ඔබේ විවාහය ආරක්ෂිත ද?

March 28, 2017
6,011
Differences Between Men and Women
ඇය මෙසේ තම දිනපොතේ සටහනක් තැබුවා.

අද ඔහුගේ හැසිරීම ටිකක් අමුතුයි. අපි දෙන්නාම කැමති රෙස්ටුරන්ට් එකක් තියෙනවා. කාලෙකින් එලියට යන්න බැරිවුනු නිසා, එතැනට ගිහින් රෑ කෑම ගන්නවා කියලා අපි කලින්ම කතා වුනා.

හැබැයි අද දවල් වරුවේ මම මගේ යාලුවෝ එක්ක ෂොපින් ගියා. දන්නෙම නැතුව වෙලා ගියා. මට එන්න පරක්කු වුනා. මම එද්දී ඔහු රෙස්ටෝරන්ට් එකට ඇවිත් හිටියේ. මගේ වරදින් නේ මම එන්න පරක්කු වුනේ. මගේ හිතට මොකක්ද වගේ. එයා මගෙත් එක්ක වැඩිය කතා කලේ නෑ. මොකක් හරි දෙයක් ගැන මට නොකියා ඉන්නවා කියලා මට තේරුනා. මට කියන්නේ නැති මොකක් හරි දෙයක් නිසා එයාගේ හිත කලබලෙන්. මුලින් මට හිතුනා මම එන්න පරක්කු වුනු නිසා තමයි ඔහු මේ විදිහට මූඩ් ගහලා ඉන්නේ කියලා. හැබැයි ටිකක් වෙලා යනකොට මට තේරුනා මම පරක්කු වුනු එක නෙමෙයි, ඔහුගේ අවුලට හේතුව වෙනම ලොකු කාරනාවක් කියලා. වැඩිය කට්ටිය නැති නිදහස් තැනක අපි දෙන්නා ගිහින් වාඩි වුනා.

අපි එහෙම නිහඬ තැනකට ගිහාම මම කෙලින්ම ඔහුගේ ඇස් දිහා බැලුවා. එහෙම බලාගෙනම මම ඔහුගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා. නමුත් ඔහු මගේ ප්‍රශ්නය මග හැරලා මට කිව්වේ කිසිම ප්‍රශ්නයක් නෑ කියලා විතරයි. මගේ අතින් මොකක් හරි වැරද්දක් වෙලාද මෙහෙම ඉන්නේ කියලා මම ඇහුවා. එතකොටත් ඔහු කිව්වේ මම කිසිම වැරදි දෙයක් කරලා නෑ. ඔහුට කිසිම ප්‍රශ්නයකුත් නෑ ඒක නිසා මට කරදර වෙන්න කිසිම දෙයකුත් නෑ කියලයි.

අපි කෑම කාලා එන අතරමග මම ඔහුට ආදරෙයි කියලා කිව්වා. ඒ වෙලාවෙදිත්, ඔහු හිනා වෙලා එකදිගට වාහනය පැදෙව්වා. එච්චරයි. මට මුකුත් කිව්වේ නෑ. එතනදි නම් මගේ හිත රිදුනු තරම් මට කියන්න තේරෙන්නේ නෑ. ඇයි මටත් ආදරෙයි කියලා ඔහු ඒ වෙලාවේම කිව්වේ නැත්තේ? එයා ඇයි මේ විදිහට හැසිරෙන්නේ? අපි පරිස්සමින් ගෙදර ආවා. හැබැයි මම හිටියේ මේ වෙන කිසිම දෙයක් හිතා ගන්න බැරුව.

එයා හැසිරුනේ නිකන් මම ගෙදර නෑ වගේ. වොෂ් එකක් දාගෙන ඇවිත් එයා තනියෙම TV බැලුවා. මම අපේ කාමරයට වෙලා හිටියා. විනාඩි 15කට විතර පස්සේ එයා ඇවිත් කෙලින්ම ඇඳට ආවා. මට මුකුත්ම කිව්වේ නෑ. ඇඳට වැටුනා විතරයි එයාට නින්ද ගියා. හැබැයි මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බැරුව මම කල්පනා කළා. ඇත්තටම එයාට මොකද වෙලා තියෙන්නේ? මට ඔහුව නැති වෙලා වත්ද? මගේ කසාද ජීවිතේම ඉවර වෙලා වගේ. මට ජීවිතෙන් ඇති වැඩකුත් නෑ දැන්නම්.

ඔහුගේ දින පොත

අද මට මගේ මොටර් බයිසිකලය ස්ටාර්ට් කට ගන්න බැරි වුනා. එන්ජින් එකේ මොකක්ම හරි ලොකු ප්‍රශ්නයක්. මම බැලුවට මොකක්ද අවුල කියලා මට තේරුනෙත් නෑ. ආපහු මැකැනික් ලඟට ගෙනියන්න වෙයි වගේ. කීයක් යයිද දන්නේ නෑ.

අපෙයි පිරිමින්ගෙයි වෙනස තේරෙනවා නේද? අපි අපේ වටේ වෙන හැම දේ ගැනම ලොකු අවධානයක් දෙනවා වගේම පුංචි පුංචි දේවල් ගැන උවමනාවට වඩා වද වෙලා හිත රිද්ද ගන්නවා.

පිරිමි හිතන විදිහ හරිම සැහැල්ලුයි. වෙලාවකට අපිටත් එහෙම හිතන්න පුළුවන් නම් ගොඩාක් ගැටළු අඩු කර ගන්න පුළුවන් නේද?

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 158 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:30:13 AM
Script:/article/158/differences-between-men-and-women.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:30:13 AM
Script:/article/158/differences-between-men-and-women.html