ඔබේ ජීවිතයෙන් මේ ධනාත්මකයි කියා ගන්නා විෂ සහිත පුද්ගලයින් 5 දෙනා ඈත් කරලා තියන්න

April 26, 2020
3,150
Keep away these positively toxic people
“එච්චර පොඩි ප්‍රශ්නයකට අඬන්න එපා.”
“එච්චර හයියෙන් හිනා වෙන්න එපා.”
"මහන්සි වෙලා වැඩ කරන්න."

අපි හැමෝම අපේ ජීවිතයේ යම් අවස්ථාවක මේවා අහලා තියනවා. කොහොම වුණත් සත්‍යය තමයි මෙම ප්‍රකාශයන්ට අපිට යහපතට වඩා හානියක් කරන්න පුළුවන්. ඔබේ හැඟීම්බර අත්දැකීම් ප්‍රතික්ෂේප කිරීමට, අවම කිරීමට සහ අවලංගු කිරීමට ඒවා හේතු වෙන්න පුළුවන්. අපි හැමෝටම අපිට ආදරය කරන සහ රැකබලා ගන්නා පුද්ගලයින්ගෙන් ඉන්නවා. නමුත් අපිට උදව් කරන අය සහ "විෂ සහිත ධනාත්මකතාවයෙන්" අපට හානි කරන අය හඳුනා ගැනීමට ඔබ උත්සහ කරන්න ඕනේ. විශේෂයෙන්ම තරුණියන්ට ඒ වගේ හැකියාවක් තියන එක වටිනවා. මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ ඒ ගැනයි...

අපේ අම්ම තාත්තා වෙන්න හදන අය

“එච්චර දුක් වෙන්න එපා, ඒක ඔයාට හොඳ නෑ” හෝ “ධනාත්මකව සිතන්න, ඔයාට සතුටක් දැනෙයි” මෙම උපදෙස් කවදාවත් ප්‍රයෝජනවත් වෙන්නේ නෑ. එහෙම ඔබේ හැඟීම් අවලංගු කිරීමෙන් ඔවුන් ඔබට හානි කරනවා. මොකද ඍණාත්මක හැඟීම් දැනෙන්න වුණත් ඔබට අවසර තියනවා. අප ජීවිතය අත්විඳිනකොට හැඟීම් සම්මිශ්‍රණය වීම සෞඛ්‍ය සම්පන්න දෙයක්. ඔබට යම් දුක හිතෙන දෙයක් සිදු වෙලා නම් තියෙන්නේ, ඒ ගැන ටික දුකක් දැනුණාට කමක් නෑ. ඔබට අවශ්‍ය වන්නේ එම හැඟීම් සෞඛ්‍ය සම්පන්නව සකසා ගැනීමයි. කවුරුහරි කියනවා නම්, “මේ සිදුවීම ඔයාට ක​ණගාටුවට කරුණක් කියලා දන්නවා, ඔයාට යම් කාලයක් අවශ්‍යද?” හෝ “ඔයාට කාලයක ඉඳන් මේ ඍණාත්මක බව දැනෙමින් තිබෙනවා කියලා පේනවා, ඒ වෙනුවෙන් මට යමක් කරන්න පුළුවන්ද?” කියලා ඒ හරහා ස්වයංක්‍රීයව ඔබේ හැඟිම් වලට වලංගු බවක් දැනෙන අතර විසඳුමක් හොයාගන්න ඔබට ඒ අය උපකාරී වෙයි.

සංසන්දනය කරන අය

“ඔයාගෙ යාලුවාට ඒක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන්” කියන එක වැරදියි. අපි අපේ ජීවිත ගෙවද්දී අපි හැමෝම එකිනෙකාගෙන් වෙනස් වෙනවා. මොකද අපි හැමෝටම අපගේම ශක්තීන් හා දුර්වලතා තියනවා. ඔබ ඔබටම කරගන්න පුළුවන් නරකම දෙය තමයි ඔබව අනිත් අය සමඟ සංසන්දනය කිරීම. කෙනෙක් එයාගේ විදිහට සාර්ථක වුණු පමණින් එයින් අදහස් වන්නේ නෑ ඔබ වෙනුවෙන් ද එය එකම ආකාරයකින් ඒ විදිහ ක්‍රියාත්මක වෙනවා කියලා. ගණිතයේදී දෙකයි දෙකයි එකතු කළාම හැම වෙලාවේම හතර වෙනවා තමයි. ඒත් අපේ ජීව්ත ඒ විදිහට ගණිතමය ආකාරයෙන් ස්වාභාවිකවම සකස් වෙන්නේ නෑ. අපි හැමෝටම අපේ කාලය අරන් අපේ මාර්ගයකින්ම සාර්ථක වෙන්න පුළුවන්.

