කොත්තමල්ලි කනවද? බොනවද?

March 26, 2017
12,161
Amazing Benefits Of Coriander
පවුලේ ඇත්තන්ගේ පෝෂණය පිළිබඳ ප්‍රධාන වගකීම දරන්නේ ගෘහණිය. මොන තරම් වැඩ කන්දරාවක් තිබුණත් ඉවුම් පිහුම්වලින් නම් ගැලවීමක් නෑ. උයන පිහන දේ රසවත් වෙනවා වගේම ගුණ වෙන්නත් ඕනෑ. කෑම වේලේ ගුණ ගැන සිතන ඔබට කුළුබඩු අයින් කරන්නම බෑ. එදිනෙදා ආහාරයට ගන්නා කුළු බඩුවල ඇත්තේ අප නොදන්නා තරම් පෝෂණීය ගුණයක්. ආහාර රසවත් කරන රස කාරක ගුණයන්ගෙන්ද යුක්තයි.

කෘතිම වර්ණකාරක රස කාරක යොදා ආහාර පිළියෙල කිරීම පහසුයි. රසය වගේම පෙනුමත් හොඳයි. ඒත් දිනපතාම ආහාරයට එක් කරගත්තාම සෞඛයය තත්වය පිරිහෙනවා. ඒ නිසා අතීතයේ පටන් ආහාර රසවත් කළ රසකාරක, වර්ණ කාරක ගැන දෙවරක් හිතන්න ඕන නෑ. කුළුබඩු අතරින් කොත්තමල්ලි වඩා වැදගත්. ඒ ඇයි?
කොත්තමල්ලිවල පොදු සිංහල නාමය කොතඹුරැ යන්නයි. කොත්තමල්ලි යන්න දෙමළ නාමයයි. බහුලව වැවෙන්නේ ඉන්දියාවේ හා පකිස්ථානයේ. නමුත් භාවිතය අතින් අපේ රටත් ඉදිරියෙන් ඉන්නවා. දේශීය වෛද්‍ය ක්‍රමයේ සඳහන් වන්නේ නම් කොත්තමල්ලි රස හයකින් යුක්ත ලඝු හා ස්නිග්ධ ගුණ ඇති උෂ්ණ වීර්ය ඇති මධුර විපාකය ඇති දෙයක් ලෙසයි.

කොත්තමල්ලි ඇට ග්‍රැම් 100ක අඩංගු පෝෂණය

ශක්තිය කැලරි 288.0
මාංශජනක ග්‍රැම් 14.01
මේදය ග්‍රැම් 16.01
පිෂ්ටය ග්‍රැම් 21.06
කැල්සියම් මිලි ග්‍රැම් 630.00
යකඩ මිලි ග්‍රැම් 17.00
කැරොටින් මයිකො ග්‍රැම් 942.00
තයමින්මයිකො ග්‍රැම් 350.00
රයිබෝ ප්ලේවින් මයිකො ග්‍රැම් 350.00
කියෑසින් මිලි ග්‍රැම් 01.01

කොතඹුරැ හෙවත් කොත්තමල්ලි බොහෝ කලක් තිස්සේ දේශීය වෙදකමේ ඔසුවක් මෙන්ම ආහාර රසවත් කළ ධාන්ය වර්ගයක් ලෙස භාවියතට ගැනුනා. එය ස්වාභාවික රස කාරකයක්. මින් රස ජනනය කරනවා මෙන්ම අප ගන්නා ආහර පහසුවෙන් ජීර්ණය කරනවා. ආහාරයේ ඇති සියලු පෝෂණ ගුණයන් ශරීරයට අවශෝෂනය කිරීමේ මාධ්යයක් ලෙසත් කොත්තමල්ලි වැදගත් වනවා.

