ප්‍රසූතියේදී ඇතිවිය හැකි සංකූලතා සහ දරු ප්‍රසූතිය පහසු කිරීමට ඔබට සහ සහකරුට කළ හැකි දේ

September 10, 2021
33,083
Labour complications and how be ready for them
ගර්භනී සමය කාන්තවාන් මුහුණදෙන සුන්දර එහෙත් ඇතැම් විට අභියෝගාත්මක වන කාල සීමාවක්.. ඔබ කොතරම් සුවෙන් සහ සූදානමින් සිටියත් ඔබ නොසිතන අනපේක්ශිත තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා. සාමාන්‍ය දරු ප්‍රසූතියේදී වෛද්‍යවරයා විසින් ඔබගේ ගැබ්ගෙල කොතරම් ප්‍රමාණයක් විවෘත වී ඇත්දැයි සහ දරුවා කොපමණ ප්‍රමාණයක් පහතට පැමිණ ඇත්දැයි පරික්ෂා කිරීමෙන් දරු ප්‍රසූතිය සඳහා ගත්වන කාල සීමාව පිළිබඳ නිර්ණය කරගනු ලබනවා.. නමුත් ඇතැම් විට ගැබ් ගෙල විවර වීම ඉතා සෙමෙන් සිදු වීමට ඉඩ තිබෙනවා..එවිට වෛද්‍යවරයා විසින් ඔබගේ ප්‍රසූතිය තවත් ප්‍රමාද වන බව පවසනවා. ඔබට සන්සුන්ව සිටීමට නොහැකි වන අතර කාන්සිය සහ අසහනකාරි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එමෙන්ම ප්‍රසූතිය පහසු කිරීමට ඔබට සහ සහකරුට කළ හැකි දේ පිළිබඳව වෛද්‍යවරයා ඔබට පහත උපදෙස් ලබාදීමට ඉඩ තිබෙනවා.

1. ඔබට පහසු ඉරියව්වකට මාරු වන්න
2. ඇවිදින්න - එවිට දරුවා පහතට වන වේගය වැඩිවනවා
3. උණුසුම් ජලය ස්නානය
4. කාය ශක්තිය ලබා ගැනිමට කෙටි නින්දක් ලබා ගන්න
5. කෙටි කෑමක් හෝ බීමක් ලබාගන්න

තවදුරටත් ප්‍රසූතිය සම්බන්ධ ක්‍රියාවලිය ප්‍රමාදවන්නේ නම් වෛද්‍යවරයා ඔබට ප්‍රසූතිය පහසු විමට උපකාරි වන සින්ටොසින් (Syntocinon ) සහ එමෙන්ම වේදනාව සමනය සඳහා වේදනානාශක ලබාදෙනු ලබයි..

බොහෝ දරුවන් උපත ලබන්නේ හිස පහතට සිටින ලෙසටයි. නමුත් ඇතැම් අවස්ථාවල මෙම තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබෙනවා. ඒවානම්,

1. Posterior position - දරුවාගේ හිස පසු පසට පිහිටීම



මෙහිදි දරුවාගේ හිස ඔබගේ ශ්‍රෝණියේ පිටුපසට නොව ඉදිරිපසට මුහුණලා පහතට පැමිණීමයි. බොහෝ දරුවන් ප්‍රසූති අවස්තාවේදී හැරෙන අතර සමහරු එසේ නොවනවා. එවැනි අවස්ථාවකදී ඔබට ආයාසයක් දරා ඉදිරියට තල්ලු කල හැකියි.එසේ නොවුණ හොත් වෛද්‍යවරයා විසින් දරුවාගේ හිස හැරවීම හෝ වැකුම් පොම්පයක් මගින් හැරවීම සිදු කරනවා.. මෙය මවට තරමක් වෙහෙසකාරි සහ වේදනාත්මක අත්දැකීමක් ගෙන එන්නක්. වේදනාව අඩුකර ගැනීමට සුදුසු ඉරියවු වෛද්‍යවර‍යා විසින් ඔබට කියාදෙනු ලබනවා.

2. Breech birth - බ්‍රීච් දරු උපත්



මෙහිදි දරුවා හිස නොව තට්ටම හෝ දෙපා පහතට හරවා පැම්ණීම සිදුවනවා..ගර්භනී සමයේ අවසාන සති කිහිපයේදී වෛද්‍යවරයා විසින් අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයක් ආශ්‍ර‍යෙන් පරීක්ශා කර මෘදුව හැරවීම සිදු කරනවා.. මෙහිදී පෙකිණිවැල අවහිර වීමට හෝ වැදෑමහ අවහිර වීමේ අවධානමක් ඇහි බැවින් හදිසියේ සිසේරියන් සැත්කමක් කිරීමට වුවද ඉඩ තිබෙනවා. දරුවා සති 36 වන විටත් නිසි පරිදි හැරී නොමැති නම් වෛද්‍යවරයා විසින් ප්‍රසූතිය සාමාන්‍ය ආකාරයට සිදුකරනවාද සිසේරියන් සැත්කමක් මගින් කරනවාද යන්න තීරණය කරනු ලබනවා.

