සිත නිවන ලෙස ඔයාගේ නිවස අලංකාර කර ගැනීමට උපදෙස්

September 23, 2020
11,361
Advice to keep your home beautiful
අපි සෑම කෙනෙක්ටම තමන්ගේම නිවෙස්දී ඉතා සුවපහසු බවක් දැනෙන්න ඕනේ. කාර්‍යබහුල දවස අවසානයේදී අපිට විවේකය ලබා ගන්න ගෙදර ගියාම එතන අපේ හිතට සැනසීමක් ගෙන දෙන තැනක් වීම වැදගත්. ඉතින් ඒ නිසා තමයි අපේ නිවස හොඳින් සරසලා ලස්සනට තියාගන්න ඕනේ. ඔබේ නිවස ලස්සනට තබා ගැනිමෙන් නිවසේ ජිවත් වන අයටත් හොඳ හැඟීමක් ඇති කරනවා. සුන්දර නිවසකට ඔයාගේ මනෝභාවයන් වැඩි දියුණු කිරීමට ද හැකියාව තියෙනවා. ඔයාගේ නිවස අලංකාර කිරීමේදී සෑම විටම මුලින්ම සැලසුම් කරන්න. අවසාන ප්‍රතිඵලය කෙසේ විය යුතු දැයි ඔයාගේ මනසෙහි සැලසුමක් සකස් කර ගන්න...

ඔයාගේ නිවස ලස්සන හා ආකර්ශනීය කිරීමට අවශ්‍යද? ඔයාගේ නිවස තුළ විශ්මයජනක පෙනුමක් ඇති කිරීම සඳහා වැදගත් වෙන උපදෙස් කිහිපයක් මෙන්න. මෙම සරල ටිප්ස් භාවිතා කරලා ඔයාගේ නිවසට සිත් ඇදගන්නා සුළු පෙනුමක් ඇති කර ගන්න පුලුවන්. 

වර්ණය තෝරා ගැනීම
බිත්ති සඳහා වර්ණ තෝරා ගැනීම ඔයාගේ නිවස අලංකාර කිරීමේදී ගන්නා වැදගත්ම තීරණවලින් එකක්. ඔයා තෝරා ගන්නා වර්ණය වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර එය ඔයාගේ මනෝභාවයන්ට සහ හැඟීම් වලට බලපානවා. ඔයාගේ නිවසේ බිත්තිය සඳහා වර්ණ තෝරාගැනීමේදී මෙම උපදෙස් මතකයේ තබා ගන්න. ඔයා කාමර වලට ආලෝකමත් වර්ණයක් භාවිතා කරන්න ඕනේ. පිටත බිත්ති වලට මධ්‍යස්ථ වර්ණයක් භාවිතා කරන්න. ඔයාට කාමරයක් ඉස්මතු කිරීමට අවශ්‍ය නම් අඳුරු වර්ණ භාවිතා කරන්න පුලුවන්.




විසිත්ත කාමරය අලංකාර කරන්නේ කෙසේද?
අමුත්තෙක් නිවසට ඇතුළු වුණාම ඔවුන්ගේ ඇස් ගැටෙන පළමු දර්ශනය විසිත්ත කාමරයි. විසිත්ත කාමරය නරඹන්නාට සතුටක් ඇති කරන සහ නූතන හැඟීමක් ඇති කරවන්න ඕනේ. ඒ වගේම විසිත්ත කාමරය නිවසේ අයිතිකරුවන්ගේ පෞරුෂත්වය පිළිබිඹු කරන අතර අමුත්තන් ඔබේ විසිත්ත කාමරයෙන් ඔබ ගැන තීරණය කරනවා.

ඔයාගේ රූපවාහිනිය විසිත්ත කාමරයේ තිබෙනවා නම් රූපවාහිනිය වටා හිඳ ගැනීමට ආසන සකසා තිබිය යුතුයි.

ඔයාගේ විසිත්ත කාමරයේ සෝෆා එකක් තිබෙනවා නම් ඒ අසල ගෘහ භාණ්ඩ කිහිපයක් තිබීම හොඳ අදහසක්. සෝෆා එකක් තෝරා ගැනීමේදී කාමරයේ ප්‍රමාණය ගැනද සලකා බලන්න.




