කසාදය දික්කසාදයක් කරගන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න

June 22, 2018
6,094
Think before the marriage become a divorce
පෙරුම් පුරලා පුරලා ආදරේ වෙනුවෙන් දැක්ක හීනය සැබෑවක් කරගෙන දෙන්නෙක් එක වහලක් යටට එන්නේ ජීවිත කාලය පුරාවටම ආදරෙන් සතුටින් ජීවිතය බෙදාගන්න හිතාගෙන. කොහොම උනත් ඉතින් ඇත්තම කතාව තමයි අපි ආදරේ කරන කාලේදී ගත කරන ජීවිතේට වඩා විවාහ උනාම අපිට ගත කරන්න වෙන ජිවිතේ වෙනස්. අපි ආදරේ කරන කාලේ හිතපු පතපු දේවල් බලාපොරොත්තු උන දේවල් සමහර අවස්ථා වලදී අපිට විවාහා ජිවිතේ ඇතුලේ ඉටු කරගන්න බැරුව යනවා. ආදරේ කරන කාලේ නොපෙනුන වැරදි අඩුපාඩු විවාහා උනාට පස්සේ පේන්න පටන් ගන්නවා මෙතනින් තමයි කසාදය දික්කසාදයක් වෙන්න පටන් ගන්නේ. කොහොම වුනත් අද අපි ඔබට කියන්නේ ආදරෙන් හදාගත්ත පවුල් ජීවිතේ දික්කසදයකින් කෙලවර කරගන්න කලින් ඔයා අනිවාර්යෙන්ම ඔයාගෙන්ම අහලා විසඳ ගන්න ඕනේ ප්‍රශ්න ටිකක් ගැන. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගත්තට පස්සේ ඔයාට පුළුවන් කැමති තීරණයකට එන්න.

01. මේ සබඳතාවය තුල මට මා ලෙසම ඉන්න පුලුවන්ද?

සාමාන්‍ය සබඳතා වලදී සැමියා බිරිඳගේ ආසාවල්, අවශ්‍යතාවයන් හෑල්ලුවට ලක් කරන්නේ නැහැ. ඔහුට පුළුවන් විදිහට ඇයට උදවු කරනවා ඇයව දිරිමත් කරනවා බිරිඳව ඔහුට ඕනේ විදිහට වෙනස් කරන්න යන්නේ නැහැ. හැබැයි සමහර සබඳතා වලදී සැමියා බිරිඳගේ ආශාවන් අවශ්‍යතාවයන් ගැන හිතන්නේ නැහැ ඒ දේවල් වෙනස් කරන්න උත්සහ කරනවා වගේම සමහර දේවල් හෑල්ලුවට ලක් කරනවා. ඔයාට ඔයාගේ විවාහ ජීවිතය තුල ඔයා විදිහට ජිවත් වෙන්න බැරි නම් ඔයාට පුළුවන් දික්කසාදය ගැන තීරණයකට එන්න.

02. අපි දෙන්නටම තියෙන්නේ අනාගතය ගැන පොදු අරමුණුද?

හිතන්න ඔයාට ඕනේ ඔයාගේ ජීවිතේ තව ඉදිරියට ගිහින් හොඳ රැකියාවක් අරගෙන ටිකක් නිදහසේ කාලය ගත කරලා දරුවෝ හදන්න හැබැයි සැමියාට අවශ්‍ය ඉක්මනින් දරුවෝ හදන්න. මෙහෙම උනාම දෙන්නා අතරේ ලොකු ලොකු ගැටුම් ඇතිවෙනවා. හැබැයි ඔය දෙන්නම ඉන්නේ ඉස්සර වෙලා රස්සාවක් කරලා ජීවිතේ ටික කාලයක් සතුටින් ඉඳලා නියම කාලයට දරුවෝ හදනවා කියන තැන නම් දෙන්නට ප්‍රශ්නයක් නැතුව එකට ජිවත් වෙන්න ලේසියි.

03. අපි දෙන්නට දෙන්නා කතාබහ කරනවද?

විවාහා ජීවිතය ඇතුලේ සතුට තියෙන්නේ ඔය දෙන්නගේ ආදරේ වැඩිවෙන තරමට. ආදරේ වැඩි වෙන්න නම් ඔය දෙන්නට දෙන්නා කතා බහ කරන එක ගොඩක් වැදගත්. ඔය දෙන්නා අතරේ කතා බහ අඩුයි නම් දෙන්නට දෙන්නා තනි වෙනවා. ඔයා සැමියත් එක්ක කතාබහ කරලා එයාට ලං වෙන්න හදනකොට එයා ඒ දේවල් මඟ හරිනවා නම් ඔයාට පුළුවන් තීරණයකට එන්න.

04.මට වැඩිපුරම දැනෙන්නේ සතුටද දුකද?

හිතන්න ඔය දෙන්නගේ ජීවිතේට මොන ප්‍රශ්න ආවත් දෙන්නත් එක්ක ඒ ප්‍රශ්න විසඳගෙන සතුටින් ඉන්නවා කියලා එහෙනම් ඔයාට ඔයාගේ විවාහ ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි කිසිම ප්‍රශ්නයක් නැතුවත් ඔය දෙන්නට දෙන්නා ඉන්නේ දුකින් නම් ජිවිතේ ඇතුලේ තියෙන්නේ සතුටට වඩා දුක නම් තවත් ඒ වගේ සබඳතාවයක එල්ලිලා ඉන්න එක තේරුමක් නැහැ.

05. ඇයි මට දික්කසාද වෙන්න ඕනේ?

මේක ටිකක් උත්තර හොයාගන්න අමාරු ප්‍රශ්නයක් වෙයි. හැබැයි උත්තර හොයන එක හැම දේටම වඩා වැදගත්. මොකද ඒකෙන් ඔයාගේ අතින් වෙන්න තියෙන ලොකු වැරද්දක් නතර කරගන්න පුළුවන්. සමහර වෙලාවට මිනිස්සු දික්කසාද වෙන්නේ කිසිම තේරුමක් නැති ප්‍රශ්න වලට. ඔයා එයාගෙන් දික්කසාද වෙන්න හොයාගත්ත එයාගේ නරකට වඩා හොඳ දේවල් ගොඩක් එයාගේ ළඟ තියෙන්න පුළුවන්. මේ නිසා ඇත්තටම දික්කසාද වෙන්න ඕනේ හේතුව මොකක්ද කියලා හරියටම හොයාගන්න.

06. දික්කසාදයට පස්සේ මගේ ජීවිතේ හොඳ වෙයිද?

ඔයාගේ සැමියා නැතුව ඉස්සරහට ඔයාට ගෙවෙන්න වෙන ජීවිතේ ගැන හිතලා බලන්න. ඔයාට හොඳටම විස්වාස නම් ඔයාට සතුටින් ඉන්න පුළුවන් කියලා ඔයාට පුළුවන් දික්කසාද වෙන්න. සල්ලි වගේම ආර්ථික වශයෙන් තියෙන ස්ථාවර බවත් වැදගත් හැබැයි සල්ලි නිසා නම් ඔයා තව දුරටත් ආදරේ නොකරන කෙනෙක් එක්ක ඉන්න උත්සහ කරන්න එපා. ඇත්තටම ආදරෙයි නම් විතරක් තීරණේ වෙනස් කරගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 904 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:33 AM
Script:/article/904/think-before-the-marriage-become-a-divorce.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:36:34 AM
Script:/article/904/think-before-the-marriage-become-a-divorce.html