කුළු බඩුවකට අමතරව අත් බෙහෙත් ලෙසත් කොත්තමල්ලි එදා සිටම බහුලව භාවිතයට ගැනුණා. තැම්බුම් හොද්දකට එක් කරන ද්‍රව්‍ය අතර කොත්තමල්ලි ප්‍රධානයි. තැම්බුම් හොද්දක් පිළියෙළ කිරීමේදී සූදුරැ හා කොත්තමල්ලි අනෙක් ද්‍රව්‍ය වලට වඩා ටිකක් වැඩිපුර යෙදීම ගුණදායකයි. අජීර්ණ වැනි තත්ත්වයන්වලදී ජීර්ණය පහසු කිරීමේ හැකියාව තිබෙනවා. කොත්තමල්ලි නිසා රෝග වැළඳීමේ ප්‍රවණතාවය අඩුවෙනවා. ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලියට දායක වෙනවා. දහඩිය හා මුත්‍රා පිට කිරීම ක්‍රමවත් කිරීමට දායක වෙනවා.

අත් බෙහෙත්

ආහරවටල අමතරව අත් බෙහෙත් ලෙස භාවිත කළ හැකි ආකාරය හා අවස්ථා කිහිපයක් මේ.

සෙම්ප්රතිශ්යාවට

සෙම්ප්‍රතිශ්‍යාව පැසවීමට පෙර සුදු පැහැති අවස්ථාවේදී කොත්තමල්ලි ග්‍රැම් 10ක් හා අමු ඉඟුරැ ග්‍රැම් 10ක් වතුර කෝප්ප 2ක් එක් කෝප්පයකට සිඳුවා දෙවේලට බීමෙන් සුවය ලැබෙනවා. ඒ වගේම සෙම්ප්‍රතිශ්‍යාව පැසවූ පසු එනම් කහ පාට සෙම ඇති විට කොත්තමල්ලි ග්‍රැම් 10ක් හා වියළි ඉඟුරැ ග්‍රැම් 10ක් වතුර කෝප්ප එකකට සිඳුවා බීම ගුණදායකයි.

මුත්‍රා ආසාදනවලට

කොත්තමල්ලි සහ පොල්පලා සම ප්‍රමාණයන් ගෙන තම්බා බීමෙන් සුවය ලබා ගත හැකියි.

පපුවේ සෙම සහිත කැස්සට

පපුවේ සෙම සහිත කැස්ස ඇති විට ඉඟුරැ, කොත්තමල්ලි, ගම්මිරිස්, සුදු ලූණු සම ප්‍රමාණයන් ගෙන තම්බා බීමෙන් ඉක්මන් සුවය ලැබෙනවා.

ඔසප් වේදනාවට

ඔසප් කාලයේදී හට ගන්නා වේදනාවට කොත්තමල්ලි කුඩු කර මේස හැඳි 1ක් රාත්‍රියට වතුර කෝප්පයකට දමා තබා හිස් බට බීමෙන් වේදනාව පහ වෙනවා.

වකුගඩුවල අපහසුතා ඇති විට

කොත්තමල්ලි හා පත්පඩාගම්, බෙලිමුල් තම්බා බීමෙන් ගුණය ගෙන දේ.

පැපොල

කොත්තමල්ලි හා පත්පාඩගම් තම්බා බීම පැපොල ඇති විට සුවය දෙන ඔසුවකි.


කොත්තමල්ලි ඇටයේ මෙන්ම කොළයේද බොහෝ ගුණ ඇත. කොළ පලාවක් ලෙස සකස් කර ආහාරට එක්කරගත හැකිය. ශක්තිය වර්ධනය කිරීමට මෙන්ම ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. සුප් වර්ග පිළියෙළ කරන විට භාවිත කිරීමෙන් රසය මෙන්ම ඖෂධීය ගුණයද ලබා ගත හැකියි.

හිතෙනවද වැඩි සැලකිල්ලක් නොදැක්වුවත් කොත්තමල්ලි කෑවත් ගුණයි බීවත් ගුණයි කියලා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 151 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:48:22 PM
Script:/article/151/amazing-benefits-of-coriander.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 11:48:22 PM
Script:/article/151/amazing-benefits-of-coriander.html