ලෙඩ දා ගන්නේ නැතුව ඇඟ බේරගෙන job එක කරන්නේ මෙන්න මෙහෙමයි

February 26, 2018
6,955
How to survive in a job
රැකියාව කරන තැන කියන්නේ අපි හරිම පරිස්සමෙන් වැඩ කටයුතු කරන්න ඕන තැනක්. මොකද වැඩ කරන තැන ප්‍රශ්න දා ගත්තොත් රැකියාව තිත්ත වෙනවා. ඒ නිසා මේ කියන වැරදි, අඩු පාඩු ඔයා අතින් වෙන්න ඉඩ දෙන්න එපා.

ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන විස්තර office එකේ අයත් එක්ක බෙදා හදා ගන්නවද?

මේක නම් ඔයා කරන ලොකු වැරද්දක්. ඔයා විවාහක කෙනෙක්නම් ගෙදර දොරේ සිද්ද වෙන හැම දෙයක්ම වැඩ කරන තැන ගිහින් කියවන්න එපා. ඒත් අපේ ගොඩක් දෙනෙක් කරන්නේ husband ගේ වැරදියි, දරුවන්ගේ ප්‍රශ්නයි, අනිත් හැම දෙයක්මයි හැමෝම එක්ක කියවන්න යනවා. එහෙම වෙද්දී කෝ ඔයාට කියලා පෞද්ගලිකත්වයක්.

ඒ වගේම මේ දේවල් ඔයාට ප්‍රශ්න ඇති කරන්න බලන් ඉන්න යට හොඳ ආරංචි. ඔයාගේ පවුල් ජිවිතේ අවුල් කරන්න ඔයා මේ කරන වැරැද්ද හේතු වෙන්න පුළුවන්. මේ කාරණාව විවාහක අයට විතරක් නෙවෙයි විවාහ වෙන්න හිතන් ඉන්න අයට වගේම ආදරේ කරන අයටත් අදාළයි.

අනුන්ගේ පෞද්ගලික දේවල් හොයන එකත් නවත්තන්න

කලින් කිව්ව දේ අනිත් පැත්ත තමයි මේ. ඔයාගේ පෞද්ගලික දේවල් අනිත් අය එක්ක කියවන්න එපා වගේම අනිත් අයගේ පෞද්ගලික දේවල් ගැන හොයන්න මහන්සි වෙන එකත් නවත්තන්න. කාන්තාවන්ට ඉතින් කරන්නම බැරි දේත් ඕකනේ. ඒත් ඔයා මේ වැරදි වැඩේ කරොත් ඒකෙන් හානි වෙන්නේ ඔයාගේ ප්‍රතිරූපයටමයි. ඔයාගේ චරිතය ගැන අනිත් අය අතර ඇති වෙන්නේ හොඳ ආකල්පයක් නෙවෙයි. අනිත් අයගේ පෞද්ගලික දේවල් ගැන ඔයා තුල යම් යම් අදහස් ඇති. ඒත් ඒවා ඔයා ගාවම තියා ගන්න. මොකද රාජකාරි කරද්දී ඔයා කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන අවබෝධයක් ඔයා තුල තිබිය යුතුයි. එහෙම නොව්නොත් ප්‍රශ්න වැඩියි.

අනිත් අයගේ දුර්වලතා හොයන්න යන්න එපා

අපි කසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ. අපි හැමෝම ළඟ අඩු පාඩු දුර්වලතා තියෙනවා. ඒ දේ තේරුම් අරගෙන කවදාවත් තවත් කෙනෙක්ගේ දුර්වලතාවයන් විවේචනය කරන්න, හෑල්ලු කරන්න යන්න එපා. මොකද ඔයා ළඟත් ඔයාට තවමත් හඳුනා ගන්න බැරි වුනු දුර්වලතා බොහොමයක් තියෙන්න පුළුවන්.

අනිත් එක ඔයා මේ කරන වැරැද්දෙන් අනිත් කෙනාගේ හිත රිදෙන්න, හිත් අමනාපකම් ඇති වෙන්න පුළුවන්. අනිත් අය අතරේ ඔයා අප්‍රිය කෙනෙක් වෙන්න වගේම හතුරන් ඇති කර ගන්නත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙම වෙද්දී රැකියා ස්ථානයේ නෙවෙයි කොතනත් හරි හැටි වැඩ ටික කර ගන්න බැරුව යනවා.

කේලාම්

රැකියා ස්ථානයේ වැඩි පුරම ප්‍රශ්න ඇති කරන්නේ මෙන්න මේ නරක පුරුද්ද තියෙන අය. තමන්ගේ ළඟින්ම ඉන්න කෙනාගේ දේවල් තවත් අය එක්ක කියනවා. එයාලගේ ප්‍රශ්න තව තැනක ගිහින් කියනවා. ඒ විදියටම තමයි ආයතනයේ ප්‍රධානියා ළඟට ගිහිල්ලත් කේලම් කියන්නේ. මෙහෙම වෙද්දී වැඩ කරන තැන අය අතරත් මත ගැටුම් ඇති වෙනවා. ඒ ප්‍රශ්න දුර දිග ගියොත් එතන රාජකාරි කරන්න බැරි තත්වයක් උදා වෙනවා. මේක නම් හරිම නරක පුරුද්දක්. එහෙම කරා කියලා මොනවද ඔයාට ලැබෙන්නේ. අනිත් අයගේ අප්‍රසාදය විතරයි. මේ වැරැද්ද ඔයත් කරනවා නම් එක තමයි ඔයා ළඟ තියෙන ලොකුම දුර්වලතාවය.

ඔයා වෙන job එකක් හොයනවද?

එහෙනම් ඒක කරන්න ඕන අඬබෙර ගහ ගහ නෙවෙයි. හේතුව මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මුලදීත් කිව්වා වගේ අපි වැඩ කරන්නේ විවිධාකාර මිනිස්සු එක්ක. ඒ අතරේ හොඳ අය වගේම කේලම්කාරයෝ, ඊර්සියාකාරයෝ ඕන තරම් ඉන්නවා. එහෙම අය එක්ක ඒ වගේ දේවල් බෙදා හදා ගන්න ගියොත් හොයා ගත්ත රස්සාවයි, තියෙන රස්සාවයි දෙකම නැති වෙන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 675 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:30 AM
Script:/article/675/how-to-survive-in-a-job.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:11:31 AM
Script:/article/675/how-to-survive-in-a-job.html