ඔබේ හිසකෙස් සෞඛ්‍යය සඳහා නොවරදින පිළියම් කීපයක්

April 8, 2020
8,633
Solutions for hair care
නීරෝගී, ශක්තිමත් හිසකෙස් කියන්නේ කාන්තා ඔබේ සුන්දරත්වය වෙනුවෙන් ලැබිලා තියන ලොකු සම්පතක්. හැබැයි සමහර අයට ඒ තත්ත්වය පවත්වාගෙන යන එක ගැටලුවක් වෙලා තියනවා. මොකද අපේ ජීවන රටාව එක්ක, පරිසර තත්ත්වයන් එක්ක හිසකෙස් වලට එල්ල වෙන තර්ජන ප්‍රමාණය වැඩියි. නමුත් ඔබ උත්සහ කළොත් ඔබ වෙතින් ගිලිහුණු සුන්දරත්වය නැවත සොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ උපදෙස් ටික අනුගමනය කරලා බලන්න.

පුළුල් දැති සහිත පනාව

මුලින්ම දැති අතර ලොකු හිඩැස් සහිත පුළුල් දැති පනාවක් පාවිච්චි කරන්න. මේක තමයි හිසකෙස් රැක ගන්න බොහෝ අයට සුදුසුම මෙවලම. පුළුල් දැති සහිත පනාවකින් ඔබ නාද්දී ෂැම්පූ සහ කන්ඩිෂනර් කරන අතරතුර ඔබේ කොණ්ඩය පුරා කන්ඩිෂනර් ඒකාකාරව පතුරවන්නත් උපකාර කරගන්න පුළුවන්. ඊට අමතරව හිසකෙස් අතර තිබෙන ගැට සුමටව ඉවත් කිරීමට ද ඒක උපකාර වෙනවා. විශේෂයෙන්ම ගැට ඉවත් කිරීමට හොඳම කාලය තමයි කන්ඩිෂනර් කරන වෙලාව. කන්ඩිෂනර් ආලේප කරලා පුළුල් දැති සහිත පනාවෙන් ඔබේ කොණ්ඩය මෘදු ලෙස පීරන්න.

වියළි කෙස් නොකැඩෙන විදිහට කොණ්ඩය කොටස් වශයෙන් අරන් කරන්න. කොණ්ඩය හයියෙන් අදින්න එපා.
ඔබේ කොණ්ඩය පීරන්න ගමනක් යනකල්ම ඉන්න එපා. හැම රාත්‍රියකම රූපවාහිනිය ඉදිරිපිට වාඩි වී ඉන්නකොට ඔබේ හිසකෙස් අර වගේ පනාවකින් මෘදු ලෙස පීරන්න. සෑම රාත්‍රියකම මේක කරන්න. එතකොට ඔබේ කොණ්ඩය ගැටගැසීම නැවතිලා කියලා ඔබට පෙනෙයි.

Leave-in conditioner

වියළි කෙස් පහසුවෙන් ගැටගැසීමට නැඹුරු වෙනවා. කොණ්ඩ ගස් කැඩෙන්නේකත් මේක හේතුවක්. සෑම විටකම කන්ඩිෂනර් බෝතලයක් භාවිතා කරන්න පටන් ගන්න එකෙන් කෙස් ගස් තෙතමනයකින් තියා ගන්න පුළුවන්. ඊළඟ වතාවේ ඔබේ කොණ්ඩය වියළි හෝ රළු කියලා ඔබට හිතුනොත් Leave-in conditioner ටිකක් අතට ගන්න. එය ඔබේ කොණ්ඩයට යොදන්න. ඊට පස්සේ ඔබේ පුළුල් දැති සහිත පනාව සමඟ පීරන්න. ඒකෙන් ඔබේ හිසකෙස් ක්ෂණිකව නැවුම් හා මොයිස්චරයිසින් කරවනවා. ඔබේ හිසකෙස් දිනපතා ඩ්‍රයර් කරනවා නම් හෝ රසායනික ප්‍රතිකාර කරනවා නම් මේ ප්‍රතිකාරය අත්‍යවශ්‍යයි. මොකද ඒ වගේ හිසකෙස් නිරන්තරයෙන් තෙතමනයට ආස කරනවා.

