ශ්‍රී ලාංකික අපි කන්න ආස කෑමක් තමයි සැමන් හොදි. ඉතින් බලමු මේ රසවත් ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුළුවන් සැමන් හොද්ද හදන හැටි.
අවශ්‍ය ද්‍රව්‍ය :
ටින්මාළු ලොකු ටින් 1
තෙල් මේස හැඳි 3-4
සිහින්ව කපාගත් ලොකු ලූණු ගෙඩි 1
සිහින්ව කපාගත්/ තලාගත් සුදු ලූණු බික් 4-5
කරපිංචා ඉති 3
රම්පෙ කැබැල්ලක්
කුරුඳු පොතු කැබැල්ලක්
කපාගත් ලොකු තක්කාලි ගෙඩි 1
කපාගත් අමු මිරිස් කරල් 2
මිරිස් කුඩු තේ හැඳි 2
කහ කුඩු තේ හැඳි 1/2
ගම්මිරිස් තේ හැඳි 1/2
බැදපු තුනපහ කුඩු තේ හැඳි 1 - 1/2
පොල් කිරි කෝප්ප 2 (මිටි කිරි 1 + දිය කිරි 1)
රස අනුව ලුණු
සාදන ආකාරය :
01. සැමන් ටින් එක විවෘත කර එහි ඇති වතුර ටික ඉවත් කර මාළු ටික පසෙකින් තබා ගන්න.
02. මැටි වළඳක් හෝ නොන් ස්ටික් භාජනයක් ලිපතබා සාමාන්‍ය ගින්දරේ භාජනය යන්තමින් රත් වන විට එයට තෙල් ටික දමන්න.
03. තෙල් රත් වන විට එයට කුරුඳු, කරපින්චා, රම්පෙ ටික එකතු කරන්න. කරපින්චා කොල යන්තමින් පාට වෙනස් වෙන විට එයට ලූණු, සුදු ලූණු, අමු මිරිස්, තක්කාලි එකතු කර තක්කාලි සහ ලූණු පොඩ්ඩක් මැලවෙන තෙක් හැඳකින් එහා මෙහා පෙරලමින් පිස ගන්න.
04. දැන් එයට කහ, ගම්මිරිස්, තුනපහ සහ මිරිස් එකතු කර කලවම් කරන්න. එයට මාළු ටික එකතු කර මාළු නොකැඩන සේ යන්තමින් එහා මෙහා පෙරලන්න. ලුණු එකතු කරන්න.
05. දැන් එයට කිරි ටික එකතු කර පරිස්සමින් යන්තම් කලවම් කර අඩු ගින්දරේ ඉදෙන්න හරින්න.
06. හොද්දේ පාට වෙනස් වන විට එනම් විනාඩි 7-10 වගේ ඉදෙන්න හැර ලිපෙන් ඉවතට ගන්න.