ඔයාගෙත් බර වැඩි වෙලාද? අඩු කරන්න පෙති බොන්න හිතුවේ නැද්ද?

April 16, 2018
11,919
Consider of taking pills to reduce weight?
බර අධික ලෙස වැඩි වීම, ස්ථුල භාවය කියන්නේ ඉතින් අද වෙද්දී කිසිම වයස් භේදයක් නැතිව ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටළුවක්. මේ විදියට බර වැඩි වීම සඳහා බලපාන ප්‍රධානම හේතුවක් වෙන්නේ ජාන වල බලපෑම. සමේ පැහැය, ශරීරයේ හැඩය, මුහුණේ ලක්ෂණ, ඇස් වල වර්ණය, පෙනීම වගේ ගොඩක් දේවල් වලට ජාන බලපෑම් කරනවා. තවත් හේතුවක් අපේ කටට පාලනයක් නැති වීම. මොකද සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් දෛනිකව ලබා ගැනීම නිසා බර වැඩි වීම වගේම ස්ථුල භාවය ඇති වෙනවා.

විශේෂයෙන් මෙය විවිධ රෝග රැසකට මුල් වෙනවා. ඒ වගේම ඔයාගේ සුන්දරත්වයට බාධා කරනවා. ඒ නිසාම ගොඩක් දෙනෙක් මේ බර අඩු කර ගන්න පුදුම විදියට මහන්සි වෙනවා. ඒ සඳහා ආහාර පාලනය කරනවා, ව්‍යායාම කරනවා. එත් මේ දෙකම කරන්න බැරි අය තවත් වැරදි වැඩක් කරනවා. ඒ තමයි සිරුරේ බර අඩු කර ගන්න කියලා විවිධ පෙති වර්ග පානය කරන එක.

ඒත් ඒක නම් කිසිම වෙලාවක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සිරුරේ බර අඩු කර ගන්නත් ස්ථුල භාවය අවම කර ගන්නත් භාවිතා කරන විවිධ පෙති වර්ග නිසා මෙන්න මේ කියන අතුරු ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්

1. ඇබ්බැහි වීම

සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරනවා වෙනුවට ශරීරයේ කෙට්ටු කරන පෙති වර්ග පානයෙන් ඔබ ඒ සඳහා ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා. ඇබ්බැහි වීම තුලින් පසු කාලීනව භයානක තත්ත්වයන්, සෞඛ්‍ය ගැටළු රැසක් ඇති වෙනවා.

2. අක්මාවට හානි ඇති කරනවා

බර අඩු කිරීමේ බෙහෙත් භාවිතය නිසා ඇතිවන තවත් ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් තමයි අක්මාවට හානි සිදු වීම. ඕනෑම බෙහෙත් වර්ගයක් අනවශ්‍ය විදියට දිගු කාලීනව භාවිතා කිරීමෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අක්මාවට හානි කරන මෙවැනි ඖෂධ වර්ග භාවිතයෙන් ඔබේ ජීවිතය අනතුරේ හෙලීම ගැන ඔබ තවත් කල්පනා කල යුතුයි නේද?

3. පාචනය

පෙති වර්ග පානයෙන් ඇති වන තවත් අතුරු ප්‍රතිපලයක් විදියට පාචනය හඳුන්වන්න පුළුවන්. එහි ඇති ඇතැම් සංඝටක පාචනය වැනි තත්ත්වයන් උත්තේජනය කරන්න හේතු වෙනවා.

4. මලබද්ධය

මෙය කෙනෙක්ට පාචනය ඇති කරද්දී තවත් කෙනෙක්ට මලබද්ධය ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. මලබද්ධය කියන්නෙත් ඔබව අපහසුතාවයට පත් කරන හා පසුකාලීනව සෞඛ්‍ය ගැටළු රැසක් ඇති කරන්න හේතු වෙන රෝගී තත්ත්වයක්. ඒ නිසා දැනටමත් මලබද්ධය වැනි තත්ත්වයන්ගෙන් පිඬා විඳිනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි හොඳම දේ.

5. හෘදයාබාධ හා ආඝාතය අවදානම වැඩි කරයි

බර අඩුකිරීම් බෙහෙත් භාවිතය අතිශයින්ම හානිකර වෙන්න පුළුවන් තවත් හේතුවක් තමයි මේ. බොහෝවිට මෙම පෙති මගින් හෘදයාබාධ හා ආඝාතය ඇති කරන උත්තේජක අඩංගු වෙනවා. ඒ උත්තේජක භාවිතය ශරීර සෞඛ්‍යට අහිතකර වුවත් විවිධ නිෂ්පාදන හරහා වෙළඳපොළට එන්න පුළුවන්. ඒ නිසා ඔබ ඉතාමත් ප්‍රවේසම් විය යුතුයි.

6. නින්ද සම්බන්ධ ගැටළු ඇති වේ

මේ බෙහෙත් තුළ ඔබේ නින්ද අවම කරන්න, නින්ද සම්බන්ධ විවිධ ගැටළු ඇති කරන්න හේතු වෙන සංඝටක අඩංගු වෙනවා. කාලයක් තිස්සේ නින්ද අහිමි වීම මානසික ආතතිය, වෙහෙසකර බව, ඇස් වටා කළු වීම වැනි ගැටළු රැසක් ඇති කරන්න හේතු වෙනවා.

මේ අහිතකර තත්ත්වයන්ට අමතරව නිරක්තිය, නිතරම මුඛය වියලීම, හිසරදය, මුත්‍රා ආබාධ, හිසකෙස් ගැලවී යාම, බඩේ කැක්කුම, අධිකව දහඩිය දැමීම වැනි රෝග වැනි විවිධ අතුරු ආබාධ වලට හේතු වෙනවා. ඉතින් බර අඩු කර ගන්න වැරදි ක්‍රම අනුගමනය කරලා ජිවිතේ අනතුර හෙලනවාද? ඒ සඳහා නිවැරදි අනුගමනය කරනවද කියන එක තියෙන්නේ ඔයා අතේ. හොඳම දේ තමයි නිවැරදි ආහාර රටාවක් සහ සිරුරට අවශ්‍ය ව්‍යායාම ලබා දෙන එක, ඒ වගේම අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් මත මේ දේවල් පාවිච්චි කරනවා නම් අවදානම අවම කර ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 775 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:38 AM
Script:/article/775/consider-of-taking-pills-to-reduce-weight.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:20:39 AM
Script:/article/775/consider-of-taking-pills-to-reduce-weight.html