ඔබ දිනපතා මෝර තෙල් ගැනීමෙන් ඔයාගේ ශරීරයට සිදුවන වෙනස්කම් කිහිපයක්

August 6, 2020
97,843
Changes in your body if you consume cod-liver oil daily
ශරීර සෞඛයට හිතකර තෙල් වර්ග වලින් අප නොසිතන ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්. ස්වභාවික මෝර තෙල් ඔයාගේ සමට, අස්ථිවලට, හදවතට වගේම ඔයාගේ වයසටත් පුදුම හිතෙන තරම් හොඳ ප්‍රතිඵල ලබාදෙන බව අමතක කරන්න බැහැ. අද හැඩකාරී මේ සටහන මෝර තෙල් භාවිතයට ගැනීමෙන් සෞඛ්‍යයට ලැබෙන හිතකර ප්‍රතිඑල රාශියක් ගැනයි.

01.ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරයි
වයසට යාමත් සමඟ කාන්තාවන්ගේ ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කිරීම සඳහා මෝර තෙල් ඉතාමත් ම ගුණදායක යි. විටමින් D වලින් ශරීරයේ ඇට මිදුළු ශක්තිමත් කරනවා. ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි අස්ථි සම්බන්ධ රෝග සඳහා පිළියම් කිරීම සඳහා ද බෙහෙවින් මෝර තෙල් උපකාරී වෙනවා. ක්‍රීඩා කරන පුද්ගලයන් සඳහා ද මෝර තෙල් භාවිතය යෝග්‍යයි.

02. දියවැඩියාව ඇති වීම පාලනය කරයි
මෝර තෙල් වල ඇති විටමින් A මගින් දියවැඩියාව බොහෝ සෙයින් පාලනය වෙනවා. ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරන්න omega 3 සංගටකය වැදගත් වෙනවා. මෝර තෙල් මගින් පළමු වර්ගයේ දියවැඩියාව ඇති වීමේ අවදානම අඩු කරනවා.

03.හෘදයාබාධ වැළඳීමේ අවදානම අවම කරයි
හෘදයාබාධ ඇති වීම අවම කිරීම සදහා මෝර තෙල්වල අඩංගු ඔමේගා 3 මේද අම්ලය උපකාරී වේ. එ වගේම, කොලෙස්ට්‍රරෝල් මට්ටම සමබරව පවත්වා ගැනීමට ද රුධිර පීඩනය අඩු කිරීමටද හැකියාව පවතී. එම නිසා, අනෙකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛයට ගුණදායකය.

04. ව්‍යායාමයකින් තොරව ඔයාගේ ශරීරයේ බර හා මහත අඩු කර ගැනීමට මෝර තෙල් උපයෝගි වෙනවා.

05. නිරෝගී පෙනුමක් ලබා දෙනවා
මෝර තෙල් සමට ධනාත්මක බලපෑමක් ඇති කරනවා. මෝරතෙල් වල අඩංගු ඔමේගා 3 ඔබේ සම වියපත් වීමෙන් ඈත් කරනවා විතරක් නෙවෙයි, ඔබව සෞඛ්‍ය සම්පන්න, නිරෝගී පුද්ගලයෙකු බවටත් පත් කරනවා. සමේ විනාශ වුනු සෛල වලට සම ඇතුලින්ම ප්‍රතිකාර කරනවා. වයසත් සමඟ අපිට ඇතිවෙන ලෙඩ රෝග රැසකට පිළියමක් ලෙස මෝර තෙල් භාවිතයට ගත හැකියි.

06. පියයුරු පිළිකා මර්දනය කරයි
මෝරතෙල් වල පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් තියනවා. කාන්තාවට අතිශයින්ම වැදගත් තෙල් වර්ගයක් ලෙස මෝරතෙල් නම් කරනන් පුළුවන්. තවද පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාව අඩු කර ගැනීම සඳහා මෝර තෙල් ගුණදායකයි. පියයුරු පිළිකා මර්දනය සඳහා දීර්ඝකාලීන ප්‍රතිකර්මයක් ලෙස ද මෝර තෙල් යෝග්‍යයි. පිළිකා සෛල නැති කිරීමේ හැකියාවක් මෝර තෙල් ඇති බව සොයාගෙන තියෙනවා.

07. අසාත්මිකතා සහ ශ්වසන රෝග අවම කරයි
වර්තමානයේ දරුවන්ට බහුලව ඇති වන රෝග තත්ත්වයන් තමයි අසාත්මිකතා සහ ශ්වසන රෝග කියන්නේ. ඔමේගා 3 වලට අමතරව  A, D සහ E යන විටමින් වලින් පිරිපුන් ස්වභාවික මෝර තෙල් කරල් අසාත්මිකතා, ඉදිමුම් වගේම ප්‍රදාහයන් වැනි තත්ත්වයන් මැඩ පැවැත්වීමට උපකාර වෙනවා . ඔමේගා 3 මේද අම්ලය ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වේගවත් කරන අතර, එහි අඩංගු විටමින් මගින් සෛල වර්ධනයට සහ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයට මනා දායකත්වයක් ලබා දෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Foods prevent breast cancer risk
   9,840
   50

පියයුරු පිළිකා අවදානම වළක්වා ගැනීමට උපකාරි වන ආහාර වර්ග

වර්ථමානය වන විට කාන්තාවන් අතර ඇති වඩාත් සුලබම රෝගී තත්ත්වය ලෙස පියයුරු පිළිකා අවධානම මේ ආහාර වර්ග වලින් අඩුකරනවා
How to manage your money
   8,027
   36

කොච්චර සල්ලි ලැබුනත් මදිද...?

පවුලක අය වැය නිසි පරිදි කළමනාකරණය කර ගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගෙවන්නේ කොහොමද...? මෙන්න මේ උපදෙස් ටික අත් හදා බලන්න
10 symptoms shows you are pregnant
   55,632
   30

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Sri Lankan Pickle (Sinhala Achcharu)
   51,085
   23

සිංහල අච්චාරු ඉතා පහසුවෙන් හදාගමු

අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න
How to reduce under arm sweating
   26,033
   22

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්

Latest Articles

Most Viwed