කටට කෙල උනන, බත් වේලට ගැම්මක් දෙන මෝජු එකක් තමයි ඇඹරැල්ලා මෝජු කියන්නේ. මේ මෝජු එක ඔයත් හදලා රස බලන්න.
අවශ්‍ය දේ :
පැසුන ඇඹරැල්ලා ගෙඩි 5 ක්
අමුමිරිස් ග්‍රෑම් 50 ක්
මිරිස් කුඩු මේස හැඳි 3 ක්
හාල්මැස්සන් ග්‍රෑම් 50 ක්
ගම්මිරිස් කුඩු මේස හැඳි 2 ක්
මාළු මිරිස් කරල් 3 ක්
චට්නි මේස හැඳි 5 ක්
රතුළූණු ග්‍රෑම් 100 ක්
ලුණු අවශ්‍ය පරිදි
විනාකිරි මේස හැඳි 3 ක්
බැදගැනීමට අවශ්‍ය තරම් තෙල්
සාදන අන්දම :
01. ඇඹරැල්ලා පොතු හැර ගෙඩියක් කැබලි පහකට පමණ කපා ගැඹුරු තෙලේ බදින්න.
02. දැන් රතුළූණු, අමුමිරිස් යාන්තමින් බදින්න. හාල්මැස්සන් ගැඹුරු තෙලෙන් බදින්න.
03. දැන් වෙනම භාජනයකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, චට්නි හොඳින් කලවම් කරන්න.
04. දැන් බැදගත් ඇඹරැල්ලා, රතුලූණු සහ අමුමිරිස් එයට එක් කරන්න. දැන් මාලුමිරිස් කරල් කොටු කපා මේ මෝජුවටම එකතු කරන්න.