විශ්වාස නොකරන්නන්

“කොහොමද ඔයාට මෙහෙම වුණේ? ඔයා ගොඩක් හොඳයි නේ! ” කියන අයත් ඔබට ඇති. ඔවුන් ඔබට සිදු වූ දෙයක් ගැන තව දුරටත් ඔබව කම්පනයට පත් කරවන අතර, ඔබේ අසාර්ථකත්වය මඟහරවන්න සමත් වෙන්නේ නැති අය ඔබ වටේ තියාගන්න එපා. ඔබට අවශ්‍ය වෙන්නේ, “මට තේරුණා ඒක ඔයට සිද්ධ වෙලා කියලා; ඒක අවාසනාවන්ත දෙයක්.” කියන අයයි. මේ දෙක අතර ඇති වෙනස තමයි පළමු අවස්ථාවේ දී ඔබ තවමත් කම්පනයෙන් හෝ දුකින් ඍණාත්මක තත්ත්වයක ඉද්දී ඔවුන්ගේ වචන වලින් නැවත නැවතත් ඔබව ඒ තත්ත්වයට හෙලනවා. දෙවැන්නෙන් කියවෙන්නේ ඔබේ තත්ත්වයට ඇත්තටම අනුකම්පා කරන සහ සැනසිලිදායක වචන ඉදිරිපත් කරන අය කියන එකයි .

දෛවයේ පෙම්වතුන්

"සැමදෙයක්ම සිදුවන්නේ හේතුවකටයි!". ඔබට අවාසනාවන්ත දෙයක් සිදු වෙලා ඇත්නම්, ඔබ ඇසිය යුතු අන්තිම දෙයත් ඒකයි. මොකද ඒකේ මූලික තේරුම වෙන්නේ “මේක ඔබට සිදු වුණාට කමක් නෑ. ඒක වුණේ කිසියම් හේතුවක් නිසායි.” මේක හැම වෙලාවේම ඇත්තක් නෙමෙයි. ඔබේ සගයෙක් ඔබට හිරිහැර කිරීම, ඔබ කළ සේවය පිළිබඳ ගෞරවය වෙනත් කෙනෙකුට ලබා දීම සාධාරණීකරණය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔබ ආදරය කරද්දී හිත් රිදවීමක් ඇති වුණොත් හෝ සම්බන්ධතාවය නැවතුණොත් “ඕක හැම කෙනාටම සිද්ධ වෙනවා. ඒක ජීවිතයේ කොටසක්” කියලා මිතුරන් කියලා ඇති. ඔව්, ඒක ජීවිතයේ කොටසක්. නමුත් ඒකෙන් අදහස් කෙරෙන්නේ නෑ ඔබේ සම්බන්ධතාවයේ අවසානය ගැන ඔබට දුක් වෙන්න ඕනේ නෑ කියලා. ඒ වෙනුවට “ඔයාගේ හිතට හොඳ හැඟීමක් ඇති කර ගන්න නම් කරන්න ඕනේ මොනාද? ඔයාට දැන් ඕනේ නිදහසේ ටිකක් නිදාගන්න ද නැත්නම් චිත්‍රපටයක් බලන්න යන්න ද? ” කියලා අහන මිතුරන් තමයි ඇත්තටම ඔබට ඕනේ. ඔබේ හැඟීම් නිරාකරණය කර ගැනීමට ඒක උදව්වක්. 

පොතේ ධර්මය කතා කරන අය

“ඔබට එය දරා ගන්න වෙනවා!”, “ජීවිතය දුෂ්කරයි. ඒ නිසා ඔබේ දේවල් කළමනාකරණය කරගන්න ඔබටම ඉගෙන ගන්න වෙනවා” වගේ කතාද ඔබ අහලා ඇති. ඔබේ ආදරණීයෙක් ගැටලුවක හිටපු කාලය ගැන නැවත සිතන්න. ඔබ ඒ ගැන එයා එක්ක කතා කරන්න පටන් ගත්තේ කොහොමද? ඔබ එයා වෙනුවෙන් ඕනෙම වෙලාවක ඉන්නවා කියලා කියලා කිව්වාද?

අපි අමාරු කාලයක ඉද්දී අපට බොහෝ විට අවශ්‍ය වෙන්නේ සැනසිලිදායක සහ දිරිගන්වන වචනයි. ඒ වෙලාවට කෙනෙක් අපිට උපදෙස් දෙනවා නම් ඒක කරන්න ඕනේ "අපිට ඒ වැඩේ කළමනාකරණය කරගන්න පුළුවන් සහ ඔවුන් ඒ සඳහා අපි එක්ක ඉන්නවා" කියලයි. අසීරු අවස්ථාවක දී පුද්ගලයෙකුට උපකාර කරන ප්‍රධාන දේ කරුණාවයි. ඔබ සිටින හෝ සිතන ඍණාත්මක අවකාශයෙන් පිටතට පැමිණිලා ඔබට ධනාත්මක හැඟීමක් ඇති කර ගැනීමට මඟ පෙන්වන කෙනෙක් තමයි ඔබට අවශ්‍ය වෙන්නෙ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 1568 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:01:42 PM
Script:/article/1568/keep-away-these-positively-toxic-people.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 5:01:43 PM
Script:/article/1568/keep-away-these-positively-toxic-people.html