සීසර් සැත්කමකට පසු සාමාන්‍ය වැඩපළවල නිරතවීම සුදුසුද?

March 26, 2017
11,063
When can you resume housework after cesarean
සීසර් ශල්‍යකර්මයට භාජනය වූ කාන්තාවන්ගේ බයක් තියනවා ශල්‍යකර්මයට පස්සෙ ඇඟ ඇල් වතුරින් පිරිසිදු කිරීම සුදුසුද, තුවාල තියන තැනට වතුර වැටීම සුදුසුද කියලා. අපි මුලින්ම ඒ ගැන කථා කරමු.

සීසර් ශල්‍යකර්මයකට භාජනය වූ කාන්තාවක් පිරිසිදුව සිටීම ඉතාම වැදගත්. සාමාන්‍ය පරිදි ස්නානය කිරීම දවසට දෙතුන් වරක් හෝ ඇඟ පිරිසිදු කර ගැනීමට අවශ්‍යයි. සීසර් ශල්‍යකර්මය සිදුකල ස්ථානය වේලුණු ගතියකට තියා ගැනීමත් අවශ්‍යයි. ශල්‍යකර්මය සිදුකල ස්ථානය යථා තත්වයට පත් කර ගැනීම පහසු කර ගැනීම සඳහා තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු, තමන්ගේ දරුවන්ගේ වැඩ කටයුතු, ගමනක් යාම, පඩි‍ පෙලක් නැගීම වැනි කටයුතු කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් සීසර් ශල්‍යකර්මයකට භාජනය වූ කාන්තාවකට සුමාන තුන හතරකට පසු ව්‍යායාම කරලා ශරීරයේ බර අඩු කිරීමත්, උදරයේ තිබෙන මාංශ පේශි වල ශක්තිමත් බව හෙවත් තානය වැඩි කිරීමත් කරනු ලබනවා. මේ සඳහා මවට ඇවිදීම, පිහිනීම වැනි ක්‍රියාවන් මාසයකට පසුව කරන්න වෛද්‍යවරුන් උපදෙස් දෙනවා.

ගොඩක් මවුවරුන්ට තියන ප්‍රශ්නය තමයි සීසර් සැත්කමකින් පසුව බර උසුලන්න හොඳද කියන එක. සීසර් ශල්‍යකර්මයට භාජනය වූ මවක් සාමාන්‍යන් ගෙදරදී කරන වැඩ කටයුතු කරන අතර කුඩා දරුවා වඩා ගැනීම වැනි කටයුතු සීසර් ශල්‍යකර්මයකට පසුව කළ හැකි බව මතක තබා ගන්න.

සීසර් ශල්‍යකර්මය හා සාමාන්‍ය දරු ප්‍රසූතිය අතර ඇති වෙනස්කම් පිළිබඳව අපි විමසා බලමු. වෛද්‍යවරයා හා මව විසින් කථාබහ කරගෙන තීරණයකට එළබෙන්න ඕනෙ සීසර් ශල්‍යකර්මයකින්ද සාමන්‍ය ආකාරයටද දරුවා ලබාගන්නේ කියන එක. විශේෂ වෛද්‍ය සංකූලතා තියන විට හා සීසර් ශල්‍යකර්ම දෙකක් කරලා තියන විට සීසර් ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍යයි කියන එක තමන්ගේ ප්‍රසව හා නාරි රෝග වෛද්‍යවරයා විසින් දැනුම් දෙනවා. නමුත් අනෙක් අවස්ථාවලදී කාන්තාවට නිදහස තියනවා බබාව හම්බවෙන්නෙ සීසර් ශල්‍යකර්මයකින්ද සාමන්‍ය ආකාරයටද කියලා තීරණය කරන්න. විශේෂයෙන්ම රෝහලට පැමිනෙන සෑම කාන්තාවක්ම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියොත් සීසර් ශල්‍යකර්මයක් කරන්න කියලා, ලෝකයේ කොහේවත් රටක පහසුකම් නැහැ සියලුම ගැබිණි මවුවරුන්ට සීසර් ශල්‍යකර්මයක කරලා දෙන්න. ඒ නිසා වෛද්‍යවරුන්ට සිදුවෙනවා මේ සඳහා සීමා කිරීම් පනවන්න. නමුත් බෝහෝ මවුවරු තමන්ගේ දරුවා සාමාන්‍ය ආකාරයට මෙලොවට බිහි කරන්න කැමතියි. ඔවුන් හිතනවා දරුවා සාමාන්‍ය ක්‍රමය යටතේ බිහි කිරීම ඔවුන් සතු අයිතියක් කියලා.

සමාජයේ සමහර කාන්තාවන් අතරේ මතයක් තියනවා සාමාන්‍ය දරු ප්‍රසූතියේදී දරුවාගේ ඔලුවට ඇතිවන තෙරපීම සිසේරියන් ශල්‍යකර්මයකට වඩා හොඳයි කියලා. නමුත් මෙහි විශේෂ වෙනසක් නැහැ. ඇත්තටම ඕනෑම සත්ත්වයෙක් මෙලොවට බිහි කරන විට ගමන් කරන්න තියන භයානකම ගමන තමයි සාමාන්‍ය දරු ප්‍රසූතිය. සාමාන්‍ය දරු ප්‍රසූතියේදී විවිධ ප්‍රශ්න එන්න පුළුවනි. නමුත් දැන් කාලෙ තියන දරු ප්‍රසූතිය මැන බලන ක්‍රම මඟින් ඉතා ඉක්මනින් සීසර් ශල්‍යකර්මයක් මඟින් දරුවා ලබාගන්න පුළුවන්. මෙහිදී සංකූලතා ලෙස දක්වන්නේ දරුවාගේ හෘද ස්පන්දනය අඩුවීම, ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම, මවට ඇතිවන විවිධ සංකූලතා හෙවත් අධික ලේ වහනය, වැදැමහ වෙන්වීම වගේ ප්‍රශ්න තමයි. නවීන වෛද්‍ය විද්‍යාව අනුව සාමාන්‍ය දරු ප්‍රසූතියට භාජනය වන විට ඇතැම් විට සිසේරියන් ශල්‍යකර්මයකට භාජනය කරන අවස්ථා තියනවා. සංකූලතා ඇති මවකට සාර්ථකව වෛද්‍යවරයාට පිළිතුරක් ලබාදෙන්න පුළුවන් වෙන්නෙ සිසේරියන් ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් පමණි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 149 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:08 AM
Script:/article/149/when-can-you-resume-housework-after-cesarean.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:48:08 AM
Script:/article/149/when-can-you-resume-housework-after-cesarean.html