තෙල්

ඔලිව්, ආමන්ඩ් සහ පොල්තෙල් සියල්ලම හිසකෙස් සඳහා විශිෂ්ටම ප්‍රතිකාර වෙනවා. Leave-in conditioner සඳහා විකල්පයක් විදිහටත් ඔබට මේ තෙල් ආලේප කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට තෙල් ආලේපන ඔබේ කොණ්ඩය ඇලෙන සුළු කරන නිසා ආලේප කිරීමෙන් පස්සේ ඔබේ කොණ්ඩය හොඳින් හැඩගස්වා ගන්න බැහැ. ගැටගැසීම් වලදී තෙල් වලින් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා ඔබේ හිසකෙස් සෝදාගෙන තෙත මාත්තු කරපු ගමන් තෙල් බින්දු කිහිපයක් යොදන්න. Leave-in conditioner වගේ තෙල් පහසුවෙන් හිසකෙස් ඇතුලට කාවදින්නෙ නෑ. හැබැයි හොඳ ඔයිල් මසාජ් එකක් කොණ්ඩෙට දීලා හිසකෙස් ස්ටීම් කරන එක තරම් සත්කාරයක් තවත් නෑ. තෙල් ගෑමෙන් පස්සෙ ස්ටීම් කරන එකෙන් හිසකෙස් වලට තෙල් හොඳින් උරාගැනීමක් වෙනව. ඒකෙන් හිසකෙස් ශක්තිමත් වීමත්, ගැට ගැසීම වැළැක්වීමත්, හිසකෙස් හැලී යාම වැළකීමත් සිද්ධ වෙනව.  

බිත්තර හිසකෙස් සඳහා විශිෂ්ටයි 

නාන්න කලින් බිත්තර ගෑවම දුර්ගන්ධයක් ඇති වෙනවා තමයි. බිත්තර කහමදය අයිනේ තියෙන සුදු පාට ඝණ කොටස ඉවත් කර ගැනීමෙන් මේ ගඳ අඩු කරගන්න පුළුවන්. බිත්තර සත්කාරයේ ප්‍රතිඵල ක්ෂණිකයි. බිත්තර ඉක්මණින්ම ඔබේ හිසකෙස් ශක්තිමත් කරන අතර බිත්තර කහ මදය ඔබේ හිසකෙස් බබළවනවා. ඔලිව් තෙල් මේස හැඳි දෙකක් එක්ක බිත්තරයක් විප් කරලා ඔබේ කොණ්ඩයට ආලේප කරන්න. පැය භාගයකට පස්සේ සෝදා යවන්න. සෝදද්දී සීතල වතුරෙන් සෝදන්න වග බලා ගන්න. නැත්නම් බිත්තර කොටස් ඔබේ කොණ්ඩය අතර රැඳී තියෙයි. නැත්නම් ඉවත් කිරීමට අපහසු වෙනවා. කොණ්ඩයෙන් බිත්තර ගඳ ඉවත් කිරීම සඳහා සුවඳ ෂැම්පූ එකක් නාද්දී භාවිතා කරන්න. 

පස්සේ Leave-in conditioner කරන්න. මාසයක් වත් මේ ක්‍රමය කරලා බලන්න. ඔබේ හිසකෙස් වල තත්ත්වය වෙනස් වෙලා හිසකෙස් වැටීමේ ප්‍රමාණය අඩු වීම ගැන ඔබ පුදුමයට පත් වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1540 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:34 AM
Script:/article/1540/solutions-for-hair-care.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:55:35 AM
Script:/article/1540/solutions-for-hair-care.html