්
ජොජෝබා තෙල් ද ඔබේ එදිනෙදා රූපලාවණ්‍ය කටයුතු වලට එකතු කිරීම සඳහා ප්‍රයෝජනවත් වෙන සම ආරක්ෂණ නිෂ්පාදනයක්. එය මොයිස්චරයිසින් හා ප්‍රතිබැක්ටීරීය වන නිසා ඔබේ සමේ තෙල් පාලනයට උපකාරී වෙනවා. ඒ අතර මුහුණේ අපද්‍රව්‍ය හා මේක් අප් ද ඉවත් කරන්නත් සුදුසු නිසා මෙම සැහැල්ලු තෙල් වර්ගය ඔබේ සමට සහනයක් ලබා දෙනවා. මේක් අප් ඉවත් කිරීම සඳහා ආමන්ඩ් තෙල් සමඟ එය සම්බන්ධ කිරීමත් වඩා හොඳයි. විශේෂයෙන් ඔබේ ඇස් යට සංවේදී ප්‍රදේශය හරහා ආලේප කරද්දී.

6. කෝමාරිකා
කෝමාරිකා සමේ පිළිස්සීම්, කුරුලෑ සහ වියළි බව සුව කිරීමට දන්නා නිසා එය ඔබගේ evening routine එකට ඇතුළත් කරගෙන වෙනස බලන්න.

7. ආමන්ඩ් තෙල්
ආමන්ඩ් තෙල් සංවේදී සමක් සඳහා හොඳයි. එය විටමින් A සහ E වලින් පොහොසත් නිසා මේක් අප් ඉවත් කිරීමට ආමන්ඩ් තෙල් භාවිතා කරන්න ඔබට පුලුවන්. විශේෂයෙන් ඔබට සංවේදී සමක් තිබෙනවා නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1942 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:15:32 AM
Script:/article/1942/natural-make-up-removers.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:15:32 AM
Script:/article/1942/natural-make-up-removers.html