3. Multiple pregnancy - නිවුන් හෝ ඊට වැඩි දරුවන් සිටින අවස්ථාවක



නිවුන් දරු උපත් වලදි බොහෝ විට සාමාන්‍ය දරු ප්‍රසූතියට නොයා සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනු ලබනවා. ඇතැම් විට එය නොමේරු දරු උපතක් වීමට ඉඩ ඇති අතර ප්‍රසූතියෙන් පසු අමතර රැකවරණයක් සහ අවධානයක් යොමු කිරීමට සිදුවනවා.


දරු ප්‍රසූතිය අතර තුරදී සහ පසුව දරුවා පිළිබඳ සැලකිලිමත් විය යුතු අවස්ථා..

- බිලිඳාගේ හෘද ස්පන්දනය වේගවත් වීම සහ මන්දගාමී වීම සම්බන්ධව
- අලුත උපන් බිළිදාගේ මලපහ සම්බන්ධයෙන් - සාමාන්‍යයෙන් කලු පැහැයට හුරු කොළ පැහැයක් ගන්නා අතර meconium ලෙස හඳුන්වනු ලබනවා.

සාමාන්‍ය‍යෙන් දරු උපතකදී හෘද ස්පන්දනය පිළිබඳව නිරීක්ෂනය කරනු ලබන අතර හදිසි අවස්ථාවකදී vacuum ක්‍රමය සහ forceps ක්‍රමය හෝ සිසේරියන ක්‍රමය දරු උපත සඳහා නිර්දේශ කරනු ලබනවා.

පසු ප්‍රසව රුධිර වහනය (Postpartum haemorrhage)

දරු ප්‍රසූතියකදී මවකගේ සිරැරෙන් සාමාන්‍ය රුධිර වහනයක් සිදුවිම සාමාන්‍ය නමුත් දරු උපතින් පසු යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිරය වහනය වීම Postpartum haemorrhage ලෙස හඳුන්වනු ලබනවා.රුධිරය පිටවන ආකාරය අනුව මෙය වර්ග දෙකක් තිබෙනවා.

- primary or immediate - උපතින් පැය 24ක් ඇතුලත සිදුවන රුධිර වහනය
- secondary or delayed - දරු උපතින් පළමු පැය 24න් පසුව සති 6 දක්වා කාල සීමාව තුළ සිදුවන රුධිර වහනය.

මෙම පසු ප්‍රසව රුධිර වහනයට ප්‍රසූතියෙන් පසු හර්භාශයේ වන දුර්වල සංකෝචනයන් හෝ වැදෑමහේ කොටසක් ගර්භාශයේ ඉතිරිවීම, ගර්භාශය තුල වන යම් ආසාදන තත්ත්වයක් හේතු ලෙස වෛද්‍යවරුන් හදුන්වනු ලබනවා. Postpartum haemorrhage තත්ත්වය වළක්වා ගැණීම සඳහා ප්‍රසුතිය අතරතුර දී එන්නතක් ලෙස සින්ටොසින් ලබාදෙන අතර එය වැදෑමහ පිටතර තල්ලු කිරීමටත්, සංකොචනයන් උත්තේජනයටත් හේතු වනවා. සාමාන්‍යයෙන් පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය හේතුවෙන් මව තුල සංකූලතා රාශියක් ඇතිවීමේ අවධානමක් තිබෙන බැවින් දරු ප්‍රසූතියෙන් පසු වෛද්‍යවරයා විසින් ඔබගේ ගර්භාශය නිසි පරිදි පරීක්ෂා කර බලා රෝහලෙන් පිටව යාමට උපදෙස් ලබාදෙනු ලබනවා..

වැදෑමහ පිට නොවීම
ඇතැම් දරු ප්‍රසූතියන් තුලදී දරුවා පිටතට පැමිණියත් වැදෑමහ පිට නොවීමේ තත්ත්වයක් ඇතිවනවා.. එවිට වෛද්‍යවරයා විසින් සාමාන්‍ය නිර්වින්දන ඖෂධ ලබාදී හෝ එපිඩියුරල් ඖෂධ ලබාදී වහාම වැදෑමහ ඉවත් කිරීමට කටයුතු කරනවා..

ඔබ මවක් වීමේ අපේක්ශාවෙන් පසුවනවා නම් මෙම සංකූලතා පිළිබඳ අනිසි බියක් ඇතිකර ගත යුතු නැහැ.ගර්භනී කාලසීමාවේ නිසි වෛද්‍ය අධීක්ෂණයකින් යුතුව සහ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමෙන් මෙවැනි බොහෝ සංකූලතා මග හැර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා..

මවක් වීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබටත් නිරෝගී සහ පහසු දරු ප්‍රසූතියක් ලැබේවා යන්න හැඩකාරි අපගේ නිරන්තර ප්‍රාර්ථනාවයි..!

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 2064 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:20:16 AM
Script:/article/2064/labour-complications-and-how-be-ready-for-them.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:20:16 AM
Script:/article/2064/labour-complications-and-how-be-ready-for-them.html