පවුලේ ඡායාරූපය 
ඔයාගේ ආදරණීයයන්ගේ ඡායාරූපයක් කාමරයේ තබා ගන්න. ඔබගේ සම්පූර්ණ පවුලේ අයගේ සහ ආච්චිලා සීයලා ඇතුළු ඥාතීන්ගේ පින්තූරයක් රාමු කර එල්ලන්න. ඔයා ළඟින්ම මිතුරන් කණ්ඩායමක් සිටිනවා නම් ඒ සියල්ලන්ම එකට එකතු වෙලා ඉන්න ඡායාරූපයක් ද ළඟ තබා ගන්න පුලුවන්. ඔයා ඔයාගේ පවුලේ අය හෝ මිතුරන් සමඟ සංචාරය කර හෝ නිවාඩුවක් ගිහින් ඇත්නම් ඔයාට ඒවායේද ඡායාරූප ද එල්ලන්න පුලුවන්. ඔයා මේ පින්තූර දෙස බලන සෑම අවස්ථාවකම ආදරණීය මතකයන් ඔයා වෙත නැවත පැමිණ ඔයාව සතුටු කරයි.






මල් සහ පැල
මල් සහ පැල වලින් සෑම නිවසකටම දීප්තිමත් හා නැවුම් පෙනුමක් ලබා දෙනවා. කොළ පැහැය ඇස් වලට ප්‍රසන්න වන අතර සන්සුන් මනෝභාවයක් ලබා දෙයි. නිවස වටා හරිත පැල කිහිපයක් තබා නිවසට ආලෝකමත් පෙනුමක් ලබා දෙන්න. දැන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් හරිම ජනප්‍රියයි. අඩු නඩත්තුවකින් ඔබේ නිවස අලංකාර කරන්න මේ පැලෑටි භාවිතා කරන්න. අපේ "හිරුඑළිය නැතත් ලස්සනට හැදෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් 10ක්" සහ "ගෙදර ලිපෙන් පවා පිට වන විෂ වායු නසන, නිවෙස තුළ තබන පැල" යන ලිපි වලින් මේ ගැන දැනුමක් ගන්න පුලුවන්.





කෘතිම මල් වලින්දද අලංකාරයක් එක් කරගන්න පුලුවන්. ඔයාට සැබෑ මල් වගා කිරීමට ඉඩක් නොමැති නම්, නිවස වඩාත් අලංකාර කිරීම සඳහා වර්ණවත් හා කෘතිම මල් බඳුන් මිලදී ගන්න. ඒ වගේම දිනපතා ඒවා පිරිසිදුව තබා ගන්න.




බිත්ති සඳහා සිත්තම් කල පින්තූර එල්ලන්න
අලංකාර සිතුවමක් බිත්තියේ එල්ලීම ඔයාගේ නිවස අලංකාරවත් කිරීමට හොඳම ක්‍රමයක්. සොබාදහමේ සුන්දර දර්ශනයක් ද හොඳ අදහසක්. ඒ වගේම විදේශීය රටක දර්ශනයක සිතුවමක් බොහෝ විට ගෙදරට එන අයගේ පැසසුමට ලක් වෙනවා. ඔයා හොඳ කලාකරුවෙක් නම්, ඔයා පින්තාරු කළ හොඳම සිතුවම් බිත්තියේ එල්ලන්න. 




ඉටිපන්දම් සහ ඔයිල් බර්නර්ස් (Oil Burners)
නිවස වටා හොඳ සුවඳක් ගෙන දීම සඳහා සුවඳැති ඉටිපන්දම් හෝ Oil Burners ඔයාගේ නිවසේ තබන්න පුළුවන්. මේවා විවිධාකාර සුන්දර වර්ණවලින් සහ හැඩ වලින් පැමිණෙනවා. එසේම ඒවා දැල්වුවාම ඒවායින් ලැබෙන ආලෝකය නිවසට අලංකාරයක් එකතු කරනවා.








තිර රෙදි 
තිර රෙදි වලින් මුළු කාමරයක ම පෙනුම වෙනස් කර ගන්න පුළුවන්. තිර රෙදි යුගලයක් අනෙකුත් වර්ණ සමඟ හොඳින් මිශ්‍ර කරලා දැම්මාම නිවසට ධනාත්මක පෙනුමක් ගෙනත් දෙනවා. තිර රෙදි ඉතා මිල අධික නොවන අතර ඒවායින් ඔබේ නිවසට විශාල වෙනසක් ඇති කරන්න පුලුවන්.




පොළව ද තීරණය කරන්න
ගොඩක් අය බොහෝ විට සිතන්නේ බිත්ති සහ කාමරය අලංකාර කිරීම ගැන පමණයි. ඒත් නිවසේ බිම අලංකාර කිරීමඒ වගේම ඉතාමත් වැදගත්. ඔයාගේ නිවස අලංකාර කිරීමේදී, ඔබේ ඇස ප්‍රිය කරන අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන පොළව සකස් කරගන්න. මේ සඳහා ටයිල්, දැව, සිමෙන්ති වගේ විකල්ප ගොඩාක් ඔබට තියෙනවා.








Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1842 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:37 AM
Script:/article/1842/advice-to-keep-your-home-beautiful.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:17:38 AM
Script:/article/1842/advice-to-keep-your-home-beautiful.html